January 24, 2018

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිසම ජනාධිපතිවරයා වෙත ලබාදුන් වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

එම වාර්තාව ප්‍රධාන පරිච්ජේද 34 කින් සමන්විතයි. ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය සදහා පත් කෙරුණු ජනාධිපති කොමිසම ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිය විමර්ශන සිදුකර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය කටයුතු, පර්පර්චුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ක්‍රියාකාරීත්වය, ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සඳහා එවක මහ බැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිදුකළ මැදිහත්වීමල ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතන මගින් ලබාගත් තොරතුරු ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සකස් කළ වාර්තාවල පර්පර්චුවෙල් ට්‍රෙෂරීස් සමාගම අදාල කාලය තුළ ඉපැයූ ලාභය, ශ්‍රී ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුතුව හරහා ලබාඇති පාඩු ආදී කරුණු රැසක් ඇතුළත් වේ.

මෙම වාර්තාව මගින් බැදුම්කර කොමිසම පෙන්වා දී ඇත්තේ 2014 වසරේ මුල් සමයේ ව්‍යාපාර කටයුතු ඇරඹූ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම එම වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වූ මුල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 3.7 ක පාඩුවක් ලබා ඇති බවයි.

නමුත්, 2014 වසරේ අප්‍රේල් මස 01වැනිදායි ඇරඹි ඊළග මුල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 959.5 ක ශුද්ධ ලාභයක් උපයා ඇති බවත්, 2015 අප්‍රේල් මස 1 වැනිදා ඇරඹි මුල්‍ය වර්ෂයේදී ශුද්ධ ලාභය රුපියල් බිලියන 5.124 ක් දක්වා වර්ධනය කරගෙන ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

2015 පෙබරවාරි 27 වැනි දින සිදුවූ පළමු ප්‍රශ්නගත බැදුම්කර නිකුතුවේදී සිදුවූ රුපියල් හැට අට කෝටි අසූ හත් ලක්ෂ 62,100 ක පාඩුව වෙන්දේසිය සදහා අර්ජුන් මහේන්ද්‍රන්ගේ මැදිහත් වීම සිදු නොවූයේ නම් වළක්වා ගැනීමට තිබූ බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

එම වාර්තා යටතේ එවක මුදල් ඇමතිවරයාව සිටි රවී කරුණානායක මහතා සහ අර්ජුන් ඇලෝෂියස් මහතා අතර පැවැති දුරකතන සංවාද සම්බන්ධයෙන් ද සටහන් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් කල ප්‍රශ්න කිරීම්වලදී එම තනතුර සදහා විදේශිකයෙකු පත් කිරීම පිළිබඳ අගමැතිවරයා ලබාදුන් ප්‍රකාශ පිළිබඳව ද කොමිසම විශේෂයෙන් සඳහන් කර තිබේ. එසේම අගමැතිවරයා විසින් මේ සම්බන්ධයෙන්සොයා බැලීමට පත් කළ පිටිපන කමිටුවට බැඳුම්කර සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ඇති පුද්ගලයින් පත්කර නොතිබීම පිළිබඳව ද කොමිසමේ අවධානය යොමු වී ඇත.

රවී කරුණානායක මහතා කොමිසම ඉදිරියේ දිවුරුමක් පිට ලබාදුන් සාක්ෂි සත්‍ය නොමැති බව පෙනීයන බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ 179 වන වගන්තිය හෝ 188 වන වගන්තිය යටතේ හෝ වෙනත් අදාළ නීති යටතේ ක්‍රියා කිරීමට සුදුසු බවට නීතිපතිවරයාට නිර්දේශ කරන බවයි.

පළමු බැදුම්කර නිකුතුවේදී ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවූ පාඩුවට එවකට මහ බැංකු අධීපති වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතා වගකිව යුතු බවත් අදාළ පාඩුව අයකර ගැනීම සදහා ඔහුට එරෙහිව කටයුතු කළ යුතු බවත් මෙම නිර්දේශ වලට ඇතුළත් වේ.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණය කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාවේ සම්පූර්ණ ඉංග‍්‍රීසි පිටපත හා එහි සංක්‍ෂිප්ත සිංහල සටහන පහතින් දැක්වෙයි.

CBSL Bond Book Edited A4 No Signature by lankaCnews on Scribd

‘‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අාපහු ගන්න මම අද ඔපරේෂන් ටූ ක්‍රියාත්මක කරලයි ආවේ‘‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (17) පස්වරුවේ ඇල්පිටිය ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ සහ බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ කටයුතු එකලෙස කි‍්‍රයාත්මක කරමින් හොරුන්ට දඬුවම් ලබාදීමට සහ සොරාගත් ජනතා මුදල් ආපසු අය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසී ය.

‘‘පසුගිය කාලය තුල මේ රටේ ඉතිහාසයේ  සිදුවෙච්ච ලොකුම මංකොල්ලය මහ බැංකු මංකොල්ලයයි. ඒ මංකොල්ලය සොයන්න තමයි මං ජනාධිපති කොමිසමක් පත්කළේ. ඒ ජනාධිපති කොමිසම පත්කරන කොට අද අප විවේචනය කරන අය එක එක දේවල් කිව්වා. ඕවා දැම්මට ඕවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කිව්වා. මම අද දවාලේ නීතිපතිතුමා මගේ කාර්යාලයට ගෙන්නුවා. අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්තුමාට එන්න කිව්වා. මහ බැංකුවේ අධිපතිතුමාට එන්න කිව්වා. රජයේ ක්ෂේත්‍රවල නීති විශාරදයන්ට එන්න කිව්වා. ඒ සියලුම දෙනාට එන්න කියල මං ඒ සාකච්ඡාව අවසන් කරලා ආවේ. මං ඒගොල්ලන්ට කිව්වා හොරුන්ට දඩුවම්දීමට, අපෙන් හොරකම් කළ ජනතාවගේ සල්ලි ආපසු ගැනීමට ,ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ඔබට කොච්චර කාලයක් යනවද? කොච්චර කාලයකින් මේක අවසන් කරනවද කියල මං ඒ අයගෙන් අහල ඒ වැඩපිළිවෙළ හදලා මේ රැස්වීමට ආවේ හොරුන්ට දඩුවම් කරන්න‘‘ යැයි ජනපති එහිදී කියා සිටියේය.

බැඳුම්කර සිද්ධියේ වාර්තාව පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

එම නිර්දේශ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමත් එම කමිටුව මඟින් සිදු කෙරෙනු ඇත.

වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් එහි සභාපති ඩබ්. බී ගනේගල මහතා අද (17) පස්වරුවේ සිට පැය අටකට අධික කාලයක් ඔහුගේ නිල කාමරයේ හිර කර තබාගනිමින් විරෝධතාවක නිරත වූහ.
 
පසුව පොලිසිය සහ කැරළි මර්දන කණ්ඩායම් එක්ව අද රාත‍්‍රි  8.00 ට පමණ සභාපතිවරයා මුදා ගෙන ඇත.
 
ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සේවක පිරිස්  විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට අද පස්වරු 12.00ට පමණ උද්ඝෝෂණයක නිරත වූ අතර ඉන් අනතුරුව ගොඩනැගිල්ලේ සභාපතිවරයා සිටි කාමරය අසල සිට ඔහුට පිටතට ඒමට ඉඩනොදී එහි රැඳී සිටිමින් විරෝධයේ නිරතව සිට ඇත.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් විසින් දියත් කළ උද්ඝෝෂණයට පොලීසිය විසින් පහරදීමට විරෝධය පළ කරමින් එම සේවකයන් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇත.

එම වීඩියෝව පහතින්,

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී පාතහේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා බෝලෑප විහාරයේ හිමිවරු දෙදෙනෙක් පක්ෂ දෙකකින් තරඟ කිරීමට නාමයෝජනා බාර දී සිටිති.

බෝලෑපේ විහාරවාසි බෝලැපේ සුධම්ම හිමි හා හිදගොඩ ආනන්ද යන හිමිවරුන් මෙසේ පක්ෂ දෙකකින් නාම යෝජනා බාරදී ඇති අතර බෝලෑපේ සුධම්ම හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ද හිදගොඩ ආනන්ද හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද තරග වදිති.

බෝලෑපේ සුධම්ම හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි හිමිනමක් වන අතර හිදගොඩ ආනන්ද හිමි පිරිවෙන් ආචාර්යවරයකු ලෙස කටයුතු කරයි.

ජනාධිපතිවරයා විවේචනය නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැඩිව අවවාද කර තිබේ.

අද (17) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම් දීම සිදු කළ බව අමාත්‍ය නවින් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ට විරුද්ධව කරන ප්‍රකාශවලට දැඩි විරෝධය පළ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16) පැවැති කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තා වේ.

එසේ නැගිට යාමට පෙර ජනාධිපතිවරයා ඇමැතිවරුන් හමුවේ දීර්ඝ කථාවක් ද කර තිබේ.

ඊයේ පැවැති කැබිනට් රැස්වීම ආරම්භයේ දීම කැසට් රෙකෝඩරයක්ද රැගෙන රැස්වීමට පැමිණි ජනපති සිරිසේන මහතා තමන් විසින් අද කරනු ලබන ප්‍රකාශයට කැමති අය මෙන්ම අකමැති අයද සිටිය හැකි නමුත් තමන් මෙම ප්‍රකාශය කරන බවත් පවසා ඇත.

විනාඩි 35ක කාලයක් දැඩි ස්වරයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා එජාපයේ හරීන් ප්‍රනාන්දු, එස්.එම්.මරික්කාර්, නලින් බණ්ඩාර හා සුජීව සේනසිංහ වැනි ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ගේ නම් සඳහන් කරමින් දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

තමා බැඳුම්කර කොමිසම පත්කළේ එජාපයට මඩ ගැසීමට නොව හොරුන්ට දඬුවම් කිරීමට බව පවසා ඇති ජනපතිවරයා හොරුන්ට දඬුවම් දෙනවාට විරුද්ධ ද නැද්ද යනුවෙන් විමසා ඇත.

රවී කරුණානායක මුදල් ඇමැති ධූරයටත් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයටත් පත් කිරීමේදී තමා දැඩි විරෝධය පළ කළ බව කී ජනපති සිරිසේන මහතා එදා තමන් කී දේ ඇසුවානම් අද මෙවැනි අර්බුදයක් ඇතිනොවන බවද පවසා ඇත.

මේ ආකාරයට ආණ්ඩු කළ නොහැකි බව කී ජනපති සිරිසේන මහතා ආණ්ඩුව කරගෙන යනවාද නැද්ද යන්න එජාප මැති ඇමැතිවරුන් තීරණය කළ යුතු බවද කියා සිටිමින් රැස්වීමෙන් පිටව ගිය බවද වාර්තා වේ.

අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනකු ජනපති කාර්යාලයට ගොස් මෙවැන්නක් ඉදිරියට ඇතිවීමට ඉඩ නොතබන බව කියමින් ජනපතිවරයා නැවත කැබිනට් රැස්වීමට කැඳවාගෙන පැමිණ ඇතැයි වාර්තා වේ.

 

පේරාදෙණිය මහනුවර යන රෝහල්වල සායනික පුහුණුව ලබා දෙන ලෙස ඉල්ලා  සම සෞඛ්‍යය මහා ශිෂ්‍ය සංගමය අද (17) විරෝධතා පාගමනක නිරත වන අතර සිසුන් වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඇතුළු වීමට උත්සාහ දැරීම හේතුවෙන් එම ස්ථානයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.

මේ හේතුවෙන් කොළඹ ,කොටුව, පුරහල  ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබෙන අතර පොලිස් කැරලි මර්ධන ඒකකය සහ පොලීසිය මේ වන විට එම ස්ථානයේ රැදී සිටින බවද වාර්තා වේ.

 

උතුරේ මැතිවරණ කටයුතු සදහා එල්.ටී.ටී.ඊ.සංවිධානයට සම්බන්ධ දේවල් යොදා ගැනීමෙන් වළකින ලෙස සියළු පාර්ශ්වයන් දැණුම් දී තිබියදී මුලතිව් පුදුකුඩීරිප්පු ප්‍රදේශයේ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ අපේක්ෂකයින් පිරිසක් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක කිට්ටුගේ 25 වෙනි ගුණ සමරුව දේශපාලන කටයුතු සදහා යොදා ගෙන තිබේ.

මේ අවස්ථාවට විශාල පිරිසක් සහභාගි වී ඇති අතර කිට්ටුගේ කිට්ටු ඥාතීන් නොවන පිරිස් විසින් මියගිය එල්.ටී.ටී.ඊ.නියෝජ්‍ය නායක කිට්ටුගේ ඡායාරූප වලට මල්දම් පළදවා උපහාර දක්වා තිබේ.

ඒ අවස්ථාවේදී මැතිවරණ ප්‍රචාරක රැළිය නැරඹීමට පැමිණ සිටි කුඩා දරුවන් ලවාද කිට්ටුගේ ඡායාරූප වලට මල්දම් පළදවා ඇති අතර එම ක්‍රියාව මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවන්ට එල්.ටී.ටී.ඊ.නායකයින් යොදා ගැනීමට වඩා බරපතල බව මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

කිට්ටුගේ ඡායාරූපවලට මල්දම් පළදවා කතා කළ මැතිවරණ අපේක්ෂකයින් පවසා ඇත්තේ මීට වසර 25කට පෙර මියගිය කිට්ටු ඇතුළු එල්.ටී.ටී.ඊ.නායකයින් විසින් අපේක්ෂා කළ දෙමළ ජනතාවගේ විමුක්තිය හා ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සදහා දෙමළ ජාතික සන්ධානය කැපවීමෙන් ක්‍රියා කරන නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේදී සමස්ත උතුරේම බලය දෙමළ ජාතික සන්ධානයට ලබාදීමට ජනතාව තීරණය කල යුතු බවයි.

(දිනසේන රතුගමගේ)

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ සභාපතීත්වය දරන දෙමළ ජනතා සභාව පෙරේදා (16) සවස යාපනය වීරසිංහම් ශාලාවේදී නව වර්ෂය වෙනුවෙන් රැස්වීමක් සංවිධානය කොට තිබුණි.

දෙමළ ජනතා සභාව පිහිටුවා ගනු ලැබුවේ 2015 වසරේදී දෙසැම්බර් 27 වනදා යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේදී මංගල සභාව පවත්වමින් යුද්දෙන් පසුව දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් මෙතෙක් කිසිදු විසඳුමක් නොලැබීමත් ඔවුන්ගේ ගැටලු වලට විසඳුමක් වෙනුවෙන් දෙශපාලනික මැදහත් වීමකින් තොරව හඩක් නැගීමටය.

පෙරේදා පැවති දෙමල ජනතා සභාව ඇමති උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“දෙමළ ජනතා සභාවට මේ වන විට යහපත් ප්‍රතිචාර මෙරට මෙන්ම ජාත්‍යන්තරයෙන්ද ලැබෙන අතරම බොහෝ පිරිසක් ඉල්ලා සිටින්නේ දෙමළ ජනතා සභාව දේශපාලනික පක්ෂයක් වශයෙන් ජනතාව අතරට යා යුතුය. නමුත් තමන් මේ වන විටත් එවැනි තීරණයකට එලඹ නොමැති අතරම දෙමළ ජනතා සභාවට ඕනෑම දේශපාලන පක්ෂයක නියෝජිතයෙකුට සහභාගී වී දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් ඉදිරිපත් වී එම ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසී ඇති අතරම දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් හඩක් නගා ඔවුන්ට විසඳුම් ලබා දීම දෙමළ ජනතා සභාවේ එකම ජයග්‍රහණයයි.”

 (වන්නි රොමේෂ් මධුෂංඛ)

යුද සමයේ අවසන් දින කීපය තුලදී යුද හමුදාවට සාක්කි සහිතව බාර දෙන ලද එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් 400 කට වැඩි පිරිසක් අතුරුදහන් කර තිබීම සම්බන්ධයෙන් යුද හමුදාව අධිකරණයේදී කරනු ලබන ප්‍රකාශයන් සියල්ල අසත්‍ය බැවින් ඊට එරෙහිව තවත් නඩුවක් ගොණු කරන බව උතුරු පළාත් සභාවේ වනිතා කටයුතු පිළිබද ඇමතිනී ආනන්දි සෂිහරන් මහත්මිය පැවසුවාය.

තම ස්වාමි පුරුෂයා වූ එල්.ටී.ටී.ඊ.සංවිධානයේ වවුනියාව හා ත්‍රිකුණාමලය දේශපාලන අංශ නායකයා වූ එස්.එලිලන් යුද හමුදාවට බාර දෙන ලද්දේ යුද හමුදාව විසින් කල ඉල්ලීමකට අනුව බව අමාත්‍යවරිය පවසයි.

එලිලන් සමග තවත් එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විශාල පිරිසක් යුද හමුදාවට බාර දෙන ලද අවස්ථාවේදී එම බාරදීම සාක්කි වශයෙන් පිලි ගැනීමට කතෝලික පූජකවරුන් දෙදෙනෙකු එතැන සිටි බවත් ඒ පූජකවරුන් දෙදෙනාද මේ වනවිට අතුරුදහන්ව ඇතැයි ඇය පවසයි.

මේ අතුරුදහන් වීම් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ හබයාස් කෝපස් නඩු 14 ක් ගොණු කොට ඇති අතර එම නඩු විභාගයට ගත් අවස්ථාවලදී සාක්කි දීමට පැමිණි යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙකු එසේ බාරගත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසකගේ නාම ලේඛනයක් යුද හමුදාව සතුව ඇති බව අධිකරණයට කිය සිටි වගද අමාත්‍යවරිය පවසයි.

විනිසුරුවරයා ඊලග නඩු වාරයේදී එම නාම ලේඛණය අධිකරණයට ඉදිරිපත් කරණ මෙන් ඉල්ලා සිටි විට යුද හමුදා නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ යුද හමුදාවට බාර වීමෙන් පසුව රජයෙන් පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් 12000 කගේ පමණ නාමලේඛනයක් බව පවසූ ආනන්දි සශිහරන් මන්ත්‍රීවරිය මෙය අධිකරණයත්, නින්ධිභාවයට පත් පිරිසත් නොමග යැවීමක් නිසා මේ සම්බන්ධයෙන් වෙනත් නඩුවක් මුලතිව් අධිකරණයේ දැනට විභාග වන හබයාස් කෝපස් නඩු 14 ට අමතරව ගොණු කරන බව කියා සිටියා ය.

(දිනසේන රතුගමගේ)

Page 6 of 1677