January 24, 2018

වර්තමානයේ රට පාලනය කරනු ලබන්නේ ස්ත්‍රී දූෂකයින් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

ශ්‍රී ලංකා රජයට විරුද්ධව දැවැන්ත මාධ්‍ය ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීම සඳහා පෞද්ගලික දැන්වීම් ප්‍රචාරක ආයතන පහ හයක් එකට එකතුකර තාවකාලිකව එක් ප්‍රචාරක ආයතනයක් නිර්මාණය කර ඇති බව විමල් වීරවංශ අමාත්‍යවරයා හෙළි කරයි.

එක්සත් ජාතික පක්ෂ පළාත් සභා අපේක්ෂක ජෝර්ජ් පෙරේරා මහතාගේ නිවසට අද(24) අළුයම 03.45 පමණ අත් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වී ඇති බවට වාර්තා වන බව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා හතරවෙනි රාජපක්ෂ සහෝදරයා ලෙස රනිල් රාජපක්ෂ වන බවත් විපක්ෂයේ සිටින ප්‍රබලයන් එලවා දමා  විපක්ෂය දිය කර හැරීම ඔහුගේ කාර්යය බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

මුහුදු සීමා උල්ලංඝණය කරන ඉන්දීය ධීවරයින් හරහා මත් ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට මේවන තෙක් අත්අඩංගුවට ගත් ධීවරයින් පරීක්ෂා කිරීමේදී හෙලිවී නැතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසූවේය.

මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරතව සිටි මහව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

බොරැල්ල පොලිස් ස්ථනාධිපති, පොලිස් අධිකාරි ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ ඝාතන සිද්ධියයට අදාල ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරික‍්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ශ්‍රී ලංකා යූත් දෙවැනි පාර්ලිමේන්තුවේ හත් වැනි සැසි වාරය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) මහරගම ශ්‍රී ලංකා යූත් මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. 

ජිනීවා තත්ත්වය පිළිබඳව දැනුවත් වීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙස මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම පිළිගෙන ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එල් .ටී .ටී.ඊ .  සංවිධානය යළිත්  ආරම්භ කිරීමේ වගකීම බාරගෙන ඇති කජීබන් හෙවත් ගෝබි  මේවන විට ශ්‍රී ලංකාවේ සිටිනබව තහවුරු වී තිබේ. .දැනට රඳවා ගෙන ප්‍රශ්ණ කරන මූසලම්පොක්කනෙයි බාලේන්ද්‍රන් නැමති කාන්තාව ඔහුට රැකවරණ දුන් බව පෙනී යන බව  ත්‍රස්ත විමර්ශන අංශ ආරංචි මාර්ග සඳහන් කළේය .

යුද්ධ අවසන හමුදාවට බාරවී පූන්තෝට්ටම් කඳවුරේ සිටියදී  පැනගිය  ගෝබි  දෙමළ කොටි ඩයස් පෝරාවේ  නායක පෙරම්නායගම් සිවබරන් හෙත් නිදීයාවන් හමුවී උපදෙස් ලබා   ලංකාවට පැමිණි බවයි තහවුරු වී ඇත්තේ .

ගජීබන් පසුගිය  දා බාලේන්ද්‍රන් නැමති කාන්තාවගේ නිවසේ  සැඟව සිටියදී  අත්අඩංගුවට ගැනීමට  ගියද පොලිස් කොස්තාපල්ට වෙඩි තබා පැන ගොස් තිබෙනවා .