April 20, 2024

ලොකු වෙනසකට ශ්‍රීලනිප මන්ත්‍රීවරු දුමින්දගේ නිවසේ රහස් සාකච්ඡාවක - මහින්ද හදිසියේම ඒකාබද්ධ නායකයින් කැඳවයි

February 20, 2018

අගමැති තනතුර වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක නිරත වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම සාකච්ඡාව පවත්වා ඇත්තේ ශ්‍රීලනිප මහලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ කොළඹ පිහිටි නිළ නිවසේදී බව වාර්තා වේ.

එම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, දුෂ්මන්ත මිත්‍රපාල සහ රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

අගමැතිවරයා යටතේ ජාතික ආණ්ඩුව තුළ රැදී සිටිමින් ඉදිරියටත් රජය පවත්වාගෙන යාම සුදුසු විකල්පයක් නොවන බවට එම සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.

තවත් මැතිවරණ කිහිපයකට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන බැවින් ඒ සඳහා අගමැති තනතුර වෙනස් කළ යුතු බව එම සාකච්ඡාවේදී අමාත්‍යවරුන් පෙන්වා දී ඇත.

මේ අනුව අගමැති තනතුර වෙනස් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ඊයේ රාත්‍රියේ පැවැති මෙම විශේෂ සාකච්ඡාවේදී අවධානයට ලක්වූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අතර හමුවක් අද (20) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේ දී පැවැත්වේ.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙන බව වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 21 February 2018 10:11