March 29, 2024

හකීම් හා රිෂාඩ්ගේ පිරිසක් ආණ්ඩුවට යෑම අපිට ඉතා වාසිදායකයි Featured

September 14, 2020

රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුතු මුස්ලිම් කොංග්‍රසයේ සහ රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසකට ආණ්ඩුවට යෑමට අවශ්‍ය නම් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතු බව සමගි ජන බලවේගය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.

තම නම හෙළි නොකිරීමේ පදනම මත අදහස් දැක් වූ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ හකීම් සහ බදියුදීන් මහත්වරුන්ගේ පක්ෂවල පිරිස් මුදල් ගෙවා හෝ ආණ්ඩුවට යැවීම සමගි ජනබලවේගයට ඉතාමත් වාසිදායක පසුබිමක් ඇති කරන බවය.

ආණ්ඩුව පක්ෂයට එක්වීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවට කිහිපයක් පවත්වා ඇති අතර දැනගන්නට තිබේ.

රිෂාඩ් බදියුදීන් මහතා හැර ඔහුගේ පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වීමට කැමැත්තෙන් සිටියි.

රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් මුස්ලිම් අන්තවාදය රට තුළ පෝෂණය කිරීමට සහයෝගය දැක් වූ අයට බවට පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය ජනාධිපතිවරණය සහ මැතිවරණ වේදිකාව තුළ නිරන්තරයෙන් ප්‍රකාශ කළ කරුණකි.



Last modified on Monday, 14 September 2020 10:03