January 24, 2018

නියෝජ්‍ය අමාත්‍යවරියක්  වන ශ්‍රියානි  විජේවික්‍රම මහත්මිය ගමන් කරමින් සිටි බෙන්ස් රිය කොළඹ නුවර  මාර්ගයේ  තඹුත්තේගම හේනවල වංගුව අසලදී ගසක හැපීමෙන් නියෝජ්‍ය අමාත්‍යවරිය තුවාල ලබා  පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුල් කරන ලද බව පේරාදෙණිය පොලිසිය පවසයි.

මත්පැන් අලෙවිසැල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත්   කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට  පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් කටයුතු කරමින් මුදල් ඇමැතිවරයා නිකුත් කළ චක්‍රලේඛය වහාම වලංගු කිරීමට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
 
ඒ අනුව හෙට සිට එම චක්‍ර ලේඛය අවලංගු කෙරෙණු ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.  මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කීවේ ඊයේ (14) පස්වරුවේ අගලවත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
 
සාධාරණ සමාජයක් පිළිබඳ කතා කරනවා සේම සාධාරණ සමාජයක් ගොඩනැගීමට තමන් කැපවී සිටින බවද මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රිය අනතුරක් සම්බන්ධයෙන් තම සහෝදරයා පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ තමන් පොලිසිය සමග එක් වචනයක් වත් කථා නොකළ බව ද පැවසීය.

මෙරට ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකුගේ, අගමැතිවරයෙකුගේ නොව ඇමතිවරයෙකුගේ ද සහෝදරයෙකු රිය අනතුරක් පිළිබඳ සිරභාරයට පත්වූවා නම් ඒ තම සහෝදරයා පමණක් බවද කියා සිටියේය.

බැඳුම්කර සිදුවීමේදී එක් නිලධාරියෙක් කළ වරදක් බවත්, එයට වැරදි අර්ථකථන දීම මගින් සමස්ත ආණ්ඩුවට පහරදීම ඉතාම අසාධාරණ බවත් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

බැඳුම්කර කොමිසම පෙන්වා දෙන පරිදි බැඳුම්කර සිදුවීම් පෙළ ආරම්භ වන්නේ 2008 වසරේදි බවත් එදා පටන් 2015 දක්වා ආණ්ඩුවට බිලියන 4000ක් පාඩු සිදුවී ඇති බවත් අමාත්‍යවරයා

මැතිවරණ ජන හමුවක් අමතමින් සඳහන් කළේය. 

අර්ජුන් මහේන්ද්‍රන්ගේ යුගයේදි සිදු වූ පාඩුව බිලියන 11ක් බවත් එසේ බලන විට බිලියන 11 වෙනුවෙන් පමණක් සද්දෙ ඇසෙන්නට කෑ ගසා ඉතිරි බිලියන 4000ක නිහඬව සිටීමෙන් සිදුවන්නේ රටේ ආර්ථීකය මුළුමනින්ම ඇද වැටීම පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

හරින් ප්‍රනාන්දු මහතා තවදුරටත් අතිගරු ජනාධිපතිවරයාගෙන් ආයාචනා කර සිටියේ වහාම මුළු මහත් බැඳුම්කර වාර්තාව සැලකිල්ලට ගනිමින් මුළු මහත් මුදලම නැවත ලබාගන්නට සද්භාවයෙන් යුතුව විවෘත හැඟීමෙන් කටයුතු කරන ලෙසයි.

හම්බන්තොට වරාය ආයෝජනයේ දෙවන කොටස් මුදල ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 97 යි දශම 365 ක මුදලක් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කරයි.

පසුගිය දෙසැම්බර් මස 09 වන දින චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව හම්බන්තොට වරායේ ආයෝජනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම එකයි දෙකක මුදලක් වරාය අධිකාරියට ගෙවීමට එම සමාගම එකඟ වී තිබිණි.

එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 292යි දශම එකක මුදලක් දෙසැම්බර් 09 වන දින ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබුණු අතර ඉතිරි මුදල මාස 06 ක කාලයක් තුළ වාරික දෙකකින් ගෙවීමට එකඟ වී තිබේ.

හෙට (15) දිනය බැංකු හා කොටස් වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

කෙසේ වෙතත් හෙට (15) නිවාඩු දිනයක් ද යන්න බොහෝ දෙනා විමසන කරුණකි. කෙසේ වෙතත් 2017 ජනවාරි 15 සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවේ.

එහෙත් දෙමළ තෛපොන්ගල් දිනය ඉරිදා (14) යෙදී තිබීම හේතුවෙන් ඒ වෙනුවෙන් නිවාඩු දිනයක් සතියේ දිනයක දී ලබා ගත හැකි ද යන්න පිළිබඳව බොහෝ පුද්ගලික අංශයේ රැකියාවන් හි නියුතු දෙනා විමසිලිමත් වී තිබේ.

සේවක නිවාඩු සම්බන්ධයෙන් බලපත්වන ප්‍රධනතම නීතිමය අණපනත් දෙක වනුයේ සාප්පු හා කාර්යාල සේවක පනත හා පඩිපාලක සභා ආඥා පනතයි.

ඊට අනුව වර්ෂයක් තුළ විශේෂ වෙළෙඳ නිවාඩු 08 කට පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් හිමිකම් කියනු ලැබේ. එනම්, දෙමළ තෛපොන්ගල් දිනය, ජාතික නිදහස් දිනය, මිලා-දුන් නබි තුමාගේ උපන් දිනය, සිංහල සහ දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය‍, සිංහල සහ දෙමළ අළුත් අවුරුදු දිනය, මැයි 01 දින කම්කරු දිනය, වෙසක් පුර පසළොස්වක දිනට පසු දිනය, නත්තල් දිනය වේ.

මෙම නිවාඩු දින හැඳින්වෙන්නේ ව්‍යවස්ථාපිත නිවාඩු දින ලෙසිනි. මේවා රජය විසින් පුද්ගලික අංශයේ සේවය කරනු ලබන්නා වූ සේවකයින් හට වැටුප් සහිතව ලබා දී ඇති නිවාඩු වර්ගයකි.

ව්‍යවස්ථාපිත ප්‍රසිද්ධ නිවාඩු දිනයක් සති නිවාඩු දිනයක හෝ අර්ධ නිවාඩු දිනයක යෙදුනහොත් ඒ වෙනුවෙන් වෙනත් දිනයක එම නිවාඩුව ලබා දිය යුතු බව නීතියෙහි සඳහන් වේ.

ව්‍යවස්ථාපිත ප්‍රසිද්ධ නිවාඩුවක් සති නිවාඩු දිනයක හෝ අර්ධ නිවාඩු දිනයක් යෙදෙන දිනක යෙදුනහොත් එකී දිනය ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් ලෙස සැලකිය යුතු වන අතර ඒ හරහා අහිමි වන සති නිවාඩු දිනය හෝ අර්ථ නිවාඩු දිනය එකී සතිය තුළ දී හෝ ඉන්පසු එළඹෙන සතිය තුළ දී ලබා ගැනීමට සේවායෝජකයන් විසින් ඉඩ සැලසිය යුතුවේ.

මේ අනුව පුද්ගලික අංශයට ජනවාරි 15 සඳුදා දිනය නිවාඩු දිනයක් වනු ඇත.

අද දිනෙන්  පසු දිවයින පුරා දැනට පවතින වැසි තත්වයේ අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බවත් නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල  දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව පලාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වන බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ  හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින්  හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වන අතර මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු  ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50 ක් දක්වා වැඩි විය හැකි අතර එවිට‍ එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

පළාත් පාලන මැතිවරණයට තරග කරන කිළිනොච්චියේ අපේක්ෂයින් විසින් මේ වන විට සිදු කරන ලද  මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 11 ක් පිළිබදව පැමිණිලි ලැබී ඇතැයි කිළිනොච්චිය දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී සුන්දරම් අරුමේයිනායගම් මහතා පවසයි.

මේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 7 කට තමන්ගේ මට්ටමින් විසදුම් ලබාදී සමථයකට පත් කල බවත් ඉතිරි පැමිණිලි සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට ඇති බවත් තේරීම්බාර නිලධාරියා කියා සිටියේය.

වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ ඊ.පී.ඩී.පී.සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.චන්ද්‍රකුමාර් මහතාට එරෙහිව වන අතර එම පැමිණිලි කිළිනොච්චියේ පච්චිලෙයිපල්ලි, කරච්චි, පූනගරි යන පළාත් පාලන ආයතනවලට තරග කරන ස්වාධීන කණ්ඩායමකින් ලැබුණු පැමිණිලි වෙයි.

පළාතේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම කරගැනීම පිණිස සියළුම අපේක්ෂකයින්ට මැතිවරණ නීතිරීති පිළිබදව මේ වනවිට අවස්ථා දෙකකදීම දැණුවත් කිරීම් සිදුකොට ඇතැයි කිළිනොච්චිය දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීවරයා පැවසීය.

 

සබරගමුවේ හිටපු මහා ඇමැති මහීපාල හේරත් මහතා කෑගල්ලේ  නිදහස් මාවතේ පැවැත්වෙන පොදු ජන පෙරමුණු වේදිකාවට මීට සුළු වේලාවකට පෙර ගොඩ වෙමින් එම පක්ෂයට එක් විය. 


එහිදී මහා ඇමැතිවරයා කියා සිටියේ  මෙම ආණ්ඩුව ගෙදර යවන  සටනට තමාත් එක්වන බවයි. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම වැඩක් කළ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවයි. 

පළාත් පාලන මැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂකයින්ට සහයෝගය දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීමට අති විශාල පිරිසක් එක්ව සිටියහ.

සබරගමුවේ හිටපු මහා ඇමැති මහීපාල හේරත් මහතා කෑගල්ලේ  නිදහස් මාවතේ පැවැත්වෙන පොදු ජන පෙරමුණු වේදිකාවට ගොඩ වෙමින් එම පක්ෂයට එක් විය. 

එහිදී මහා ඇමැතිවරයා කියා සිටියේ  මෙම ආණ්ඩුව ගෙදර යවන  සටනට තමාත් එක්වන බවයි. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම වැඩක් කළ නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවයි. 

පළාත් පාලන මැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂයින්ට සහයෝගය දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට අති විශාල පිරිසක් එක්ව සිටියහ.

ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් විධායක කමිටු  සාමාජික ප්‍රේමලාල් ෆොන්සේකා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළට සහය පලකර තිබේ.

අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවූ ප්‍රේමලාල් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

වංචාව, දූෂණ පිටුදැකිමින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළට තමා උපරිම සහයෝගය ලබා දෙන බව එහිදී ඔහු ප්‍රකාශ කර තිබේ.

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ද ප්‍රේමලාල් ෆොන්සේකා මහතා එහිදී ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල ක්‍රියාකරුවෙකු වූ ප්‍රේමලාල් ෆොන්සේකා මහතා එම පක්ෂය පිහිටුවීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රමයෙන් පක්ෂ සාමාජිකත්වය ලබාගත් කිහිපදෙනා අතර සිටි ප්‍රමුඛ සාමාජිකයෙකු වෙයි.

 

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම හුදෙක්ම පෞද්ගලික ගැටුමක් වුවත් මේ දිනවල පළාත් පාලන මැතිවරණයට විවිධ දේශපාලන පක්ෂ වලින් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් එය දේශපාලනීයකරණය කොට ඉන් දේශපාලන වාසි ලබාගැනීමට සූදානම් වන බව යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කියා සිටියි.

යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පී.ක්‍රිෂ්ණාම්මාන් යාපනයේදී මාධ්‍යවේදීන්ට පවසා සිටියේ මේ නින්දිත ක්‍රියාව තරයේ හෙළා දකින බවයි.

මෙම ගැටුම ඉතා සුළු ගැටුමක් බව පෙන්වා දෙන සභාපතිවරයා එය විසදාගැනීම සදහා මේ වන විටත් මහා ශිෂ්‍ය සංගමය විශාල කාර්යබාරයක් සිදු කොට ඇති බවද ඔහු කියා සිටියි.

විශ්ව විද්‍යාලයේ කළා පීඨයේ තුන්වන හා හතරවන වසරවල සිසුන් සියළුම දෙනාගේ පන්ති තහනම් කොට එම සිසුන්ට විශ්ව විද්‍යාලය තහනම් කලාපයක් වශයෙන් පාලන අධිකාරිය නම් කොට ඇත්තේ විනය පරීක්ෂණ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට බව පෙන්වා දෙන ශිෂ්‍ය සංගම් සභාපතිවරයා එය කිසිසේත්ම දේශපාලනය මුල් වූ ප්‍රශ්නයක් නොවන බවද කියා සිටියි.

පහර කෑමට ලක්වූ හා පහර දුන් සිසුන්ට යම් දේශපාලනයක් ඇතත් මේ ගැටුමට දේශපාලනය කිසිසේත්ම සම්බන්ධව නොතිබියදී මැතිවරණ අපේක්ෂකයින් මේ සිද්ධිය තම වාසියට හරවා ගැනීමට ක්‍රියා කිරීම තරයේම හෙළා දකින බවද සභාපතිවරයා සදහන් කරයි.

මේ අතර යාපනය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරිවරයා පවසා සිටින්නේ ගැටුමට සම්බන්ධ සිසුන් සම්බන්ධයෙන් වූ විනය පරීක්ෂණය 15 වෙනිදා ආරම්භ කොට ඉතා ඉක්මනින් එය අවසන් කරන බවය.

වැරදි කළ සිසුන්ට දඩුවම් ලබා දී යාපනය විශ්ව විද්‍යාලයේ පන්ති තහනම් කොට ඇති සිසුන්ගේ තහනම් හැකි ඉක්මනින් අවසන් කොට සුපුරුදු පරිදි අධ්‍යයන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට පාලන අධිකාරිය තීරණය කොට ඇතැයිද ලේඛකාධිකාරීවරයා කියා සිටියි.

(දිනසේන රතුගමගේ)

Page 10 of 1677