කෙනෙහිළිකම් කැපිලි කෙටිලි ඉවසන්නට බැහැ.ඉවසීමේ සීමාවක් තිබෙනවා. නැවත කිසිම දිනක එජාපයට යාමේ සුදානමක් නැහැ. අද දිනය තුළ රට බලාපොරොත්තු වන ඒ දේශපාලන තීන්දුව ගන්නවා' යැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඊයේ (7) පැවසීය.
පක්ෂය හැරගිය ද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවන බවද ඒ මහතා කීය. ජනපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණයෙන් ඇත්වෙමින් සිටින බවද, ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඉදිරියේම සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
තමා පක්ෂය හැරගිය හැමවාරයකදීම රිෂාඩ්, හකීම්, සුමන්තිරන් මෙන්ම රාජිත, රවී,ජෝන් ඇතුළු කණ්ඩායම තම නිවසට වරින්වර එවා ලබාදුන් පොරොන්දු, කළ කී දෑ සිදුකළ සාකච්ඡා පිළිබඳ ආන්දෝලනාත්මක හඬ පට හා සීසිටිවී දර්ශන රැසක් තමන් සතුව ඇතැයි ද ඔහු කීවේය.
කොළඹ 8 කාසල්වීදියේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහු මෙම කරුණු අනාවරණය කළේය.