March 29, 2024

යහපාලන ආණ්ඩුවේ පක්ෂයක් මහින්දගේ පක්ෂයට එක්වෙයි - බැසිල් සමඟ එකඟතාවයක්

කඳුරට ජාතික පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව තරග කිරීමට එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව එම පෙරමුණේ සභාපති වෛද්‍ය රිෂි සෙන්දිර් රාජ් ඇතුළු මධ්‍යම කාරක සභා නියෝජිතයන් ඊයේ (17) බත්තරමුල්ල නෙලුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ දී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමු විය.

එහිදී එම පක්ෂයේ නියෝජිතයන් සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවීම සඳහා තම පක්ෂයට හැකියාව තිබෙන බවත්, කෑගල්ල, බදුල්ල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක සඳහාද අපේක්ෂකයන් ඉදිරිපත් කර එම දිස්ත්‍රික්ක සියල්ල පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙයවීමේ ශක්තිය තමන් සතු බවත් ය.

පසුගිය ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී වර්තමාන රජයට සහාය පළ කළ කදුකරයේ ප්‍රමුඛතම දේශපාලන බලවේගයක් වන කඳුරට ජාතික පෙරමුණ උතුරු සහ නැගෙනහිර දෙපළාතෙන් බැහැරව ජීවත් වන දෙමළ ජනතාව පදනම් කර ගනිමින් 2015 වසරේදී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් බිහි වූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකුද වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 October 2017 10:05