January 24, 2018

යුද සමයේ දී ඉන්දියාවට පලා ගිය දෙමළ සරණාගතයින් 39784 ක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින බව මධ්‍යම රජය විසින් සිදු කළ සමීක්ෂණයකදී හෙළි වී තිබේ.

ඉන්දීය මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍යංශය මෙම සමීක්ෂණය සිදු කොට ඇත්තේ පසුගිය ජනවාරි මස 4 වෙනිදා සිට 9 වෙනිදා දක්වා වූ කාලය තුලදීය.

ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කදවුරු 107 ක ජීවත් වන බවද මෙම සමීක්ෂණයේදී හෙලි වී තිබේ.

මේම කදවුරුවල ගොඩනැගිලිවලින් ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් අවුරුදු 100 කට වඩා පැරණි නිසා ඒ වෙනුවෙන් නව ගොඩනැගිලි ලබා දිය යුතු බවත්,ඉන්දියාවේ සිටින සරණාගතයින්ගෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ පුරවැසිභාවය ඉල්ලා සිටින පිරිසට පුරවැසිභාවය ලබා දීම පිළිබදව සලකා බැලීමක් සිදු කල යුතු බවත් තමිල්නාඩු ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් විසින් මධ්‍යම රජයෙන් කල ඉල්ලීමකින් පසුව මෙම සමීක්ෂණය සිදු කොට තිබේ.

(දිනසේන රතුගමගේ)

 

ඉන්දීය රජය මගින් කන්කසන්තුරේ වරාය සංවර්ධනය කලද එම පළාත් වල වැසියන්ට අහිමි වී ඇති ඉඩම් සියල්ලම ආපසු ලබා දීමට වහාම වැඩ පිළිවෙලක් සකස් කරන මෙන් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

අමාත්‍යවරයා යාපනයේ පලාලි ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදී ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා අමාත්‍යවරයාට පවසා ඇත්තේ කන්කසන්තුරේ හා පලාලි ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු නිසා ඉඩම් අක්කර 20,000 ක් පමණ ජනතාවට අහිමි වී ඇති බවයි.

මෙවැනි තත්ත්වයක් යටතේ කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමට ඉන්දීය රජය කටයුතු කිරීමේදී තවත් ඉඩම් විශාල ප්‍රමාණයක් උතුරේ වැසියන්ට අහිමි වී යා හැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

විශේෂයෙන්ම කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමේ දී ඊට ආසන්නයේ පිහිටි මයිලිට්ටි ධීවර වරාය උතුරේ ධීවරයින්ට ලබා දීම සිදු විය යුතු බවත් නාවික හමුදාව විසින් ඒ ආසන්නයේ පිහිටි ධීවර වරායන් ගණනාවක මසුන් මැරීමේ කටයුතු සදහා ධීවරයින්ට පනවා ඇති තහංචි ඉවත් කල යුතු බවත් පෙන්වා දී තිබේ.

(දිනසේන රතුගමගේ)

 

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින ප්‍රශ්න වලට විසදුම් සපයා දීමට ඉන්දීය රජය මගින් දක්වන සැලකිල්ල පිළිබදව සතුටට පත් විය නොහැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් තාරාන්ජිත් සිං සාන්ධු මහතාට පවසා තිබේ.

ප්‍රධාන අමාත්‍යවරයා හා ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවති අවස්ථාවේ දී ඔහු මේ බව පවසා තිබේ.

උතුරු හා නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම උතුරු නැගෙනහිර අර්බුදය විසදීමට මුලින්ම ගතයුතු පියවර බව දෙමළ නායකයින් ඉන්දීය රජයට මතක් කොට සිටියේ ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් අධිකරණයේ පැවැත්වෙමින් තිබූ කාල වකවානුවේදී බව ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාට පෙන්වා දී තිබේ.

උතුරු නැගෙනහිර පළාත් දෙක වෙන් කරන ලෙස අධිකරණ නියෝගයක් ලබා දීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් වුවත් ඉන්දීය රජයට ඊට මැදිහත් වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබුණු නමුත් ඉන්දීය රජය එසේ නොකළේ මන්ද යන්න බලවත් ප්‍රශ්නයක් බව මෙහිදී විග්නේශ්වර  ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත.

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින භූගෝලීය හා දේශපාලන රටාවද සමාජ ආර්ථික ක්‍රමයද ඉන්දියාවට සමාන බවත්,ඉතිහාසයේදී ඉන්දියාව එම ගැටළු විසදා ගැනීමට අනුගමනය කල ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවටද අනුගමනය කල හැකි නමුත් ඒ වෙනුවෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජයට කෙරෙන බලපෑම් ප්‍රමාණවත් නොවන බව ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාට පෙන්වා දී තිබේ.

උතුරේ සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය තවත් යෝජනා කීපයක් පිළිබදව වූ වාර්තාවක් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයාට බාරදී ඇති අතර එම සංවර්ධන යෝජනා ක්‍රම වෙනුවෙන් ඉන්දීය රජයේ සහය ලබා දෙන මෙන්ද ඉල්ලීමක් කොට තිබේ.

(දිනසේන රතුගමගේ)

 

තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ද්‍රෝහී වූයේ නැති බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.

ඒ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ ඔක්කොම ඉන්දැද්දී තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එළියට බැස්සේ. කොහොමද ගේම? රැස්වීම් තිබ්බම අපි සෙනග පෙන්නලා මුළු රටේම එක විදියට කොඩි කණු අන්තිමට කණුව තමයි පොල්ල. පරාදයි බඩු බනිස්. අපි ඉවරයි. ටිකිරි මොලේට කල්පනා කරාම වෙන කරන්න දෙයක් නැහැ. අපේ මනුස්සයානේ. කෝල් එකක් දුන්නා අනේ සර් අපේ මිනිස්සුන්ට ගහන්න. නෑ කිව්වා එක පාරට. මචන් අගමැති යූ.එන්.පී ජනාධිපති ශ්‍රී ලංකා. ඉබ්බා දියේ දැම්මා වගේ ඇන්නෑවේ කියවුණා මට. මම තනියම ගියා හාමුදුරුවනේ. ගිහිල්ලා බුලත් අතක් දුන්නා. මොකෝ මචන් මගුල් ගෙයක්ද කියලා ඇහුවා. මන් කිව්වා ඔව් මංගල කාරණාවක්. සභාපතියි ලේඛමුයි ජන්දේ ඉල්ලුවා. සභාපති පරාදයි, ලේකම් දිනුවා. හක හක ගාලා හිනා වුණා.”

“අපි මේ පක්ෂය එතුමාට භාර දෙන්නේ එක හේතුවක් තිබුණා. සිදුහත් තවුසා පස්වග තවුසෝ ළඟ හිටියේ. හැබැයි බුදු වුණාට පස්වග තවුසෝ දැන ගත්තේ නැහැ. බුදු වුණා කියලා දැන ගත්තේ මාරයා. ඊළඟට හතරවරම් දෙවියෝ දැන ගත්තා. සක්‍රයා දැන ගත්තා. සක්‍රයාගේ පුතා වයිමවත් දැන ගත්තේ නැහැ. ඒ වුණාට සොයිසා දැන ගත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා. ඇයි මේ ව්‍යවස්ථාව වෙනස් කළේ චන්ද්‍රිකා කෙලින්න. මේකේ ඉන්න හැතිකරේ කල්පනා කළා සොයිසා ගිහිල්ලා අප්පච්චි මලා කිව්වා. වැඩේ මු තමයි පක්ෂයේ මහින්ද මහත්තයට ද්‍රෝහී වුණේ. අනේ මහින්ද මහත්තයෝ මම ඔබට ද්‍රෝහී වූවා නොව පාක්ෂිකයන් බේරා ගැනීම සඳහා මැදිහත් වුවා පමණි. මේකේ අල්ලපු යුද්දේ දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මන්ත්‍රීවරු 137ක් තියාගෙන රනිල් වික්‍රමසිංහව අගමැති කරන්න පුළුවන් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි මෛත්‍රී එක්ක එකතු වෙච්ච නිසා බව අමාත්‍ය එස්.බී.දිසානයක මහතා පවසයි.

ඒ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ලෝකේ පළවෙනි වතාවට භයානක හොරකමක් වෙනවා. කාගේ ආණ්ඩුව යටතේද මේක වුණේ? මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව යටතේ නෙවෙයි. ඒක සිද්ධ වුණේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අර යහපාලනේ. අර හොරකමට විරුද්ධව පත් කරපු ආණ්ඩුව. ඒක ගැන එයාට හොයන්න අයිතියක් නැද්ද? ඇයි මේ එක්සත් ජාතික පක්ෂය මේකට කලබල වෙන්නේ? අපිට බනිනවා ඔය එකෙක්වත් මෛත්‍රීපාලව බලයට පත් කළේ නැහැ අපි තමයි පත් කළේ. ඇත්ත තමයි. අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පරාද කරන්න තමයි දැගලුවේ. හැබැයි අපි එකක් කියනවා. මන්ත්‍රීවරු 137ක් තියාගෙන රනිල් වික්‍රමසිංහව අගමැති කරන්න පුළුවන් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි මෛත්‍රී එක්ක එකතු වෙච්ච නිසා. දින 100න් එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සුන්ට ඇමතිකම් ගන්න පුළුවන් වුණේ අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක එකතු වෙච්ච නිසා.”

තමාව හෙට පක්ෂයෙන් එලෙවුවත් ඇත්ත කතාව නම් බැදුම්කර හොරකමක් සිදු වූ බවත් ජනාධිපතිවරයා සමග ගැටුම් ඇති කර ගතයුතු නැති බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක ජන හමුවක් අමතමිනි.

එහිදී රන්ජන් රාමනායක මහතා මෙසේද පැවසී ය.

“අපේ එවුනුත් ලේසි නෑ. අවුරුදු විස්සක් හිටියේ විපක්‍ෂයෙනෙ. ඒ හින්ද කෙලගෙන කෙලගෙන ගියා. ඒක තමයි ඇත්ත කතාව. මට හෙට ආසනේ නැතිවුණත්, මාව පක්‍ෂයෙන් එලෙවුවත්, බැදුම්කර හොරකමක් සිද්ද වුනා. ඒක තමයි ඇත්ත කතාව. බොරු කියන්න බෑ. මුඛ පිලිකා එනවා. අපේ අයත් හොරකං කලා. ඒක තමයි ඇත්ත. එතකොට ඒ හොරු අල්ලන එක මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ යුතුකමක්. ඡන්ද පොරොන්දුවක්. ජනාධිපති කොමිසමක් දාල ඒ හොරු අල්ලන්න අද මූලික පියවර අරන් තියෙනව.“

“මම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් ඇතුළු සියළු දෙනාගෙන් ඉල්ල හිටින්නෙ මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා ඒක ගැටුම් ඇති කරගන්න අවශ්‍ය නෑ. මේ අපේ ජනාධිපති. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දින්නෙ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින්. අපි ඇයි මෛත‍්‍රීපාල ජනාධිපතිතුමාව අර පරණ හොරු ටික ළගට තල්ලු කරන්නෙ. එහෙම කරන්න හොද නෑ’ නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසී ය.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකා රජයට ඉටු කරන මෙන් දැනුම් දී ඇති කරුණු කාරණාවලින් කිසිදු කරුණක් මේ වනතුරු ඉටු වී නැතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතා ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතාට දැනුම් දී තිබේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හා ඇමරිකානු තානාපතිවරයා අතර හමුවක් ඊයේ(15) කොළඹ දී සිදු වූ අවස්ථාවේදී ඔහු මේ බව සදහන් කොට ඇති අතර විශේෂ ලිපියක් ද එම අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් තානාපතිවරයාට බාරදී තිබේ.

විග්නේශ්වරන් මහතා මෙහිදී අවධාරණය කොට ඇත්තේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් ශ්‍රී ලංකා රජයට ඉටු කිරීමට නිර්දේශ කරන ලද කරුණු යළිත් වරක් ඇමරිකාව විසින් ශ්‍රී ලංකා රජයට යළි මතක් කොට දිය යුතු බවයි.

මේ නිසා ලබන මාර්තු මාසයේදී ජිනීවා නුවරදී පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වෙනි සැසිවාරයේදී අනිවාර්යෙන්ම මේ කරුණු ඉටු කරන මෙන් ශ්‍රී ලංකා රජයට බල කල යුතු බව පවසා ඇති ප්‍රධාන අමාත්‍යවරයා යම් රජයක් විසින් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් නිර්දේශ කරණු ලබන දේ ඉටු නොකළහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ගයන් ඉතා පැහැදිලි විය යුතු බවද පෙන්වා දී තිබේ.

රජය නව ව්‍යවස්ථා සංශෝධනයකට යන බවත් ඉන් උතුරු නැගෙනහිර අර්බුදයට විසදුම් රැසක් ලැබෙන බවත් පසුගිය සැසිවාරයේදී ප්‍රකාශ කලත්, මේ වන තුරු නව ව්‍යවස්ථා සංශෝධනයක් පිලිබදව අපේක්ෂාවන් දල්වා ගැනීමට හැකියාවක් නොමැති බව ද ප්‍රධාන අමාත්‍යවරයා ඇමරිකානු තානාපතිවරයාට පෙන්වා දී තිබේ.

වැරදි කරපු අය හෙළිදරව් කර ඒ අයට දඬුවම් කිරීම සිදු නොකරන බවත් මේ වාර්තාවලින් දේශපාලන ගේම් ගැහිල්ලක් සිදු කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා මෙසේ ද පැවසීය.

“කොමිසමක් තිබ්බා. පරීක්ෂණයක් තිබ්බා. වාර්තාවක් හැදුවා. වාර්තා ටික හංගගෙන ඉන්නවා. ඒකෙන් අපට පේනවා කොමිසන් පත්කිරිලි, වාර්තා හැදිලි වගේ ඒවා තියෙන්නේ, දේශපාලන අරමුණු සඳහා පාවිච්චි කර ගැනීම සඳහා මිස ඇත්තටම වැරදි කරපු අය හෙළිදරව් කරලා ඒ අයට දඬුවම් කිරීමට නෙවෙයි. මේ වාර්තාවලින් දේශපාලන ගේම් ගැහිල්ලක් තමයි මේක ඇතුළේ තියෙන්නේ. ශ්‍රී ලංකා එයාර් ගුවන් සේවය සහ මිහින් ලංකා ගුවන් සේවය සම්බන්ධත් ජනාධිපතිතුමා දැන් කියලා තියෙනවා, කොමිසන් එකක් පත් කරනවා කියලා. ඒක නිසා මෙහෙම කොමිසමක් දානවා කියලා කිව්වම මහින්ද රාජපක්ෂ කණ්ඩායම බයට පත් වෙනවා. ඊට පස්සේ ඒ කණ්ඩායම මෛත්‍රීපාල මහත්තයට එරෙහිව එල්ල වෙන පීඩාව  තව පොඩ්ඩක් අඩු කර ගන්නවා. එතකොට ආයේ පරීක්ෂණය යට යනවා. ඒ නිසා කොමිෂන් වාර්තා තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් සමඟ ක්‍රීඩා කිරීම සඳහා පාවිච්චි කර ගැනීමේ ස්වභාවයක් අපි දකිමින් ඉන්නවා. අපි හිතනවා ඒක ඉතාමත්ම නරකයි රටකට.”

 

‘‘දැන් මේගොල්ලො හිතන් ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂට කෙළියා වගේ අපේ පිහිටෙන් ජනාධිපතිවෙලා ඊළඟ ඡන්දෙදි අපට කෙළින්න‘‘යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා  පවසයි.

ඒ ගොතටුව මාණික්කමුල්ලේ  පැවැති ජනහමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

‘‘දැන් මං අහගෙන කියනවා ඊයේ පෙරේදා ඒ අය ඒ අයට හොරා කියනවා. මේ අය මේ අයට හොරා කියනවාලු. හරියට පිටකොටුවේ පික්පොකට් ගහල දුවන අය වගේලු. ඔව් අපි පික්පොකැට් ගැහුවා. මහින්ද රාජපක්ෂගේ සාක්කුවට පික්පොකට් ගහල ඒ පික්පොකට් ගහල උස්සපු කෙනා තමයි අද ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්නේ. එයාට මතක නෑ පික්පොකැට් ගහපු ජනාධිපති කෙනෙක් එයා කියලා. ඒ නිසා පික්පොකැට් ජනාධිපති කළේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදා කරන්න‘‘ 

 

මෙයා 5 මදි වෙලා 6ක් කොරගන්න ගියා. ඕක තමයි පරිස්සම් වෙන්න ඕනේ උපදේශකයන්ගෙන් යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මාලබේ අරංගල ප්‍රදේශයේ ඊයේ පැවති ජන රැළියකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“කවදාකවත් මෙහෙම ආණ්ඩු තිබුණේ නැහැ මේ වගේ පලි ගත්ත. අපිට බැන්නම, අපිට දොස් කිවුවම එයාලා කරන වැරදි ඔක්කොම වැහෙනවා කියලා. වරදියි මහත්තයෝ. මට බැන බැන ගියා අවුරුදු 2ක් තියලා මම ආවයි ඉස්සර කියලා. මම පරිත්‍යාග කළා අවුරුදු 2ක්. වැඩේ වැරදුනා. එතකොට ඒක පරිත්‍යාගයක්. හැබැයි මෙයා මොකද කළේ 5 මදි වෙලා 6ක් කොරගන්න ගියා. ඕක තමයි පරිස්සම් වෙන්න ඕනේ උපදේශකයන්ගෙන්. රටක පාලනයක් නැහැ. කුලල් කා ගන්නවා ඇමතිවරු. එකාට එකා බැන ගන්නවා. අනිත් එකාට හොරා කිය කිය. ජනතාව ඉදිරියේ මෙයලා නිර්වස්ත්‍ර වෙනවා කියන එකයි අද අපිට පෙන්නේ. මෙයාලා ගිහිල්ලා අද මොනවද කරන්නේ? කරපු වැඩක් තියෙනවද? අපි කරපු වැඩ විවෘත කරනවා. මේවට රැවටෙන රටක්, ජාතියක් අද නැහැ."

"මම දැක්කා එක හාමිනේ කෙනෙක් කියනවා, මම තුනෙන් 2ක් ඉවර කරලා තිබුණා. මහින්ද ටිකයි කොරේ කියලා. සියලු වැඩ කරලා තියෙන්නේ එතුමිය. වෙන කවුරුවත් කොරලා නැහැ. රට දන්නවා මේවා පිළිබඳව. එයාලා ගැන කතා කරලා වැඩක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අද තියෙන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති නෙවෙයි, අද තියෙන්නේ චන්ද්‍රිකා කුමාරණතුංග බණ්ඩාරනායක ප්‍රතිපත්ති. ඒකයි වැරදිලා තියෙන්නේ. එදා 08 වෙනිදා වෙච්ච වැරැද්ද අද නිවැරදි කිරීමට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා 10 වෙනිදට කියලා තමුන්නාන්සේලාට මතක් කරනවා. ඒ අන් කිසිවක් නෙවෙයි පොහොට්ටුවට ජන්දේ දීලා”යැයිද වැඩිදුරටත් පවසයි. 

Page 8 of 1677