April 23, 2024

අගමැති ලංකාවට පැමිණි පසු ගෝඨාභය අත්අඩංගුවට

November 22, 2017

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ලඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග පවසයි.

ඒ සඳහා නීතිපතිවරයාගේ අනුමැතියද හිමිව ඇති බවද පොලිස්පතිවරයාට නියෝගය ලැබුණු පසු ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පැවසී ය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ මේවන විට ඉන්දීය සංචාරයක නිරතව සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සිකුරාදා මෙරටට පැමිණි පසු ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.

පළමු ඉලක්කය මහින්ද?

කෙසේ වෙතත් ඊයේ (21) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති 20 වන සමෘද්ධි සම්මේලනය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවයි.

වත්මන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන දේශපලනඥයින් ඇතුළු සියලු දෙනා සිරගත කිරීමේ  ක්‍රියාවලියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව කෙතරම් පළිගන්නවා ද කියතොත් අද වන විට එහි පළමු ඉලක්කය තමා බවත් ඉන් අනතුරුය සිය පවුලේ සමාජිකයින් වන බවත් කියා සිටියේය.

එනිසා ඉදිරියේ දී මොවුන් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත හැකි බවත් රජයට හා ව්‍යවස්ථාවට විරුද්ධව එළිය සංවාද කවය විසින් රට පුරා සංවාද පැවැත් වු බවත්, එය වැළැක්වීමට නොයෙක් දේ රජය සිදු කරනු ලබන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(5 votes)
Last modified on Thursday, 23 November 2017 10:29