April 25, 2024

"සිංහ හමුදාවකට අණ දෙන්න ඔටුවෙක් දැමුවොත් ඒ හමුදාව යුද්ධයෙන් පරාදයි" - ෆොන්සේකාගෙන් සැර කතාවක් Featured

රටේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව තමන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ‍ෆොන්සේකා මහතා පවසයි.

කැලණිය ප්‍රාද්ශීය මහලේකම් කාර්යාලයේදී ඊයේ (13) පැවති වැඩසටහනකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රටේ පවතින ත්‍රස්ත උවඳුර මැඬලීමට විදෙස් හමුදා මෙරටට ගෙන්වීම අනවශ්‍ය කරුණක් බවයි.

මෙවැනි විශාල බෝම්බ ප්‍රහාර එල්ල වී සුමාන දෙකකින් හෝ තුනකින් යථා තත්ත්වයට පැමිණෙයි කියා කවුරුන් හෝ සිතනවා නම් එසේ සිතන්නේ මනස විකෘති වු අය බව ද ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙය විශාල සංවිධානයක් බවත් එය මැඩලීම සඳහා ක්‍රමානුකූලව වැඩ කරන්නේ නම් වසර 2ක පමණ ඉලක්කයක් යැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළ ෆොන්සේකා මහතා, පසුගිය යුද්ධය ද අවසන් කිරීමට වසර 2 යි මාස 9ක් ගතවු බව සඳහන් කළේය.

විදේශ හමුදා මෙරටට පැමිණ ප්‍රයෝජනයක් නොමැති බවත් ,ISIS ප්‍රශ්නයේ දී ලෝකයේ ඕනෑම රටකින් ගත හැකි වුවත් අපේ තියෙන වෙඩි බලය හොඳටම ප්‍රමාණවත් බවත් පැවසු ෆොන්සේකා මහතා, එය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට මොළයක් අවශ්‍ය බවත් “සිංහ හමුදාවකට අණ දෙන්න ඔටුවෙක් දැමුවොත් ඒ හමුදාව යුද්ධයෙන් පරාදයි“ යනුවෙන් ද පැවසීය.

Last modified on Tuesday, 14 May 2019 11:57