December 15, 2017

සාකච්ඡා අසාර්ථකයි - ඒකාබද්ධයේ පහක් මෛත්‍රීගේ සහයට ශ්‍රීලනිපයට

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සූදානමින් සිටින බව ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට කැමැත්ත පළ කර තිබේ. 

ඉදිරි මැතිවරණයේදී ශ්‍රීලනිපය හා එක්ව තරඟ කිරීම පිණිස සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුව ද ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් තුළ අවංක උත්සාහයක් නොතිබීම තමන් මෙම තිරණය ගැනීමට මුල් වු බව එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබේ.

එසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂට සම්බන්ධවීමට කැමැත්ත පළ කර ඇති මන්ත්‍රී කණ්ඩායමේ පසුගිය රාජ්‍ය පාලන සමයේ බරපතල වංචා දූෂණ වලට සම්බන්ධ වීම නිසා අධිකරණය හමුවට පමුණුවා අයද සිටින බව එම ආරංචි මාර්ග පැවසී ය.

ඉදිරියේ ගනු ලබන අධිකරණ ක්‍රීයාමාර්ග වලින් ගැලවීමට ඔවුන් දේශපාලන රැකවරණ ලබාගනු පිණිස මෙම පියවර ගන්නා බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(2 votes)
Last modified on Monday, 04 December 2017 09:14