April 19, 2024

ඛනිජ තෙල් වර්ජනය අවසන්

ඛනිජ තෙල් සංස්ථා සේවක වෘත්තීය සමිති එකමුතුව විසින් ගෙන ගිය වැඩවර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

අද (24) පස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවීමට ඔවුන් තීරණය කළ බව ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් නොකරන බවට අග්‍රාමාත්‍යවරයා විසින් පොරොන්දුවක් ලබාදුන් බවත් මේ හේතුව නිසා වෘත්තීය ක්‍රියා මාර්ගය අත් හළ බවත්, ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට සුපුරුදු ලෙස රාජකාරියේ නිරතවන බවත් ඛනිජ තෙල් සංස්ථා සේවක වෘත්තීය සමිති එකමුතුව සදහන් කරයි.

හෙටින් (24) ආරම්භ වන සිය ඉන්දීය නිල සංචාරය අතරතුර අදාළ තෙල් ටැංකි සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බවට අගමැතිවරයා ලිඛිත පොරොන්දුවක් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 April 2017 11:15