December 15, 2017

එජාපය ජනපතිව අත්හැරිය බව නිල වශයෙන් කියයි

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මේ වන විට යම් කිසි මතභේදාත්මක තත්වයක් පවතින බව ඕනෑම කෙනෙකුට තේරී යන කාරණාවකි. එය වඩාත් ත්‍රීව වුයේ සුජීව සේනසිංහ රාජ්‍යය ඇමතිවරයා විසින් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී මාධ්‍යය සාකච්ජාවක් පවත්වා ජනාධිපතිවරයාව විවේචනය කිරීමත් සමගය.

මේ පිලිබදව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා අදහසක් පල කර නොමැති වුවත්, එක්සත් ජාතික පක්ෂයේ සමාජ ජාලා අංශ ප්‍රධානි මෙන්ම අගමැතිවරයාගේ අමාත්‍යංශ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වන තුෂාර වන්නිආරච්චි මහතා විසින් වෙබ් අඩවියකට පල කර ඇති අදහසක් මෙසේ උපුටා දක්වමු.

"එක්සත් ජාතික පක්ෂයෙන්ද ජනාධිපතිවරයා අත්හැර දමා ඇති අතර ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, තමන් බලයට ගෙනා එක්සත් ජාතික පක්ෂය සහ අනිකුත් බලවේගත් අමතක කොට මුදලාලි කෙනෙක්ගේ ග්‍රහණයට හසු වී ඇති බව එක්සත් ජාතික පාක්ෂිකයන්ට පෙනීයයි "

මෙයින් පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් ජනාධිපතිවරයාව එක්සත් ජාතික පක්ෂයෙන් අත්හැර දැමු බවයි. මන්දයත් මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ අගමැතිවරයාගේ අමාත්‍යංශ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු විසින් නිසාය.

මෙය එක්සත් ජාතික පක්ෂයේ නිල ප්‍රකාශයක් ලෙස බොහෝ දෙනෙකු පිළි අරගෙන ඇති අතර සැබවින්ම මෙය එක්සත් ජාතික පක්ෂයේ නිල ප්‍රකාශයක්ද නැද්ද යන වග එක්සත් ජාතික පක්ෂය පිළිතුරු සැපයිය යුතුය. එසේ නොවන්නට මෙය නිල ප්‍රකාශයක් බව සමස්ත මහජනයා පිළිගනු ඇත.

Rate this item
(17 votes)