April 19, 2024

මහ මැතිවරණය මැයි අග හෝ ජූනි මුල - මහජන රැස්වීම් බැහැ Featured

අප්‍රේල් 26 වන දින දිනට පැවැත්වීම නියමිතව තිබූ මහ මැතිවරණය මැයි මස අග හෝ ජූනි මස මුල පැවැත්වීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ .

මෙම මැතිවරණයේ ඇති සුවිශේෂිත්වය වන්නේ මහජන සහභාගිත්වයෙන් යුත් කිසිදු රැස්වීමක් පැවැත්වීමට අවසර ලබා නො දීම ය. ඒ අනුව මෙම මැතිවරණය පැවැත්වෙන්නේ මහජන රැස්වීම් වලින් තොරව ය.

1988 පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ප්‍රචාරණ කටයුතු එවකට පැවති ජවිපෙ භීෂණය මත මහජන රැස්වීම් කිහිපයකට පමණක් සීමා විය.

ඉතා කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීම රජයේ අරමුණ වී තිබේ.

Last modified on Monday, 13 April 2020 09:50