March 29, 2024

ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරිම කාටද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ? - ගෙවිදු කුමාරතුංග Featured

February 01, 2020

ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරිම ජාතික සමගියට බාධාවක් නොවන බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මේ බව පැවසීය.

“ව්‍යවස්ථාවේ පිටපත් අතර වෙනසක් තිබුණොත්. රාජ්‍ය භාෂාවෙන් තියෙන පිටපත නිවැරදි වෙනවා. රාජ්‍ය භාෂාවෙන් තියෙන පද මාලාව පිළිගත යුතුයි. දෙමළ භාෂාවෙන් පළවෙන ව්‍යවස්ථා පිටපතේ. ජාතික ගීය දෙමළට පරිවර්තනය කරලා තියෙනවා. රාජ්‍ය භාෂාව වන්නේ සිංහල භාෂාව පමණයි. සිංහල භාෂාවෙන් කියන ජාතික ගීය මුරලිට, කදිරගාමන්ට ප්‍රශ්නයක් නොමැතිනම්. කාටද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ “

Last modified on Monday, 03 February 2020 09:50

Related items