March 29, 2024

ජෝන් - අනුර - චන්දිම - සුසිල් ශ්‍රීලනිප තනතුරුවලින් දොට්ට! දයාසිරි ඇතුළු පිරිසකට නව පත්වීම්

September 22, 2018

රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති චන්දිම වීරක්කොඩි සහ කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එම ධූරවලින් ඉවත් කර තිබේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පත් කෙරුණු නව ආසන සංවිධායකවරුන් සහ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ සහ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා පත්කෙරුණු නව සභාපතිවරුන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

මේ අනුව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මැද කොළඹ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ. බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර හෙක්ටර් බෙත්මගේ මහතා සහ හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පත්වීම් ලැබීය.

නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියන්න මහතා ගම්පහ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්කර තිබේ. සුමිතා පි‍්‍රයංගනී අබේධීර මහත්මිය මතුගම ආසනයේ මතුගම ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශය භාර සම සංවිධායකවරියයි.

සුරංග ප‍්‍රෂාන් හිඳැල්ලආරච්චි මහතා මතුගම ආසනයේ දොඩම්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශය භාර සම සංවිධායකවරයා සහ දොඩංගොඩ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා වෙයි.

අමාත්‍ය පියසේන ගමගේ මහතා ගාල්ල දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් කර තිබේ. අමිල හර්ෂණ කාරියවසම් මහතා බෙන්තර-ඇල්පිටිය ආසනයේ සංවිධායකවරයා ලෙස සහ බෙන්තොට ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් කර ඇත.

එන්. ඩී. සුසන්ත ලාල් ජයවීර මහතා කරන්දෙණිය ආසනයේ සංවිධායකවරයා ලෙස සහ එහි ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත්වීම් ලැබීය. තිසර ගුණසිංහ මහතා හබරාදූව ආසනයේ සංවිධායකවරයා ලෙස සහ එහි ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

අතුල කුමාර රාහුබද්ධ මහතා රත්නපුර දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස හා රත්නපුර ආසනයට අයත් ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත්වීම් ලැබීය.

දයාසිරි ජයසේකර මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ති‍්‍රක් නායක, දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සම සභාපති සහ පන්නල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

වෛද්‍ය කීර්ති ෆොන්සේකා මහතා යාපහුව ආසන සංවිධායකවරයා ලෙස සහ එහි ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත්ව සිටි.

ඒ. එච්. එම්. නාහීර් මහතා මුන්දලම ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්වීම් ලැබීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 September 2018 13:07