April 20, 2024
Main

Main (651)

කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසරයක් ලබා දී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කිරීම පිළිබඳ පවතින තීරණයේ වෙනසක් නොමැති බව ද පැවසු 
වෛද්‍යවරයා, සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ වැරදි මතයක් ප්‍රචාරය කරමින් සිටින බව ද පැවසිය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

“අපි කොහෙවත් භූමදානයට අවසර දීලා නෑ. කොවිඩ්  - 19 පොසිටිව් මරණයක් නම් එය අනිවාර්යයෙන් ම ආදාහනය කළ යුතුයි. ඒ ස්ථීර තීරණය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් ඉන්නේ. අපි මේ පිළිබඳව විශේෂ කමිටුවක් පත්කරලා තමයි මේ තීරණයට ගිය මාර්තු මාසයේ පැමිණියේ. අපි මේ පිළිබඳ වෛරස් විශේඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කරලා තියෙනවා. ඒකේ වාර්තාව ලැබෙනකල් අපි බලන් ඉන්නවා. එතකොට මේ පිළිබඳ නැවත වරක් සාකච්ඡාවක් තියලා අපි මේ තීරණයේ වෙනසක් තියෙනවා නම්, අපි මහජනතාවට දැනුම් දෙනවා. එතකල් අපේ තීරණය සියලුම කොවිඩ් - 19 ආසාදිත වු මරණ ආදාහනය කළ යුතුයි. එය හැකි ඉක්මනින් ආදාහනය කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් ඒ තීරණයේ කිසිදු වෙනසක් නෑ.“

මේ වනවිට කොරෝනා අධි අවධානම් කළාප 47ක් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය මගින් හෙළිකර තිබේ.

කොළඹ මහනගර සභා බලප්‍රදේශය සහ ඊට අමතරව එම දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ 19ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 15ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 12ක් මේ අතර පවතී.

එම දිස්ත්‍රික්කවල අධි අවධානම් කළාප විසිරී ඇති ආකාරය මෙසේය. කොළඹ දිස්ත්‍රික්කයේ මහනගර සභා බලප්‍රදේශය, බත්තරමුල්ල, බොරලැස්ගමුව, දෙහිවල, එගොඩ උයන, ගොතටුය, හංවැල්ල, හෝමාගම, කඩුවෙල, කහතුඩුව, කැස්බෑව, පාදුක්ක, පිළියන්දල, කෝට්ටේ සහ රත්මලාන නම් කර තිබේ. නමුත් මේ වනවිට අවිස්සාවේල්ල පොලිස් වසම හුදකලා කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, දොම්පෙ, ගම්පහ, ජා-ඇල, කටාන, කැළනිය, මහර, මිණුවන්ගොඩ, මීරිගම, මීගමුව, රාගම හා වත්තල යන ප්‍රදේශ නම් කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයට අදාලව එම අධි අවදානම් කලාප මොනවාදැයි නම් කර නැත.

මීට වසර 16කට පෙර 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26වන දින සිදුවූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගොස් 5000ක පමණ පිරිසක් අතුරුදන් විය.

2004 වසරේ දෙසැම්බර් මස 26වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් 26වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කරනු ලැබීය.

ඒ අනුව මෙවර ජාතික සුරක්ෂිතතා දිනය අදට (26) යෙදී තිබේ.

අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් සුරකින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි.

ජාතික සුරක්ෂිතතා දිනය මෙවර සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නීති රීති අනුගමනය කරමින් සැමරීමට කටයුතු යොදාඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් අද දිනය පුරා සර්ව ආගමික වැඩසටහන් සිදුකිරීමට නියමිත බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

පාස්කු ප‍්‍රහාරයේ නීතිය හා අනාරක්ෂිත බව පහකොට සැකයෙන් බියෙන් තොරව ආගමික කටයුතුවල නිරතවීමට සියලූ දෙනාටම අවස්ථාව සපයා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නත්තල් දින පණිවිඩය මගින් කියා සිටී.
 
 එසේම එම වින්දිතයන්ටද යුක්තිය ඉටු කිරීමද එලෙසින්ම සිදු කරන බව කියා සිටින ජනාධිපතිවරයා සිය නත්තල් පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
 
 ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයකි. එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප‍්‍රදර්ශනය කළ සාමය, පේ‍්‍රමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බඳු, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරයි. සමාජයීය වශයෙන් ගත්කළ නත්තල කිතනු පවුල් එකට එකතුවෙන, තෑගි බෝග හුවමාරු කරගන්නා, නොමනාපකම් අමතක කොට බැඳීම් අලූත් කරගන්නා ප‍්‍රමෝදජනක අවස්ථාවක්ද වන්නේය.
 
 ජේසුස් වහන්සේ දෙසූ ධර්මය සමාජ චිරස්ථිතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් ගැබ්කොට ගනී. පාපයේ අන්ධකාරය දුරුකොට, නොසලකා හරිනු ලැබූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප‍්‍රමුඛ වේ. කොවිඞ් - 19 වසංගතය හමුවේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට මේ දහම උපයෝගි කොට ගත හැකිය.
 
මෙරට කිතුනු ජනතාව නත්තල සමරනුයේ මින් වසරකට මඳක් වැඩි කලකට පෙර පාස්කු ඉරිදාවක සිදුකළ කුරිරු ප‍්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත්දරාගෙන බව අප අමතක නොකළ යුතුය. එසේ වුවද එදා ජනිත කළ භීතිය හා අනාරක්ෂිත බව පිළිබඳ හැඟීම පහකොට සැකයෙන් බියෙන් තොරව ආගමික වතාවත්හි නිරතවීමට සියලූ දෙනාට අවස්ථාව සැලසීමට අපට හැකිවී තිබේ. වින්දිතනයන්ට යුක්තිය ඉටුකිරීම ද එලෙසින්ම සිදුවනු ඇත.
 
 ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේ දේශනා කළ සාමයේ හා පේ‍්‍රමයේ ශුභාරංචිය ලොව පැතිරේවා! ශ‍්‍රී ලංකාවාසී සියලූ කිතුනු ජනයාට ප‍්‍රීතිමත් සුබ නත්තලක් වේවා! යි ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමි

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල “සියලු පාසල්වල ප්‍රාථමික අංශය“ හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි.

අද (21)  කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අපේ අදහස බස්නාහිර පළාතේ පාසල් විවෘත නොකළ යුතුයි කියන එකයි. කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පාසල් වහාම විවෘත කළ හැකි තත්ත්වයක් නෑ. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශවල හුදකලා කර තිබෙන පොලිස් වසම් තුළ පිහිටා තිබෙන පාසල් දැනට විවෘත කිරීම යෝග්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස අපි දකින්නේ නෑ. මේ තත්ත්වය දවස් 10කට වරක් සමාලෝචනය කරලා. සෞඛ්‍ය තත්ත්වය අනුව හැකිතාක් ඉක්මනින් ඒ ප්‍රදේශවල පිහිටා තිබෙන පාසලුත් විවෘත කිරීමට අපි දැඩි උත්සහයක් ගන්නවා. මේ වසරේ නොවැම්බර් 23 වන දා සෙසු ප්‍රදේශවල පාසල් වන 6 - 11 ශ්‍රේණි අපි විවෘත කළා. ඒ පාසල්වල ප්‍රාථමික පන්ති ඒ කියන්නේ 1 - 5 දක්වා 2021 ජනවාරි 11 වන දා විවෘත කිරීම තීරණය කළා. බස්නාහිර පළාත හා හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල පෙර පාසල් ද ජනවාරි 11 විවෘත කෙරේ. “

නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් සෑම පවුලකටම සහන පොළියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබේ.

ණය සම්පාදනය කාණ්ඩ 03ක් යටතේ සිදු කෙරෙන අතර මසකට රුපියල් 50,000ට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීනට රුපියල් 50,000ක ණයක් ගැනීමට
හැකියාව පවතී.

මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000 සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000ක ණය ලබාදීමට නියමිතය.

මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000ට අඩු නම් ණය මුදල රුපියල් 10,000කි.

ණය ලබාදෙනු ලබන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

පරිපූරක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමති රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම සේවකයන් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුයි.

ආයතන ප්‍රධානියා තම සේවකයන්ගේ සහතික කළ නාම ලේඛනය සේවා ස්ථානය අසළ රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එම බැංකු ශාඛාව විසින් සේවකයන්ගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර කරනු ඇති.

ණය මුදල මාස 10ක් ඇතුළත ගෙවා නිම කළ යුතු අතර අය කෙරෙන මාසික පොලිය සියයට 0.625ක්.

2021 ජනවාරි සිට ඔක්තෝබර් 31 දක්වා කාලය ඇතුළත සේවකයාගේ වැටුපෙන් ණය මුදල අය කර ගැනීමටයි සැලසුම් කර ඇත.

රජයේ විශ්‍රාමලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට ණය සම්පාදනය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ සමෘද්ධි බැංකුවට පවරා තිබේ.

ත්‍රීරෝද රථ, පාසල් වෑන්, බස් රථ හිමියන්ට සහ පෞද්ගලික බස් රථ සේවකයන් වැනි අයට සිය බැංකු ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කොට සහන ණය මුදල ඉල්ලුම් කිරීමට හැකියි.

මෙම කාණ්ඩයට අයත් නොවන එහෙත් රාජ්‍ය බැංකුවල ගිණුම් ඇති දෛනික රැකියාවන්හි නිරතවූවනට ද සිය බැංකුවෙන් මූල්‍ය පහසුකම් ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

කොවිඩ් 19 අභියෝගය හමුවේ අඩාල වූ ආර්ථිකය සහ ජන ජීවිතය මුළුමනින්ම යථා තත්ත්වයට පත් කර 2020දී අහිමි වූ ප්‍රගතිය ද සමගින් 2021 වසරේ රට ඉදිරියට ගෙන යාම රජයේ අරමුණයි.

වසංගත සමයේ මාස 02ක පමණ සංචරණ සීමා කාලය තුළ අපනයන, සංචාරක, ඉදිකිරීම් සහ වෙනත් නිෂ්පාදන හා සේවා කෙමෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට වැඩ කරන ජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව මහත් කැපකිරීම් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙයි.

සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස් සහ රාජ්‍ය සේවා වෙතින් ඒ සඳහා ඉමහත් සහයක් ලැබුණු අතර ඒ හේතුවෙන් 2020 වසරේදී කෘෂිකාර්මික, නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුනර්ජීවනයකට පිවිසීමට හැකි වී තිබේ.

නාගරික ජන ජීවිතයේ පැවැත්මට අවශ්‍ය ආහාර සැපයුම ඉන් තහවුරු කෙරුණු අතර එසේ දායක වූ ජනතාවට පිරිනැමෙන දිරි ගැන්වීමක් ලෙස උත්සව සමයේ පරිපූරක මූල්‍ය පහසුකම් සැලසුම් කරනු ලැබූ බව අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

කොවිඩ් 19 සඳහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලයෙහි සංසරණය වන දේශීය ඖෂධ අත්හදා බැලීම නොකරන ලෙසට දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සංවර්ධන සෞඛ්‍ය රාජ අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය අමාත්‍යංශයේ ලේකම් කුමාරී වීරසේි වීරසේකර මහත්මිය සඳහන් කරන්නේ නොසැලකිලිමත්ව එම ඖෂධය භාවිතය තුළින් ශරීරයට අහිතකර සංයෝගයන් ඇතිවිය ඇතිවිය හැකි බවය.

ඒ හේතුවෙන් පාරම්පරිකව භාවිත කරනු ලබන අත් බෙහෙත් වැනි දේවල් හැරුණු කොට හැරුණු කොට අනෙකුත් ආගන්තුක වට්ටෝරු භාවිතා කිරීමෙන් වළකින ලෙස ඒ මහත්මිය දන්වා සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ශ්‍රී ලංකාවේ කොරෝනා අධි අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳ නවතම සිතියම ඊයේ (13) රාත්‍රියේ නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අංශවල වෛද්‍ය නිලධාරීන් වර්ගීකරණය කිරීම, වාර්තා වූ සිද්ධීන් ගණන සහ නිරෝධායන මධ්‍යස්ථාන බෙදා හැරීම මත පදනම්ව මෙම සිතියම නිකුත් කර තිබේ.

දෙසැම්බර් 07 වනදා සිට අවසන් දින 14 පදනම්ව පහත සිතියම සකසා තිබේ.

ලෝකයේ සාර්ථකම කොරෝනා එන්නත ලෙස හැඳින්වූ ෆයිසර් / බයෝ එන්ටෙක් මුල්ම වරට ජනතාවට ලබා දුන් රට ලෙස පෙරේදා (08) දිනයේදී බ්‍රිතාන්‍ය පත්විය.

නමුත් දැන් බ්‍රිතාන්‍යය විසින්ම එම එන්නත පිළිබඳව අනතුරු ඇඟවීමක් සිද්ධ කොට තිබේ.

එක්සත් රාජධානියේ ඖෂධ සහ සෞඛ්‍ය නියාමක අංශය විසින් මෙම අනතුරු ඇඟවීම කරමින් පවසා තිබුණේ තමන්ට සැලැකිලි යුතු ආසාත්මිකතාවයන් (ඇලජික්) පවතිනවා නම් මෙම එන්නත තෝරා නොගන්නා ලෙසයි.

එරට ජාතික සෞඛ්‍ය සේවයේ හෙදියන් දෙදෙනෙකුට මෙම එන්නත ලබා ගැනීමෙන් අනතුරුව  ආසාත්මිකතාවයන් මතුව ඇති බවද එම අංශය අවධාරණය කර තිබේ.

එරට ජාතික සෞඛ්‍ය සේවය අධ්‍යක්ෂක මහාචාර්ය ස්ටීවන් පවිස් ඊයේ (09) දිනයේදී ප්‍රකාශ කර තිබුණේ එරට ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය විසින් සැලැකිලි යුතු ආසාත්මිකතාවයන් ඇති පුද්ගලයින්ට හට ෆයිසර් කොරෝනා එන්නත ලබා නොදෙන ලෙස පවසා ඇති බවයි.

මෙම ආසාත්මිකතාවයන් ඇති වූ පුද්ගලයින් දෙදෙනාගේ තත්ත්වය දැන් සාමාන්‍ය තත්ත්වයේ ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වසරේදීම බ්‍රිතාන්‍ය විසින් නිෂ්පාදනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නතට මේ වසරේ දීම අනුමැතිය ලැබිය හැකි බවද එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසා සිටියි.

දූෂණයට එරෙහිව වඩාත් හොදින් සටන් වැදීමට රටකට හැකි වනුයේ මේ සාපරාධී චර්යාවට එරෙහිවීමට එහි වැසියන් හට වුවමනාවක් සහ නැඹුරුවක් ඇති වූ විටක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද දිනට හෙදී ඇති අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.

ජනාධිපතිතුමාගේ පණිවිඩය පහතින්,