March 28, 2024

තම ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනපති තීරණය කර නෑ Featured

සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
 
පක්‍ෂයේ ඇතැම් පිරිසකට ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව මතය විමසීමට අවශ්‍යතාවක් තිබුණද ඒ පිළිබඳව ජනාධිපතිවරයා මේ වනතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නොමැති බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
ඇතැම් අයට ජනාධිපතිවරණය කල්දමා මහ ඡන්දයකට යෑමට අවශ්‍ය වීම නිසා යම් යම් උපදේශකයන්ගේ අවශ්‍යතා මත මෙවැනි ප‍්‍රකාශ සිදුකරන බවද කී මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාගේ ධුර කාලය ජනවාරි 8 දා සහ මැයි 15 වැනිදා ද යන්න ප‍්‍රකාශ කිරීමට හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ මැතිවරණ කොමිසමට බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Last modified on Monday, 15 April 2019 12:21