හෙට (20) සහ අනිද්දා (21) දෙදින තුළ පාර්ලිමේන්තුවේ පැති මාරුවීම් ඇතුළු පෙරළියක් සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එම දෙදින තුළදී විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම යන පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී විවාදයට ගතහොත් බොහෝදුරට එම පෙරළි සිදුවනු ඇති බවට වාර්තා වෙයි.
කෙසේ වෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත අනිද්දා (21) පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කර තිබෙන බවයි.
එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නේද යන්න සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාකොට මෙම තීන්දුව ගෙන තිබෙන බව ද වාර්තා වෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී තිබිණි.
එම පනත් කෙටුම්පත අනිද්දා (21) විවාදයට නොගන්නා බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන්ට දැනුම් දී තිබේ.
මේ තත්ත්වය පදනම් කරගෙන හෙට හා අනිද්දා ආණ්ඩුව ගන්නා තීරණය අනුව සියල්ල සිදුවනු ඇත.
මේ අතර විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක කරූ ජයසූරිය වෙත ලැබී ඇති බවද වාර්තා වෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබීමෙන් එළැඹෙන පළමු වැනි රැස්වීම් දිනයේදී කතානායකවරයා එම තීන්දුව සභාවට දිය යුතු බව ස්ථාවර නියෝග 50 (2) (ඇ) යටතේ සඳහන්ය. ඒ අනුව කතානායකවරයා එම තීන්දුව අද (19) සභාවට දැනුම් දීමට නියමිතය.