March 28, 2024
Main

Main (651)

ධම්මික පැනිය මුලින් ම පානය කල සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදන වී තිබෙන බව වාර්තා වනවා

කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද PCR පරීක්ෂණයක දී ඇය ආසාදිත බව හෙළිවී ඇති බවයි පැවසෙන්නේ

ඒ අනුව ඇය මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇති බව වෙබ් අඩවියක් වාර්තා කොට තිබුනා.

කොවිඩ් මර්දන එන්නත ප්‍රථමයෙන්ම ලබා දෙන කණ්ඩායමට සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද ඇතුලත් වීමට සුදුසුකම් සපුරා තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ එම එන්නත ප්‍රථමයෙන්ම ලබාදීමට නියමිත සෞඛ්‍ය අංශයට ඇමතිවරියද ඇතුළත් වීම නිසාය.

එන්නත ලබා දීමේදී කිසිදු දේශපාලනඥයකුට ප්‍රමුඛතාවයක් ලබා නොදෙන අතර ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා හට එම එන්නත ලබා දීමට නියමිතව තිබෙන්නේ තුන්වැනි කණ්ඩායමට එනම් වයස්ගත කණ්ඩායමට එම එන්නත ලබා දෙන අවස්ථාවේදීය.

සෑම දේශපාලනඥයෙකුටම එන්නත ලබාදෙන්නේ අයත් වයස් කාණ්ඩ වලට එන්නත ලබා දෙන අවස්ථාවේදීය.

තමන්ට ප්‍රථමයෙන් එන්නත ලබා දෙන ලෙස මේ වන තුරුත් ප්‍රභූන්ගෙන් හෝ දේශපාලනඥයින්ගෙන් ඉල්ලීමක් ලැබී නොමැති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඔහු මේබව පැවසූවේ අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මීට අමතරව තවත් පනත් කිහිපයක් සංශෝධනයට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා සඳහා නිර්දේශ ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව, එම අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගෙන, එකී පනත් සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

සංශෝධනය වන පනත් පහතින් දැක්වේ.

* ආගාමික හා විගාමික පනත (දැනට ක්‍රියාත්මකව පවතින 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත සහ ඊට අදාළ සංශෝධන පරිච්ඡින්න කර අලුතින් පනතක් හඳුන්වා දීම)

* 2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත සහ 2011 අංක 13 දරන පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) පනත

* 2016 අංක 3 දරන සේවකයින්ගේ අවම වේතනය පනත

* 1999 අංක 46 දරන ප්‍රජාපාදක විශෝධන පනත

* දණ්ඩ නීති සංග්‍රහයේ 53 වන වගන්තිය (බාල වයස්කරුවන්ට මරණ දණ්ඩනය ලබා දීමට අදාළ විධිවිධාන)

අද පාර්ලිමේන්තුව රැස්වීමටනියමිතව තිබෙනවා . ඊයේ  දිනයේදී  අමාත්‍ය වරයෙක් කොවිඩ් අසාදිත බවට වාර්තා වීම මෙන්ම තවත් අමාත්‍ය වරුන් පිරිසක් නිරෝධායනයට  යොමු කලත් පාර්ලිමේන්තු කටයුතු වල වෙනසක් පිලිබදව නිල වෙබ් අඩවිය වාර්තා කොට තිබුනේ නැහැ . කෙසේ වෙතත් පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකු මේ වන විටත් කොවිඩ් අසාදිත නිසා නිරෝධායනයට  යොමු කොට තිබෙනවා .සජීවී  විකාශය    https://www.youtube.com/user/asianmirrorlk ඔස්සේ බලාපොරොත්තුවන්න...

වයස අවුරුදු 18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ විනයගරුක හා නීතිගරුක සමාජයක් බිහි කිරීමේ අරමුණින් යයිද ඔහු පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ මේ ආකාරයේ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ලොව ඇතැම් රටවල් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බවය.

උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත හැර අනෙක් පළාත්වල ජනවාරි මස 25 වනදා සිට උපකාරක පන්ති පවත්වාගෙන යෑමට අවසර හිමි වී තිබේ.

එමෙන්ම උපකාරක පන්ති අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පමණක් විවෘත කරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශකර තිබේ.

පන්තියක උපරිම ළමුන් සංඛ්‍යාව 100ක් හෝ පන්තියක පවතින ආසන සංඛ්‍යාවෙන් සියයට පනහක් වන ආකාරයෙන් අදාළ උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි බවට උපදෙස් නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ ලකුණු සීමාව 193කි.

සිංහල මාධ්‍ය කාන්තා පාසල් අතුරින් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ ලකුණු සීමාව දක්වා ඇත්තේ 194ක් ලෙසය.

එමෙන්ම මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූවන් මිශ්‍ර පාසල් වෙත ඇතුළත් කර ගැනීමේ අවම ලකුණු සීමාවන් ද ප්‍රකාශයට පත්කර තිබේ.

No description available.

2010 වසරේදී සතොස සේවකයින් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව කොළඹ මහාධිකරණය අද නිගමනය කර තිබේ.

පසුගිය 2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.

කොරෝනා මර්දනය සදහා වන චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යවා ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.

චීනයේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්වූ ආචාර්ය පාලිත ටී.බී. කොහොන මහතා සිය අක්තපත්‍රවල පිටපතක් ඉකුත් 12 වැනිදා චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතාට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපතිවරයා වෙත යොමු කළ එම ලිපිය බාර දුන් බවද විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මහජන චීන සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත විශේෂ ත්‍යාගයක් සහ පුද්ගලික පණිවුඩයක් ද රැගෙන ආ බව ශ්‍රී ලංකා තානාපතිවරයා මෙහිදී දැනුම් දුන් අතර ඒ අනුව චීන එන්නත් ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලියන ලද ලිපිය වෙත ද අවධානය යොමු කළේය.එම ලිපිය බාර ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හොං ලෙයි මහතා කියා සිටියේ එන්නත බෙදා හැරීම සම්බන්ධයෙන් චීන රජය ඉක්මනින් තීරණය කරනු ඇති බවය.

දෙමළ හින්දු බැතිමතුන්ගේ අස්වනු මංගල්‍යය තෛපොංගල් ලෙස හඳුන්වයි. වැඩි අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හිරු දෙවියන්ට ස්තුති කිරීම සඳහා මෙම උත්සවය පවත්වයි.
වසර දහසක පමන අතීතයේ සිට ශ්‍රී ලංකාවේ පැවත එන දමිළ උත්සව වලින් එකක් වන මෙම උත්සවයේදී විශාල භෝජන සංග්‍රහ පැවැත්වීම, නෑදෑයන් බලන්නට යෑම, තෑගි භෝග හුවමාරුවද සිදුවේ.

බොහෝ ශ්‍රී ලාංකිකයින් තෛපොංගල් උත්සවය දින දෙකක් තුල පවත්වයි. පළමුදිනයේ ඉතා ප්‍රණීත බතක් සකස් කර හිරු දෙවියන් සඳහා කොටසක් වෙන් කර ඉතිරිය පවුලේ සාමාජිකයින් විසින් අනුභව කරයි. කිරි යොදා සකස් කරන මෙම බතට, කුළුබඩු, වියළි මිදි, කජු, සහ වෙනත් රසකාරකද යොදා ගනු ලැබේ. මෙම බත නිවසින් පිටතදී හිරු එළිය ඇති තැනක පිසගත යුතුය. එය සාමාන්‍යයෙන් දොරකඩ හෝ මිදුලේ සිදු කරයි. බත පිසීමට ගන්නා මැටි මුට්ටිය, වර්ණවත් රටා වලින් සරසයි. මෙම බත කෙසෙල්කොල වලට බෙදා පිළිගන්වන අතර ඒ නිසා වඩාත් ප්‍රණීත සහ සුවඳවත් බවක් ඇති වේ.

බත ඉතිරීම ආරම්භ වීමත් සමඟම “ සංඟු “ නලා නාද කරන අතර සෙස්සෝ ” පොංගලෝ පොංගල් ” යනුවෙන් කෑ ගසමින් කිරි ඉතිරෙන බව හඟවයි. එමෙන්ම ඔවුන්, “තායි පිරන්දල් වාසිපිරක්කුම්” යනුවෙන් ගායනා කරයි. එහි අදහස, ” ජනවාරි මාසය ඇරඹුනා නව අවස්තා වලට මඟ පෑදුනා” යන්නයි.

උත්සවයේ දෙවන දිනයේදී කුඹූරු වැඩට උදවු කල ගවයින්ට සත්කාර කරයි. කිරි හා පොහොර සපයමින් ගව දෙනුන් ද ශ්‍රී ලංකාවේ සමෘධියට දායක වෙයි. බර ඇදීමට ද ඔවුන් යොදා ගනු ලබයි. මෙම එළ ගවයින්ගේ දිනයේදී, සතුන් නාවා පිරිසිදු කර විසිතුරු මල් මාලා වලින් ඔවුන් ගේ ගෙළ සහ අං සරසයි. ගොනුන් ගේ නළලේ හා අං වල විසිතුරු වර්ණ වලින් තිත් ඇඳ සරසයි.