April 19, 2024

ඩුබායි නීතියට වරදකරුවෙක් වුණොත් මධුෂ් ලංකාවට ගේන්න බෑ Featured

February 18, 2019

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙරටට භාරදිය හැක්කේ ඔවුන් සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අධිකරණ ක‍්‍රියාවලියේදී එරට නීතිරීති අනුව ඔහු වරදකරු නොවුණහොත් පමණක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්‍ෂක බලධාරීන් විසින් ශ‍්‍රී ලංකා ආරක්‍ෂක බලධාරීන් වෙත දැනුම් දී ඇත.
 
 මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මධුෂ් ඇතුළුව අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව අධිකරණ කටයුතු ආරම්භ වී ඇති අතර එහිදී ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්‍ෂා කර තිබේ.
 
 එහිදී එම පිරිසෙන් කොටසක් තහනම් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට එම වෛද්‍ය පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ.
 
 එරට නීතිය අනුව තහනම් මත්ද්‍රව්‍ය භාවිතය හා ළඟ තබාගැනීම යන වරදවල් දෙකම මරණීය දණ්ඩනය ලබාදිය හැකි වරදවල් වේ.
 
 මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයකු පැවසුවේ ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ මධුෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ඡා සිදුකරගෙන යන බවයි.

Last modified on Monday, 18 February 2019 08:00

Related items