April 19, 2024
Main

Main (651)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් විය.

ඒ, ජනාධිපති අපේක්‍ෂකත්වයට පත්වීමෙන් පසු පළමු වරටයි. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න ගණනාවකට ඔහු පිළිතුරු ලබා දෙනු ලැබීය. ජනාධිපති අපේක්‍ෂකයන් එකම වේදිකාවකට ගෙනඑමින් ඉකුත්දා පැවැත්වූ වැඩසටහනට සහභාගි නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු එහිදී ප්‍රශ්නයක් යොමු කළේය. 

එහිදී ඒ මහතා මෙසේ පැවසිය.

"මගේ ප්‍රතිපත්ති මාලාව ගැන මම ඊට පෙර අවස්ථා ගණනාවකදී එලි දැක්වුවා. ප්‍රතිවිරුද්ධ මතවාද දරණ 10 දෙනෙක් එක තැනකට ගෙනල්ලා තව කෙනෙක්ව තනි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම වියත්මග සම්මන්ත්‍රණය හරහා වෘත්තියවේදීන්, ගොවියන්, ධිවර ප්‍රජාව ඇතුළු රටේ සෑම අංශයක්ම මම මුණගැසුනා. මම කරන දේ ගැන සහ ඔවුන්ගේ ගැටළු ගැන මම හොයා බැලුවා. මට ඕන වැඩ කරන්න. මට වාද විවාද කර කර ඉන්න අවශ්‍ය නැහැ."

ජනතාව නොමැති කමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්දයේ රැස්වීම් හතරක් පමණක් අමතා යළිත් කොළඹ බලා පැමිණි බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ. 

ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය සඳහා කොට්ඨාශ 17ම විනාඩි 30 බැගින් රැස්වීම් ඇමතීමට සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කර තිබුණමුත් රැස්වීම් 4ක් පමණක් අමතා ඔහු එම මැතිවරණ ව්‍යාපාරය නතර කර තිබේ. 

එදිනම රනිල් වික්‍රමසිංහ මහතා ද ඇල්පිටිය රැස්වීම් ඇමතීමට නියමිතව තිබුන අතර සවස 3.30ට පමණ සිය හෙලිකොප්ටර් යානය ඇල්පිටිය බලා පිටත්ව  යාමට නියමිතව තිබු අතර සවස 3.00ට පමණ ජනතාව නොමැති කමින් රැස්වීමට නොපැමිණෙන ලෙස සංවිධායකවරුන් අග්‍රාමාත්‍ය වරයාට දැනුම් දී ඇත.

එම නිසා අග්‍රාමාත්‍යවරයා එම රැස්වීම් වලට සහභාගී නොවීය.

මේ මොහොතේ භික්ෂූන් වහන්සේගේ වගකීම වන්නේ අසමගි වූ ජාතිය යළි නඟා සිටුවීමට කටයුතු කිරීම බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්සේ මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ට සහයෝගය ලබා දෙන්නේ කාටද යන්න ප්‍රකාශ කිරීමට කිසි කලබලයක් නොමැති බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසීය.

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේය.

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාට තමන් සමඟ එක්වන ලෙසත් එසේ එක්වන්නේ නම් තමාගේ රජයක් යටතේ ආරක්ෂක අමාත්‍යංශය ලබා දිය හැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහේෂ් සේනානායක මහතා වෙත යෝජනා කර ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ. 

එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව තිබෙන අප්‍රසාදය වඩාත් ත්‍රීව්‍ර කිරීම මෙම යෝජනාව හේතු වී තිබේ. 

සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ඉල්ලීම මහේෂ් සේනානායක මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පුවත්පතකට පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ යුතු බවට වන ස්ථාවරයේ තමන් දැඩිව සිටින බවත් පැවසූ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දුනහොත් කෙටිකාලීනව දේශපාලන විවේකයක් ලබා ගන්නා බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව ඉල්ලා ජයග‍්‍රහණය කිරීමට නොහැකි බව හැඟී ගිය හෙයින් මෙවර නාම යෝජනා භාර නොදුන් බවත් වෙල්ගම මහතා සඳහන් කළේය.

රාජපක්ෂවරුන්ට පමණක් තරග බිමට ඒමට අවස්ථාවක් ලබා දිය නොහැකි බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට දිනේෂ් ගුණවර්ධන මහතා හෝ ඉදිරිපත් වූයේ නම් තමන්ට ගැටලුවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
 
චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් භාරදී නාම යෝජනා භාර නොදුන් බැවින් තමන්ද නාම යෝජනා භාර නොදී සිටීමට අවසන් මොහොතේ තීරණය කළ බවත් වෙල්ගම මහතා වැඩිදුරටත් පැවැසීය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ රීට් පෙත්සම ප්‍රතික්‍ෂේප කරමින් අභියාචනාධිකරණය ‍ලබාදී තිබෙන තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කිරීමට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සාමාජික, ලේඛක ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් තීරණය කර තිබේ.

මෙම පෙත්සම ප්‍රතික්‍ෂේප කිරීමට හේතු වූ කරුණු අද (07) දින අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය.

අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීරණයක් අභියෝගයට ලක්කිරීමට දින 42ක කාලයක් තිබෙන බවත්, එම අවස්ථාව යොදාගැනීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

පෙත්සම ප්‍රතික්‍ෂේප කිරීමට හේතු අද (07) දිනයේදී දැනුම්දෙන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙන බැවින් එම කරුණු අධ්‍යයනය කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමේ වැඩපිළිවෙළ සකස් කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර තිබෙන සජිත් ප්‍රේමදාස මහතාගේ නාම යෝජනා පත්‍රයේ ගැටළු ඇති කිරීමට කිසියම් සැලැස්මක් තිබෙන බවට තොරතුරු අනාවරණය වේ.

මේ නිසා සිය නාම යෝජනා පත්‍රය පිළිබඳව කටයුතු කිරීමට වෙනමම කණ්ඩායමක් පත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා නාම යෝජනා ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින හංසයා ලකුණ අයත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඔහුට අපේක්ෂකත්වය ලබා දීමට විරුද්ධ වූ රවී කරුණානායක අමාත්‍යවරයාට ඉතා හිතවත් පිරිසක් අත තිබීම ඊට හේතු වී තිබේ.

එම පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වය සනාථ කිරීම සඳහා එහි ලේකම්වරයා විසින් අත්සන් තැබිය යුතු අතර එම ධූරය දරන්නේ කරුණානායක අමාත්‍යවරයාගේ ඉතා දිගු කාලීන කිට්ටු මිතුරියෙකු වූ නීතිඥ ශර්මිලා පෙරේරා මහත්මියයි. 

ශර්මිලා පෙරේරා මහත්මිය මෙන්ම රවී කරුණානායක මහතා, අභාවප්‍රාප්ත ලලිත් ඇතුලත් මුදලි සහ ගාමිණි දිසානායක යන මහත්වරුන් සමඟ එක්ව සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය සඳහා සක්‍රියව දායක වූ අය වේ. දෝෂාභියෝගයේ අවශ්‍ය ලියකියවිලි යතුරු ලියනය කිරීමෙන් අනතුරුව එහි කාබන් පිටපත වත්තල හැමිල්ටන් ඇලට විසි කරන ලද්දේද අද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වටා සිටින පිරිස්ය.

ඔක්තෝම්බර් 03 වනදා පැවැත්වෙන එජාප සම්මේලනයේදී යෝජනා 4ක් සම්මත කර ගැනීමට නියමිතය.

1.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.

2.බලය බෙදා ජාතික ප්‍රශ්නය විසඳීම 

3.යහපාලන ආණ්ඩුව ඇරඹු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම.

4.මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම.

මෙම යෝජනා 4 සඳහා සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දුන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීම අනුමැතිය හිමිව තිබේ.

මෙම සමුළුව සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම පක්ෂ මාරු කිරීමේ කටයුත්ත ආරම්භ කරන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා සහ මොහන් ලාල් ග්‍රේරු යන මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණට ඒක කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් වෙමින් පවතියි.

එක්සත් ජාතික පක්ෂයේ පවතින ගැටලුකාරී තත්ත්වය සමනය වීමත් සමඟම ශ්‍රීලනිපය නියෝජනය කරන මහින්ද සමරසිංහ මහතා ඊට එක්වීමට නියමිතය.

මොහාන් ලාල් ග්‍රේරු මහතා මිට පෙර එජාපයට එක්වීමට සූදානමින් සිටියද මේ වන විට ඒ අදහස වෙනස් කර පොදුජන පෙරමුණට එක්වීමට තීරණය කොට තිබේ.

වත්මන් ආණ්ඩුව විසින් අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා යමින් රාජ්‍ය සේවය සඳහා පුද්ගලයින් බඳවාගැනීම් කටයුතු සිදු කරමින් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. 

එමෙන්ම ආණ්ඩුව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් සිටින බව නිදහස් සන්ධාන මහලේකම්වරයා සඳහන් කළේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහින්ද අමරවීර මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර සාකච්ජා ගැන සුබවාදීව බලාපොරොත්තු වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් නක අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීන්දු කර ඇත්තේ ජනාධිප මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම බව මහින්ද අමරවීර මහතා  සඳහන් කළේය.