එක්සත් ජාතික පක්ෂයට නව නියෝජ්‍ය නායකවරයෙකු පත්කර ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දය පැවැත්වීමට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ලක්ෂ්මන් විජේමාන්න මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසිද්ධියේම දැඩි දෝෂාරෝපණයක් සිදු කොට තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය විනාශ කළේ තමුන් යයි පවසමින් විජේමාන්න මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ මූණටම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ඉදිරිපිටදීම දොස් පවරා තිබේ.
එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද දැනගන්නට තිබේ.
මෙම සිදුවීම පක්ෂයේ නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් ද තහවුරු කර තිබෙන අතර පක්ෂයේ පසුබෑමට වික්‍රමසිංහ මහතා පමණක් නොව තමන් ඇතුළු අන් සියල්ලන්ගේම වගකිම බව විජේවර්ධන මහතාගේ ස්ථාවරය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.