March 29, 2024

කල් දැමූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම ජනපති අද කැඳවයි - 15දෙනා රැස්වීම වර්ජනය කරති

September 20, 2018

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (19) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි එය අද (20) පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේදී අද සවස 6.00ට මධ්‍යම කාරක සභාව රැස්වේ.

ශ්‍රීලනිපයේ ආරංචි මාර්ග සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදී මතෛක් ප්‍රතිසංවිධාන කටයුතු කර නැති ආසන සංවිධායකයන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

මධ්‍යම කාරක සභා රැස්වීමට තමා ඇතුළු ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමට ද ආරාධනා කර ඇතත් ඒ සඳහා සහභාගි නොවීමට තමා ඇතුළු කණ්ඩායමක් තීරණය කර තිබෙන බව අප කළ විමසීමකදී එහි ‍‍‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන තෙක් පක්ෂයේ කටයුතු සඳහා සහභාගි නොවීමට තීරණය කර තිබෙන බව ද එහෙත් මධ්‍යම කාරක සභාව සඳහා එම කණ්ඩායමේ කිහිප දෙනකු සහභාගි වන බවද පක්ෂ ආරංචි මාර්ග පැවසී ය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසූවේ මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මධ්‍යම කාරක සභා රැස්වීමට පැමිණෙන ලෙස 15 දෙනාගේ කණ්ඩායමට ආරාධනා කෙරුණු බවත් ඊට සහභාගි නොවන බව 15 දෙනාගේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලිඛිතව දන්වා යැවූ බවත්ය.

එම දැනුම් දීමෙන් අනතුරුව පසුගිය 18දා යළි 15 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රිවරුන්ගේ ජංගම දුරකථන වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට පැමිණෙන ලෙසට කෙටි පණිවුඩ ලැබී තිබෙන බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තහවුරු කළේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 September 2018 11:07