August 17, 2018

ජනපති මෛත්‍රීට සහය දීමට ඒකාබද්ධය තීන්දු කරයි

මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට සම්බන්ධ පුද්ගලයින්ට දඩුවම් ලබාදීම වෙනුවෙන් ජනාධිපතිවරයාට කොන්දේසි විරහිතව සහය පල කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

බැදුම්කර සිද්ධිය යටගැසීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනිමේ සූදානමක් පවතින බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ(25) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

බැ දුම්කර කොමිසම පත් කළ ජනාධිපතිවරයාට එජාපයේ මැති ඇමැතිවරු දිගින් දිගටම විරුද්ධව ප්‍රහාරයක් එල්ල කළ බවද එනිසා ජනාධිපතිවරයා එක්ක ඒකාබද්ධ විපක්ෂය හිට ගන්නා බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 27 November 2017 10:25