April 24, 2024

මැතිවරණයේ ජයග්‍රාහී පක්ෂයට ප්‍රසාද මන්ත්‍රිධුර 15 ක් - ගම්මන්පිල Featured

සුළු පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණයකදි ලබා ගත යුතු ඡන්ද ප්‍රතිශතය සියට 12.5 දක්වා වැඩි කිරිමට කටයුතු නොකර මැතිවරණයේදි ජයග්‍රහණය කරන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රිධුර 15 ක් ලබා දීමට කටයුතු කළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසීය.

1994 පසුව කිසිදු අවස්ථාවක මුස්ලිම් දේශපාලන පක්ෂක් තනිවම මැතිවරණයකට ඉදිරිපත් නොවු බවත් ඔවුන් සෑම විටම ප්‍රධාන පක්ෂයක් සමඟ ඡන්දයට ඉදිරිපත් වු බවද මන්ත්‍රීවරයා පවසයි.

සළු වීමේ අගය සියයට 12.5 දක්වා වැඩි කළොත් මුස්ලිම් පක්ෂ කෙසේ වෙතත් EPDP සහ ජනතා විමුත්ති පෙරමුණ වැනි පක්ෂ වලට පාර්ලිමේන්තුවට එමට කිසිදු අවස්ථාවක් නොමැතිවන බවද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

ප්‍රධාන දේශපාලන පක්ෂ සුළු පක්ෂ මත යෑපිම සිදු වන්නේ සළු වීමේ අගව සියයට 5 වීම මත නිසා නොවන බවත්  පවතින මැතිවරණ ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 ලබා ගැනීමට දිනන පකෂයට නොහැකි වීම නිසා බවද මන්ත්‍රීවරයා පවසයි.

Last modified on Tuesday, 11 June 2019 14:21