December 15, 2017

දයාසිරි ඉල්ලා අස්වී ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි?

අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී ඔහු ගැන ස්වාධීන පරීක්ෂණයක් කර තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

බැදුම්කර කොමිසමෙන් කෝප් කමිටුවේ සාමාජිකයන් අර්ජුන ඇලෝසියස් සමග දුරකතන සබදතා පැවැත්වූ බවට තොරතුරු හෙළිවිමත් සමග සමාජයේ දැඩි කතාබහට ලක් විය.

සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා දුරකථන ඇමතුම් 63 ක්, අජිත් පි පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයා දුරකථන ඇමතුම් 2ක්, දයාසිරි ජයසේකර ඇමැතිවරයා දුරකථන ඇමතුම් 2 ක්, හර්ෂණ රාජකරුණා 23 ක් සහ අප්පුහාමි 23 ක් ලබාගෙන ඇතැයි තොරතුරු අනාවරණවී තිබිණි.

දයාසිරි ජයසේකර ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තමාට ඇලෝසියස් මහතාගෙන් දුරකථන ඇමතුම් ලැබුණු බවත් එහිදී ඔහු නිර්දෝෂි බව ප්‍රකාශ කර තමාගෙන් උදවු ඉල්ලා සිටි බවත්ය.

එය තමන්ට කල නොහැකි බව ප්‍රකාශ කල සිටි බවත් එමෙන්ම ඔහුගේ දුරකථන සංවාද සභාවට ඉදිරිපත් කරන ලෙසත්, එය එසේ කරනවානම් තමාගේ විරුද්ධත්වක් නොමැති බවත් දයාසිරි ජයසේකර ඇමතිවරයා ප්‍රකාශ කළේය.

සුජීව සේනසිංහ අමාත්‍යවරයා හෝ සෙසු අමාත්‍යවරු හෝ කිසිම මන්ත්‍රීවරයෙක් එයට එකගවී නැත. ඔවුන් එහිදී දැඩිව කියා සිටියේ මෙය බරපතල කතාවක් බවත් මන්ත්‍රීවරුන්ගේ වරප්ප්‍රසාද කඩවී ඇති බවත්ය.

Rate this item
(0 votes)