December 15, 2017

යහපාලන ආණ්ඩුව රත්වෙයි: ජනපති මෛත්‍රීට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න එපා කියන්න - රනිල් මෝදිට කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර මේ වන විට උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව තරග කිරීමට මේ වන විට සාකච්ජා කිරීම් ආරම්භ කිරීම හේතුවෙනි.

විශේෂයෙන්ම බැදුම්කර ගනුදෙනුව පිළිබද ජනාධිපති කොමිසම මගින් කරන පරීක්ෂණ හේතුවෙන් මේ වන විට එක්සත් ජාතික පක්ෂයද කලබලයට පත්ව තිබෙන බවක් පෙනෙන්නට ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ සිටම ජනාධිපතිවරයාව විවේචනය කිරීමද දක්නට ලැබුනේ බැදුම්කර අවසන් පරීක්ෂණ වාර්තාව ජනාධිපතිවරයාට ලැබීමට සති 2ක් ඉතිරිව තිබියදී ය.

සුජීව සේනසිංහ ඇමැතිවරයා කල ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරු කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාගෙන් සමාව ගෙන ඇති අතර ඔවුන් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ එය සුජීව සේනසිංහගේ පෞද්ගලික මතයක් බවයි.

නමුත් එහිදී ජනාධිපතිවරයා අසා ඇත්තේ "එයාගේ පෞද්ගලික මතයක්නම් ඇයි එක සිරිකොත පක්ෂ මුලස්ථානයේදී කිව්වේ ?" යනුවෙනි.

දේශපාලන කරළිය තුල එසේ එජාපය සහ ශ්‍රීලනිපය අතර සම්මුතිවාදී ආණ්ඩුව තුල තිබෙන ගැටලුවක් පවතින මොහොතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි විගස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව හමුවී ඇති අතර අගමැතිවරයා එහිදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත්තේ කිසිවිටකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්නොවන ලෙසයි.

ඒ අතරම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු සංචාරය අතරතුරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සමග රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ බැදුම්කර ගනුදෙනුව පිළිබද වාර්තාව කෙසේ එකක් වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් නොවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දන්වන මෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට දන්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Rate this item
(0 votes)