April 25, 2024
Main

Main (651)

මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවට ඇති එකම විකල්පය ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීම පමණක් බව උතුරු - නැගෙනගිර පළාත් සභාවේ මුල්ම හා හිටපු ප්‍රධාන අමාත්‍ය වරධරාජා පෙරුමාල් මහතා 4 දා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ වවුනියාවේදී දෙමළ සංවිධාන කීපයක පිරිස් හමු වී කළ සාකච්ඡාවකදී හා අනතුරුව පැවති මාධ්‍ය හමුවකදීය.

මෙසේ ප්‍රකාශ කිරීමට හේතුව කුමක්දැයි විමසූ විට ඔහු කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය විසින් ඉල්ලා සිටින ඉල්ලීම් කවර රජයකාට්වත් ලබා දිය නොහැකි බවයි.

මේ බව දෙමළ ජාතික සන්ධානයද දන්නා නමුත් ඔවුන් දෙමළ ජනතාව රවටවමින්  මැතිවරණ වලදී ඡන්දය ලබා ගන්නා බවද  සදහන් කළේය.

කවරදාක හෝ දෙමළ ජනතාව වෙණුවෙන් ඉටු නොවන  බලාපොරොත්තු පසුපස යාමෙන් දෙමළ ජාතික සන්ධානයට හෝ දෙමළ ජනතාවට කිසිදු දෙයක් නොලැබෙන බව තේරුම් ගෙන දෙමළ ජනතාවවට කිසිවක් නොලැබුණු පිරිසකට තවත් සහය ලබා නොදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබා දීම හොදම විකල්පය බවද ඔහු මේ සාකච්ඡා වලදී පැවසීය.

(දිනසේන රතුගමගේ)

ජාතික මැතිවරණයකදී මුස්ලිම් ජනතාවගෙන් බහුතරය විශ්වාසය තබන්නේ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව හා එජාප නායකත්වය පිළිබඳව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසයි. 

ජාති භේදයකින් තොරව, ආගම් භේදයකින් තොරව වැදගත්ම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව මුස්ලිම් බහුතරයකගේ විශ්වාසය බවයි ෆවුසි මහතා වැඩිදුරටත් පවසයි.

ඒ අනුව ඉදිරි මැතිවරණවලදී ද මුස්ලිම් ජාතිකයන්ගෙන් අතිශය බහුතරය එක්සත් ජාතික පක්ෂය සමග සිටින බවට කිසිදු සැකයන් නොමැති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ.එච්.එම්. ෆවුසි මහතා මේ වන විට ආණ්ඩු පක්ෂයට සහාය පළ කරමින් සිටීයි.

සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැනට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට හිමි නොවුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ යැයි එ.ජ.නි.ස මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පුවත්පතකට පවසා ඇත.

සාලින්ද දිසානායක මහතා මිය ගිය පසු ඒ බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරිවරයාට දැනුම් දෙන අවස්ථාව වන විට ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස් වී සිටීම ඔහු ඊට හේතුව හැටියට දැක්වීය.

එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා ඉතුත් අගෝස්තු 5 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ අභාවයෙන් මාසයක කාලයක් ඉක්ම ගොස් ඇතත් අදාළ පුරප්පාඩුව පිරවීමට තවමත් හැකි වී නැත.

සාලින්ද දිසානායක මහතාගෙන් පසුව කුරුණෑගල එ.ජ.සි.නි.ස ලැයිස්තුවේ ඊළඟට වැඩි ඡන්ද ලබාගෙන සිටියේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන ශාන්ත බණ්ඩාර මහතාය. ශාන්ත බණ්ඩාර මහතා සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා මිය යනවිට පත්කළ මන්ත්‍රීවරයකු වශයෙන් පත්ව සිටි හෙයින් ඒ පුරප්පාඩුවට සුදුසුකම් ලැබුවේ ශාන්ත බණ්ඩාරගෙන් පසුව ඊළඟට වැඩිම ඡන්ද ලබාගෙන සිටි වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී.බී හේරත් මහතාය. 

ශාන්ත බණ්ඩාර මහතා ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වීමට අවශ්‍ය බව කියමින් අගෝස්තු 07 වැනිදා පත්කළ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

 

නායකයින් අතර කුමන අදහස් පැවතියත් ජනතා හිතවාදී අපේක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

නායකයින්ට විවිධ අදහස් පැවතිය හැකි නමුත් ජනතාවගේ පැත්තෙන් සිතා බලා අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගත යුතු බවත් ඒ මහතා පවසයි.

ගම් බිම්වල බොහෝ පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයක් අපේක්ෂා කරන බවත් එම ඉල්ලීම ඉටු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අජිත් පී පෙරේරලා සූදානම් වන්නේ ගෝඨාභය රාජපක්ෂ පරාජය කරන්න ද නැත්නම් එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්න ද යන්න ප්‍රශ්නයක් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

රටේ ජනතාවට අවශ්‍ය වන්නේ ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීම බව දැන ගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මේ අතර එජාප අපේක්ෂකයා නම් කිරීමට හදිසියක් නැති අතර එය හොඳට කල්පනා කර කළ යුත්තක් බව සේනාරත්න මහතා පැවසුවේය. 

අවසාන වශයෙන් එක් නායකයෙක් වටා සන්ධානය ජනාධිපතිවරණ සටනට එළඹෙන බව  හෙතෙම අවධාරණය කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් තමාව හදිසියේ ම අග‍්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා ඇති බව පවසමින් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඇඹිලිපිටිය, සංඛපාල රජමහා විහාරසථානයේ පැවති උත්සවයක් අතරතුර කොළඹ බලා පිටත්විය.

ඇඹිලිපිටිය ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ රුපියල් ලක්‍ෂ හතළිහක වියදමින් ඉදිකළ තනිමහල් දහම් පාසල් ගොඩනැගිල්ල ඊයේ (29) සවස සජිත් පේ‍්‍රමදාස මහතා අතින් විවෘත කෙරිණි.

රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන මහතා උත්සවය සංවිධානය කර තිබූ අතර එදින සවස 04.00ට ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතව තිබුණි නමුත් සජිත් පේ‍්‍රමදාස මහතා එහි පැමිණෙන විට සවස 05.00 පමණ විය.

ශ‍්‍රී සංඛපාල විහාරස්ථානයේ භාරකාර කොකාවල කෝසල හිමි ඇතුළු මහා සංඝරත්නය , සිරිපාල කිරිඇල්ල, පී.අබේනායක, බී.ආරියවංශ යන හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරු සහ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ඇඹිලිපිටිය නගර සභාව සහ ප‍්‍රාදේශීය සභාවේ සභිකයන් ඇතුළු පාක්‍ෂිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් පසුව පැවැති ජන හමුවේදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවැසීය.

‘‘මට දැන් අගමැතිතුමා හදිසි කැඳවීමක් කරලා තියනවා. අග‍්‍රාමාත්‍ය කාර්යාලයට එන්න කියලා . ඒ නිසා උත්සවයේ න්‍යාය පත‍්‍රය හදිසියේ වෙනස් කරලා මගේ කතාව මුලට දාගන්න සිදුවුණා. න්‍යාය පත‍්‍රය වෙනස් කළාට මට හැම දෙනාම සමාවෙන්න යැයි’’ පවසා විනාඩි පහළොවක පමණ කතාවක් කර සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා හමුවීමට කොළඹ බලා පිටත්ව ගියේය.

ඉදිරි සති එකහමාරක කාලය තුළ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීන්දු කරන බව අමාත්‍ය සුජිව සේනසිංහ මහතා පවසයි.

ඊයේ (28) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිවසට රැස්වුණි. 

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

සාකච්ඡාවෙන් අනතුරුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයක් ද එම මැති ඇමතිවරුන් සඳහා ලබාදී තිබේ.

එක කකුලක් එජාපයේ සහ අනෙක් කකුල තවත් පක්ෂයක තබා සිටින අයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න තියෙන ඉඩ කඩ අවසන් වෙමින් යන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හා අනෙක් පක්ෂවල සාමාජිකත්වය ගනු ලැබු අයට එරෙහිව යම් තීන්දුවක් ගන්නේ නැත්තේ ඇයි යනුවෙන් යෝජනාවක් පැමිණි බවත් ජයසේකර මහතා පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

ප්‍රශ්නය-
සන්ධානගත වීම ගැන ධනාත්මක තත්ත්වයක් තියෙනවා කියනවානේ.දැන් මොකක්ද ජනාධිපතිවරයාගේ භූමිකාව සන්ධානය තුළ?

අනාගතයේ කතා කළ හැකි කාරණාවක් වන බවත් පැවසු මන්ත්‍රීවරයා “ජනාධිපතිවරයා නිරන්තරයෙන් කියන කරුණක් වන්නේ එතුමා ගැන සිතා පක්ෂයේ තීරණ ගන්න එපා “ යනුවෙන් ද මන්ත්‍රී පැවසීය. 

“මට මොකද වෙන්නේ කියලා කතා කරන්න එපා කියනවා.අපි අහද්දිත් එතුමා කතා කරලා නැහැ“ යනුවෙන්ද ජයසේකර මහතා මෙහිදී පවසා සිටියේය.

ප්‍රශ්නය- ඔබතුමාලා යෝජනා කරනවාද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගන්න කියලා?

දැනට ජනාධිපතිවරයා පක්ෂයක සාමාජිකයෙක් නොවීම ගැන සතුටු වන බවත් පැවසු ජයසේකර මහතා, ඔහු ජාතික නායකයෙක්  බවත් පැවසීය.

ඔහු ප්‍රතිපත්ති මත රට කරන්න හිතන නායකයෙක් බවත් පැවසු මන්ත්‍රීවරයා, එතුමා කැමති නම් පක්ෂ සාමාජිකත්වය දෙන්න පුළුවන් යනුවෙන් කියා සිටියේය.

ප්‍රශ්නය-  පොහොට්ටුව තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා නම් කරලා ඉවරයි. ඔබතුමන්ලාට තීරණය කරන්න වෙනවා, ජනතාවට කියන්න වෙනවා  ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඒ සඳහා සුදුසුකම් තියෙනවා ද කියලා ඔබතුමාලා පිළිගන්නවාද නැද්ද කියලා ?

ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින බවත් පැවසු ජයසේකර මහතා, කුමාර වෙල්ගම මහත්තයා
අපේක්ෂකයෙක් ලෙස කවුරුත් නම් කරලා නැහැ යනුවෙන් ද පැවසීය.
 

වසර 38ක් සේවය සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම යන මොහොතේ තමා රට වෙනුවෙන් සිදු කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වෙන බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

ඊයේ (26) මහනුවර ශ්‍රී දළඳා මාලිගය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පසුගිය කාලය පුරා යුද හමුදාව කෙරෙහි මෙන්ම තමන් කෙරෙහි ජනතාව තැබූ කැමැත්ත සම්බන්ධයෙන් ස්තූතිය පිරි නමන බවද පැවසු හිටපු යුද හමුදාපතිවරයා, මෙය සිංහල බෞද්ධ රටක් බවත්, එහි ඉන්නේ ශ්‍රී ලාංකීක නැමති පවුල බවද පැවසීය.

මේ රටේ ජීවත් වෙන සිංහල, මුස්ලිම්, හින්දු යන ඕනෑම අයෙක් මේ පවුල තුළ සිටිය හැකි බවත් පැවසු හිටපු හමුදාපති වරයා, සිංහල ජනතාව සෑම විටම පවුලක තාත්තාගේ කාර්යභාරය ඉටු කළ යුතු බවත්, තාත්තා නිරන්තරයෙන් පවුලේ සෙසු සාමාජිකයින් රැක ගත යුතු බවත් සඳහන් කළේය.

විශ්‍රාම ගියත් තමාට තවමත් රටට සේවය කිරීමට ශක්තිය හා ජවය ඇති බවත් පැවසු මහේෂ් සේනානායක මහතා, නිරන්තරයෙන් තමා රටේ ඉදිරි කටයුතු සඳහා එකතු වෙන බවත් පැවසීය.

දේශාපාලනයට එන්න අවස්ථාවක් හිමි වුවහොත් එවැනි තීරණයක් ගන්නේ දැයි මෙහිදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපතිවරයා පවසා සිටියේ, දේශපාලනයට එන්නේ නැතුව ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කළ හැකි බවයි.

 “දේශයට වැඩක් කරනවා නම් මම එතැන“ යනුවෙන්  ද පැවසු සේනානායක මහතා, පක්ෂයකට බැඳී සේවය කිරීම එයින් අදහස් නොකරන බවද පැවසීය.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියට ජනාධිපතිවරයා ගෙන්වීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපතිවරයා පවසා සිටියේ, රටේ පුරවැසියෙක් ලෙස ජනාධිපතිවරයා එයට ඉදිරිපත් විය යුතු බවයි.

බැරෑරුම් කාල රැසක හමුදාපති ධූරයේ සිටීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු හමුදාපතිවරයා පවසා සිටියේ, යුද හමුදාව ජනතාවගේ බවත් කිසිවිටෙකත් යුද හමුදාව පක්ෂයක් නියෝජනය නොකරන බවත් ය.

හමුදාවේ විනය තුළින් තමා සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් බවත් වැඩිදුරටත් පැවසු මහේෂ් සේනානායක මහතා, තමාට ඇති ජවය අනුව ඕනෑම මොහොතක රට වෙනුවෙන් සේවය කිරීමට කැමති බවත් ඒ ගැන ජනාධිපතිවරයාට දන්වා ඇතැයි ද පැවසීය.

තානාපති සේවයට යෑමට බලාපොරොත්තු වන්නේ ද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

එවිට මහේෂ් සේනානායක මහතා කියා සිටියේ, යුද හමුදාපතිවරයෙක් කොහොමත් තානාපති ධූරයක් බවයි.

මේ අතර, ෆීල්ඩ් මාර්ෂල් තනතුර ද අදහස් දක්වමින් එතුමා කියා සිටියේ, තමාට එවැනි තනතුරක් දැරීමට තමාට සුදුසුකමක් නොමැති බවත් යුද්ධයක් ඇති විටෙක සිටින හමුදාපතිවරයෙකුට එය පිරිනැමෙන අතර, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එම තනතුර ලැබිය යුතු බවත් කියා සිටියේය.

එදා සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවට අණ නොදුන්නේ නම් අද කථා කිරීමට ඇති නිදහස උදා නොවෙනු ඇතැයි ද පැවසු ඒ මහතා, රටේ නැවතත් යුද්ධයක් ඇති නොවේවා යන්න තම ප්‍රාර්ථනය වන බවත්, එනිසා නැවත වතාවක් ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අවශ්‍ය නොවන බවත් පැවසීය.

එක එක්කෙනාගේ යටඇඳුම් බැලීමට තම කණ්ඩායමට අනවශ්‍ය බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මැතිවරණය පරාජය වී ජාතික ලැයිස්තුවෙන් එක්සත් ජාතික පක්ෂයට පැමිණි අයෙකු බවත් ඔහුට වීනයක් ඇත්නම් තැන තැන මෙවැනි ප්‍රචාරය නොකරන බව සංචාරක  හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට මන්ත්‍රීධූරය ලබාදීම  නිති විරෝධී වැඩක් බවද  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අගමැති තුමා විසින් නිවැරදි පත්කිරීමක් නොවන බව  රංජිත් අලුවිහාරේ මහතා චෝදනා කළේය.

ජය ගැනීම සඳහා හැකි බිම්මට්ටමේ ජනතාව ඉල්ලන අපේක්ෂකයෙකු එක්සත් ජාතික පක්ෂයට ලබා නොදුනහොත් ඉන් ඵල විකා විපාක එක්සත් ජාතික පක්ෂයටම විඳීමට සිදුවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.