March 28, 2024

ශ්‍රීලනිපයේ අපේක්ෂක අවුලට තවම විසඳුම් නෑ! මෛත්‍රී - බැසිල් අතර හදිසි දුරකතන සාකච්ඡාවක් Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා වෙනම තරග කිරීම සම්බන්ධව මතුව ඇති ගැටලු දැනුවත් කිරීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර දුරකථන සාකච්ඡාවක් සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ ඊයේ(17) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ රැස්වීමක් අතරතුරය.

එහිදී කුරුණෑගල, අනුරාධපුර සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ශ්‍රීලනිපයට ප්‍රමාණවත් අපේක්ෂකත්වයක් නොලැබූ හෙයින් එම දිස්ත්‍රික් සඳහා අපේක්ෂකයින් ගණන වැඩි කරගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට ඉල්ලීම් සිදු කර ඇත. 

නමුත් එහිදී තීරණයකට එළැඹ නොමැති බව වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසූවේ ශ්‍රීලනිපය තනිව තරඟ නොකරන බවත් පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර ගැටුමක් ඇතිව නොමැති බවත්ය.

Last modified on Wednesday, 18 March 2020 11:38