April 19, 2024

අගෝස්තු 11 වැනිදා මහින්ද නිල වශයෙන් ගෝඨාව ජනපති අපේක්ෂකත්වයට නම් කරයි Featured

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අගෝස්තු 11 වැනිදා කොළඹදී පැවැත්වෙන ජාතික උත්සවයකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රාජපක්ෂ කඳවුරට සමීප ආරංචි මාර්ග හරහා හෙළිදරව් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත කාඩරයම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිගන්නා එක මතයක සිටින බවද වාර්තා වේ. 

ජනාධිපති අපේක්ෂකත්වයට නම් කිරීමෙන් පසු එළඹෙන සතිය පුරාවටම ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනේ ඇති බොහෝ ආගමික සිධස්ථාන වෙත යාමට නියමිතව තිබේ.

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා සමීපතමයන් විසින් ජනාධිපතිවරණය සඳහා වූ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Last modified on Thursday, 08 August 2019 11:54