March 28, 2024

"රිෂාඩ්ලා සමග ආණ්ඩු හදන්න දෙන්නේ නෑ" - විමල්ගෙන් සැර කතාවක් Featured

මින් ඉදිරියට සිය දේශපාලන සහය ලැබෙනා කඳවුරක් නිර්මාණය කරනා කිසිඳු රජයකට අන්තවාදී මුස්ලිම් දේශපාලකයන් සහභාගී කර ගැනීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍යහමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

රාජ්‍ය බලය ලබා ගෙන අන්තවාදය පෝෂණය කරනා දේශපාලකයන්ට නැවතත් රාජ්‍ය බලය ලබා දීම සියතින් ගෙල සිඳ ගැනීමට සමාන බවද වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේය.

අතීතයේ සිටම අන්තවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි සටනක තමන් නියැලුනු බවත්, තමන්ගේ මතවාදී අරගලයේ වෙනසක් සිදු නොවුනු බවත් ඒ බව ජවිපෙ කේ ඩි ලාල්කාන්ත පවා පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබූ බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Last modified on Thursday, 13 June 2019 11:46