April 25, 2024

එජාපයේ හිටපු නියෝජ්‍ය නායකයෝ පැනලා ගියා - ඕක ටිකක් භයානක තනතුරක් Featured

September 15, 2020

මෑත භාගයේ එජාපයේ සිටි සෑම නියෝජ්‍ය නායකයෙක්ම පක්ෂයෙන් පැන ගිය බැවින් නියෝජ්‍ය නායකකම භයානක තනතුරක් බව හිටපු අමාත්‍යවරයෙකු වූ වජිර අබේවර්ධන මහතා අනාවරණය කරයි.

ඒ කරු ජයසුරිය හා සජිත් ප්‍රේමදාස යන හිටපු නියෝජ්‍ය නායකවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව මතක් කර දෙමිනි.

කරු ජයසුරිය මහතා 2007 වර්ෂයේදී එජාපයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ අවස්ථාවේ පක්ෂයේ 17 දෙනෙකු සමඟින් මහින්ද රාජපක්ෂ රජයට සහයෝගය දීමට එහි ගොස් කැබිනට් අමාත්‍ය ධුරයක් ද දැරීය.

ඉන්පසු සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරද්දී පක්ෂයෙන් විශාල පිරිසක් කඩාගෙන ගොස් පසුගිය මහමැතිවරණයේදී වෙනම ඉදිරිපත් වී මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් වී සිටියි.

Last modified on Tuesday, 15 September 2020 09:59