April 25, 2024
Main

Main (651)

ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරිම ජාතික සමගියට බාධාවක් නොවන බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මේ බව පැවසීය.

“ව්‍යවස්ථාවේ පිටපත් අතර වෙනසක් තිබුණොත්. රාජ්‍ය භාෂාවෙන් තියෙන පිටපත නිවැරදි වෙනවා. රාජ්‍ය භාෂාවෙන් තියෙන පද මාලාව පිළිගත යුතුයි. දෙමළ භාෂාවෙන් පළවෙන ව්‍යවස්ථා පිටපතේ. ජාතික ගීය දෙමළට පරිවර්තනය කරලා තියෙනවා. රාජ්‍ය භාෂාව වන්නේ සිංහල භාෂාව පමණයි. සිංහල භාෂාවෙන් කියන ජාතික ගීය මුරලිට, කදිරගාමන්ට ප්‍රශ්නයක් නොමැතිනම්. කාටද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ “

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයට  සියලු සාමාජිකයන් පත් කිරීම ලබන සදුදා (27) වනවිට අවසන් කෙරේ.

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන තනතුරු සඳහා පත්කිරිම්  සියල්ලක්ම මේ වනවිට අවසන් අතර ඉල්ලා අස් වූ බව ප‍්‍රකාශ කළ විපක්ෂ නායක සජිත්  පේ‍්‍රමදාස මහතා යළිත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය  නායකවරයා ලෙස පත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී  මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස, උප නායක රවී කරුණානායක, ජාතික  සංවිධායක නවීන් දිසානායක,  මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුලූ උපදේශක මණ්ඩලයේ  අනුමැතිය යටතේ සිදුකෙරේ.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලූ විසඳීම සඳහා ඡන්දයක්  නොපවත්වන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, හිටපු අමාත්‍යවරුන් සහ පසුපෙළ මන්ත‍්‍රීවරුන්  කළ ඉල්ලීමට අනුව අර්බුදයකින් තොරව  එය විසඳාගැනීමට එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ක‍්‍රමවේදයක් සකසමින් සිටිතැයි  හිටපු සභානායක  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

අචාර්ය ජයම්පති වික්‍රමරත්න එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් හිටි හැටියේ ඉල්ලා අස්වූයේ මහ බැංකු බැඳුම්කරය ඇතුළු වැදගත් සිද්ධීන් පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග කර තිබෙන සාකච්ජා ඇතුලත් දුරකථන හඬ පට නිසා බවට තොරතුරු අනාවරණය වේ. 

මෙම හඬ පටවල තිබෙන තොරතුරු හරහා වික්‍රමරත්න මහතාගේ ප්‍රතිරූපයට බලපෑමක් එල්ල වෙන බවත් ඔහුට මේ සම්බන්ධයෙන් නෛතික කටයුතු වලට මුහුණ දීමට සිදුවන බවත් වාර්තා වේ.  

වික්‍රමරත්න මහතාගේ මීළඟ පියවර වන්නේ දේශපාලන රැකවරණ පතා විදෙස්ගත වීම බවද හෙළිදරව් වී තිබේ.  එක්සත් ජාතික පෙරමුණු රජය බලයේ සිටිද්දී වික්‍රමරත්න මහතා යුරෝපා රටවල් දෙකකින් දේශපාලන රැකවරණය ඉල්ලා සිටිය මුත් එය ප්‍රතික්ෂේප විය. එම ඉල්ලීම් කර තිබුණේ නිල රාජ්‍ය සංචාරයන් අතරතුරය. ජයම්පති වික්‍රමරත්න මහතා ඉකුත් 22 වනදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ එක්ව මහා මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් වන බව කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. 

තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඒකාබද්ධ විපක්ෂයෙන් මිස එජාපයෙන් නොවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ශ්‍රීලනිපය තනියෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමා එම පක්ෂයෙන් තරග කරන බවද වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

රජයේ ආයතන සදහා ප‍්‍රධානීන් පත් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ නොතකා ඇතැම් පත්වීම් සිදු කර ඇති බව එම කමිටුවේ සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

මෙම කමිටුවට කල හැක්කේ නිර්දේශ කිරීම පමණක් බවත් පත් කිරීම් බලයක් නැති බවත් පවසන ගොඩහේවා මහතා පත්කිරීම් බලධාරීන් විසින් නිර්දේශ නොතකා ඇතැම් පත්කිරීම් කර ඇතැයිද කියා සිටී.

කෙසේ කමුත් සමස්ථයක් ලෙස ආයතන ප‍්‍රධානීන් පත් කිරීමේදී 90%-95% පමණ සතුටු විය හැකි යයිද පවසන ඒ මහතා 100%ක් නිවැරදි නොවුනද රජය විසින් හොද ආරම්භයක් ගෙන ඇතැයිද සදහන් කරයි.

ඔහු මේ අදහස් පල කරන ලද්දේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබූ පසුගිය රජය සමයේ අතුරුදන්ව ඇති පටිගත කිරීමේ ජංගම බස් රථය හා ලක්ෂ 334ක් වටිනා තාක්ෂණික උපකරණ පිළිබදව සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

අතුරුදන්ව ඇති එම බස් රථය හා තාක්ෂණික උපකරණ ඇති ස්ථාන සොයා බලා ඒවා නැවත ජනාධිපති මාධ්‍ය අංශය වෙත භාරදීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

‘හඬ පට’ සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පමණක් නොව ඔහු දේශපාලනයට ගෙනා උදවියත් අද වගකිව යුතුව ඇතැයි හිටපු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (12) ප‍්‍රකාශ කළේය.

රන්ජන් චිත‍්‍රපට කර කර හිටියානම් අද මෙවැනි චෝදනා ඔහුට එල්ල නොවන බවද පැවසූ මන්තී‍්‍රවරයා ඔහු එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කිරීමට පියවර ගතහොත් එම තීරණයට තමා අත ඔසවන්නේ නැතැයිද කීවේය.

රන්ජන් රාමනායක බලපත‍්‍ර නැතිව පිස්තෝලයක් ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගත් මොහොතේ තමා එම ස්ථානයට ගියේ ඔහු පක්‍ෂය වෙනුවෙන් කළ කැපවීම ගැන සිතා බවත් හඬ පට සිද්ධිය දැන ගත්තේ පසුව බවත් පැවසූ මන්තී‍්‍රවරයා රන්ජන් රාමනායක පක්‍ෂයෙන් ඉවත් කළහොත් ඔහුට යන එන මං නැතැයිද කීවේය.

රන්ජන් එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ කරගත් උදවියත් මේවාට වගකිව යුතු යැයිද පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මින් පෙර බලයේ සිටි ජනාධිපතිවරුන්ට වඩා නිහඬව සහ සක්‍රීයව සිය ධුරයේ කටයුතු ඉටු කරමින් සිටින බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදි අමාත්‍යවරයා පැවසුවේ ගොඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් තමන් සතුට වන බවයි.

රට තුල සිදු කිරීමට බපාපොරොත්තු වු වෙනස එලෙසම සිදු වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 රට තුල උද්ගල වු සහල් ගැටළුව විසදීම සඳහා  ජනාධිපතිගේ සහය අවශ්‍ය වු විට  සඳයා ජනාධිපතිවරයාගේ සහය ලැබුන බවත් මීට පාර රට පාලනය කළ නායකයන්ගෙන් එවැනි සහයක් නොලැබුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා අතර කෙරුණු ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබේ. 

අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතාට ගංගොඩවිල අධිකරණයෙන් ඇප ලැබී පැය කිහිපයක් ඇතුළත මෙම හඬ පටය සමාජ මාධ්‍යජාලා වෙත මුදා හැර තිබිණි. 

මෙම දුරකථන සංවාදයේදී මෙම දෙදෙනා ප්‍රභූ පුද්ගලයෙකු පිලිබඳ කෙරෙන පරීක්ෂණයක වැදගත් තොරතුරු අසන්නට ලැබේ. 

ෂානි අබේසේකර මහතා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයක් දැරූවෙකි. 

නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කිරීමේ උත්සවය සරල එකක් බව පෙන්වීම සඳහා හමුදා උත්තමාචාරය අවලංගු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළත් ඊට පෙර දිනයේදී ඒ සඳහා කාලතුවක්කු රැගෙනවිත් හමුදා අනුඛණ්ඩ යොදවා සියලුම පෙර පුහුණු කටයුතු සිදුකර තිබුණු බැවින් සරල බව පෙන්වීමට ගියත් වියදම් වී හමාර බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙයි. 

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"වෙඩිමුර තැබීමට කාලතුවක්කු මෙතෙන්ට රැගෙන ආවා, සූදානම් කළා. ඒවාගේම හමුදා අනුඛණ්ඩ ගෙනල්ලා මෙතන පෙරහුරු කළා. ඒවගේ ඊයේ සියලු වියදම් කරලා අවසන් කරලා තමයි අද මේ උත්සවය අවලංගු කිරීමට කටයුතු කළේ සරල බව පෙන්වීමට. සරල බව පෙන්වන්න කටයුතු කරනකොට වියදම සම්පුර්ණයෙන්ම කරලා අවසන්."