April 19, 2024

ප්‍රභූ විමර්ශනයක් ගැන රන්ජන් හා ෂානි කතා කළ හඩපටයක් එළියට Featured

එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා අතර කෙරුණු ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබේ. 

අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතාට ගංගොඩවිල අධිකරණයෙන් ඇප ලැබී පැය කිහිපයක් ඇතුළත මෙම හඬ පටය සමාජ මාධ්‍යජාලා වෙත මුදා හැර තිබිණි. 

මෙම දුරකථන සංවාදයේදී මෙම දෙදෙනා ප්‍රභූ පුද්ගලයෙකු පිලිබඳ කෙරෙන පරීක්ෂණයක වැදගත් තොරතුරු අසන්නට ලැබේ. 

ෂානි අබේසේකර මහතා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයක් දැරූවෙකි. 

Last modified on Monday, 06 January 2020 11:03