April 25, 2024

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට කරන බලපෑමට තිත Featured

September 17, 2020

පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් හා සමාගම් ප්‍රධානීන්ට දුරකතනයෙන් කතා කොට තමා හමුවන ලෙස දැනුම් දී එසේ පැමිණෙන ඔවුන්ට යම් යම් ඉල්ලීම් කරමින් බලපෑම් කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට නම් තමාගේ ඉල්ලීම් ලබා දෙන ලෙසද ඔහු ව්‍යාපාරිකයන්ට දැනුම් දී තිබෙන බවද දැනගන්නට තිබේ.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ක්‍රියා කලාපය හමුවේ පීඩාවට පත්ව සිටින ව්‍යාපාරිකයන් පිළිබඳව මේ වන විට ජනාධිපතිවරයා ද දැනුවත්ව තිබෙන බව වාර්තා වන අතර ඉතා නුදුරේදීම සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම වැඩපිළිවෙලට තිත තැබීමට නියමිත බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Last modified on Thursday, 17 September 2020 10:08