April 02, 2020

ලබන 6 වන දින රැස්වන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ලයේදී නව සන්ධානය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි. 

ඔහු පෙන්වාදෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඕනෑම අවස්ථාවක මහමැතිවරණයකට සූදානම් බවයි. 

රත්නපුර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් හේෂාවිතානගේ මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

නව කොරෝනා වෛරසය රට තුළට ඇතුලු වීම වැළැක්වීම සඳහා ගුවන්තොටුපල ආශ්‍රිතව සිදු කෙරෙන ආරක්ෂක තත්ත්වය ප්‍රමාණවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

රත්නපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙරට සෞඛ්‍ය වෙනුවෙන් විශාල වැඩ කොටසක් යහපාලන ආණ්ඩුව විසින් සිදු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

මේ අතර අධික මිලකට තිබූ ඹෟෂධ මිල පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වැඩිදුරටත් පැවසීය.

ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වරමක් ලබාදුන්නේ පාස්කු ප‍්‍රහාරයට, මහ බැංකු වංචාවට වගකිවයුත්තන් සොයා දඬුවම්දීමට මිස රන්ජන් රාමනායකගේ කුණුහරප අසන්නට දී ජනතාව බඩගින්නේ තැබීමට නොවේ යැයි එක්සත් ජාතික පක්‍ෂ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
 
දිනපතා හඬපට අසන්නට දෙමින් ජනතාවගේ ප‍්‍රශ්න යටපත් කිරීම වෙනුවට රන්ජන් රාමනායක මහතාම ඉල්ලා සිටි පරිදි කොමිසමක් පත්කර එම හඬපට ගැන පරීක්‍ෂණයක් කරන්නැයි තමන්ද රජයෙන් ඉල්ලා සිටින බව හේෂා විතානගේ මහතා සඳහන් කළේය.
 
වත්මන් රජය ණයක්වත් ලබාගත නොහැකි තරම් අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීවේය.
 
මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද වනවිට වර්තමාන ආණ්ඩුව දේශපාලන දඩයමක් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"ආණ්ඩුව පත්වෙලා මාස 2ක් යන්න කලින් මේ ආණ්ඩුව දේශපාලන දඩයම පටන් අරන්. මේක නෙවෙයි ගෝඨාභය රාජපක්ෂගේ ජන වරම. මේ ජනවරම ලබා දුන්නේ මේ රට ඉදිරියට අරන් යන්න, දේශපාලන වෙනසක් කරන්න. එදා නිශ්ශබ්ධව ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ තනතුර තුළ යම් වැඩ කොටසක් කළා, ඒකට ගරුත්වයක් එක්කයි මේ ජනවරම ලබා දුන්නේ. නමුත් දැන් අද වෙලා තියෙන්නේ ගෝඨාභය මහතාම හුදෙකලා කරලා එදා රාජපක්ෂ මහත්තයාත් එක්ක පිටිපස්සේ හිටපු කල්ලිය නැවත වැඩ ආරම්භ කරලා තියෙනවා දේශපාලන දඩයම් කරන්න. කාට හරි අමාත්‍යවරයෙකුට, මන්ත්‍රීවරයෙකුට, දේශපාලකයෙකුට චෝදනාවක් තියෙනවා නම් මේ රටේ ස්වාධීන නීතිය ක්‍රියාත්මක කිරීමේ වරදක් නෑ. හැබැයි ඒක දේශපාලන ස්වරූපයක් අරගෙන දඩයමක් කරනවා නම් ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත වල පල්ලට ඇඳ දැමීමක්"

සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දවලින් පමනක් මෙරට තුල ජනාධිපතිවරයෙක් බිහි වි නොමැති බවත් ඉදිරියෙදී බිහි නොවන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

ඒ සඳහා සුළු ජාතික ශක්තියක් අවශ්‍යම බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති ජන හමුවක් අමතමිනි.

එම නිසා සුළු ජාතික ඡන්ද ලබා ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදමින් සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

2015 වසරේදි අළුත්ගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ ශක්තියෙන් පසුගිය ආණ්ඩුව පරාජය කළ සේම වර්ථමානයේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජ කිරීම සඳහාද මුස්ලිම් ජනතාවගේ ශක්තිය අවශ්‍ය බව මන්ත්‍රීවරයා පවසයි.

අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු ඇප මත නිදහස් විය.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේය.

සාවද්‍ය ලෙස දේපළ පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, මීට අදාළ නඩුව මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්. විදානගමගේ මහතා හමුවේ අද (30) කැදවූ අවස්ථාවේදියි. 

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ජේ.ඒ. අනුර මහේන්ද්‍ර මහතා විසින් ඔහුට අයත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පවතින දේපළක් මන්ත්‍රීවරයා විසින් සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට නඩු පවරා තිබුණි.

"සජිත් ප්‍රේමදාස ආදරණීය නායකයා මේ රටේ නියත ජනාධිපතිවරයා විදියට පත් කළාට පස්සේ 2019 නොවැම්බර් 17 වනදා ගෝඨාභය රාජපක්ෂට ජම්පරය අන්දන්න සජිත් ප්‍රේමදාස පිටුපසට යන්නේ නැහැ කියන කාරණය මතක් කර දෙන්න කැමතියි" යැයි හේෂා විතානගේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම ජන සමාජයේ අවධානයට ලක්ව තිබෙන්නකි.

සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලැබුණු සැප්තැම්බර් 26 දිනට පෙර දින මතුගම පැවති " සජිත් එනවා" රැළිය අමතමින් හේෂා විතානගේ මෙම ප්‍රකාශය කරන ලදී.

එම ප්‍රකාශය කෙතරම් බරපතල ද යත් හිටපු ජනපති මෙන්ම මහින්ද රාජපක්ෂ වත්මන් විපක්ෂ නායකවරයා ඊට පිළිතුරු දීමෙන්ම පෙනේ. "මිට කලිනුත් අපිට ජම්පර් අන්දන්න කට්ටිය ආවා. අන්තිමට වුණේ ඒ අයට ජම්පර් ඇඳගන්න" යැයි විපක්ෂ නායකවරයා කල ප්‍රකාශය අනාගතයට බලපාන පරිදි කළ එකක් බවද පෙනේ.

සාමාන්‍යයෙන් විපක්ෂ නායකවරයා හේෂා වැනි ළදරු මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ වලට උත්තර දීමට ඉදිරිපත් වන්නකු නොවේ.

එහෙත් ඔහු කළ ප්‍රකාශයේ බරපතලකම මෙන්ම ඒ පිටුපස සිටින බලවේග ගැන සලකා බලා විපක්ෂ නායකවරයා එම ප්‍රකාශය කළා විය හැකිය.

ගෝඨාභයට ජම්පර් අන්දවන බවට කළ ප්‍රකාශය ගැන එජාප නායකයා හැර කිසිවෙකුත් කිසිම ප්‍රකාශයක් කර නැත. එජාප නායකයා මෙවන් ප්‍රකාශ කරන අය අමතා ප්‍රකාශ කළේ එක එක්කෙනාට ජම්පර් අන්දන්න කලින් ජනාධිපතිවරණය දිනා සිටින ලෙසයි. අග්‍රාමාත්‍යවරයාගේ මේ ප්‍රකාශයෙන් සැඟවුණු අදහසක්ද තිබේ. හේෂා විතානගේ ගේ ප්‍රකාශය සජිත් ප්‍රේමදාස තවමත් ප්‍රතික්ෂේප කර නොමැත. ඒ නිසා එම ප්‍රකාශය ඔහුගේ ද අනුදැනුම මත කළ එකක් බව සිතීමේද වැරැද්දක් නොමැත.

මෙවැනි කතා වේදිකාවේ කතා කියා නොසලකා සිටීමට නොහැක. මහජන නියෝජිතයින් කතා කළ යුත්තේ වගකීමකින් යුතුවය. එහෙත් අවාසනාවකට එවන් වගකීමක් දැරීමට තරම් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෝරා නැත. බුද්ධිමත් නැත. ඊට ප්‍රධාන හේතුව පක්ෂ විනයක් තුලින් ඔවුන් හික්මවා නැති කමයි.

සජිත් ප්‍රේමදාස පාර්ශවයේ බොහෝ ගෝල බාලයින් අපේක්ෂකත්වය ලබා ගැනීමේ සටනේදී එජාප නායකයාට මෙන්ම ඔහුගේ ගෝල බාලයයින්ටද දරුණු ප්‍රහාර එල්ල කළේය. ඇතැම් අවස්ථාවල හරීන් ප්‍රනාන්දු රනිල් පාර්ශවයට අතින් පයින් කතා කළ අවස්ථාද තිබේ. සජිත් පාර්ශවයේ කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව පක්ෂය ගත් විනය පියවර හෑල්ලුවට ලක් කළේය.

පක්ෂයකට විනයක් අත්‍යවශ්‍ය වේ. පක්ෂයක සිටින පිරිසකට විනයක් නැතුව ඔවුනට රටේ විනය හැදීමට නොපුළුවන. ඒ ගැන කතා කිරීමට නොපුළුවන. අද එජාපය මුහුණ දී සිටින බරපතලම ඛේදවාචකය වන්නේ පක්ෂයේ විනයක් නැති කමය. මේ නිසා පක්ෂයට අද ඊයේ ආව කෙනා පවා කතා කරන්නේ පක්ෂයේ දශක දෙක තුනක් සිට සිටි කෙනක් ලෙසය. හේෂා විතානගේට ද වැළදී ඇත්තේ ඒ ළඳරු වලිප්පුවමය.

හේෂා යූ.එන්.පී කාරයෙකු නොවේ. ඔහුගේ දේශපාලන ගමන ආරම්භ කළේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ය. ශේෂා විතානගේ ඇඹිලිපිටිය ටවුමේ බඩු විකුණමින් ජීවිතය ආරම්භ කළ කෙනෙකි. ඉන්පසු ජපානයට ගොස් මිල මුදල් හම්බ කරගෙන පැමිණ දේශපාලනයට බැස්සේය. මේ ඉතිහාසය දන්නා අය තවමත් ඇඹිලිපිටිය ටවුමේ සිටියි. එක පාරටම සල්ලි ලැබෙන පිරිසට ඊළඟට වැළඳෙන රෝගය ඔහුටද වැලදුනි. ඒ දේශපාලනයට ඒමේ රෝගයයි. ඒ සඳහා මුලින්ම මහින්ද රාජපක්ෂ පාලන සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඇඹිලිපිටියෙන් නගර සභාවට තරඟ කර ජයගෙන එහි නගරාධිපති විය.

ඉන්පසු පැවති සබරගමුව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට නාම යෝජනා බලාපොරොත්තු වූවද මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ඊට අනුමැතිය නොලැබිණි. ඉන්පසු මහජන එක්සත් පෙරමුණ හරහා පළාත් සභාවට නාම යෝජනා ගැනීම සඳහා එවකට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීව සිටි සලෝචන ගමගේ සමඟ පැමිණ පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන හමු විය. එහිදී ද ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ කළ හේෂා එජාපයෙන් නාම යෝජනා පැතීය. ඒ කාලයේ වැලේ වැල් නැතුව සිටි රනිල් වික්‍රමසිංහ ඊට කැමති විය. ඒ අනුව පළාත් සභාවට එජාපයෙන් තේරී පත් විය. ඉන්පසු 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. අද එජාපයේ ගැලවුම්කාරයා වී සිටින්නේ මෙන්න මෙවැනි ළඳරු වලිප්පුකාරයන් පිරිසකි.

ගෝඨාභය රාජපක්ෂට ජම්පර් අන්දන්න කතා කරන හේෂා දේශපාලනය පටන් ගත්තේ ගෝඨාභය රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ව සිටින අවදියේ ඒ පැත්තෙන්මය. එසේ නම් අද ඔහු ගෝඨාභයට එල්ල කරන චෝදනා එල්ල කළ යුතුව තිබුණේ එදාය. කෙසේවෙතත් නොවැම්බර් 16 වනදා ජනපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජය ගතහොත් හේෂගේ ළඳරු වලිප්පුව නිට්ටාවටම සුව වන බෙහෙත් ලැබෙන බව නම් ස්ථිරය.

(මංජුල බටුගෙදර)

සජිත් ප්‍රේමදාස මහතා නියත ජනාධිපතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව රාජපක්ෂ කල්ලියේ සිටින හොරුන්ට දඬුවම් ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන පවසයි. 

“සජිත් එනවා“ ජනරැළි මාලාවේ සිව්වැන්ට ඊයේ (25) පස්වරුවේ මතුගමදී පැවැත් වු අතර, එම අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

2015 දී බලයට එන විට මෛත්‍රීපාල ජනාධිපතිවරයාට දුෂිත රාජපක්ෂවරුන්ට එරෙහිව දඬුවම් ලබා දෙන පැවසුවත් “අපේ ළඟ හිටිය කාලකණ්ණි ඇමතිලත් ඉඩ දුන්නේ නෑ“ යනුවෙන් ද කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා බේරි බේරී සිටියත් 2019 නොවැම්බර් 17 වන දා වන විට නිසැකයෙන්ම ජම්පරය ඇන්ඳවීමට සජිත් ප්‍රේමදාස මහතා පිටුපස්සට නොයන බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එම වීඩියෝව පහතින්,

එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා නොදුනහොත් විකල්ප ක‍්‍රියාමාර්ගයක් ගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි හේෂා විතානගේ මහතා පවසයි.

ඒ සදහා ගතහැකි විකල්ප ක‍්‍රියාමාර්ග ගණනාවක් ඇතැයිද ඔහු සදහන් කලේය

කෙසේ නමුත් එජාපයෙන් අපේක්‍ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙනු ඇතැයි පූර්ණ විශ්වාසයක් ඇති බවද ඔහු පැවසීය.

Page 1 of 2