September 20, 2019

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී ඇත.

ඊට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එම කැබිනට් රැස්වීමදී විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස පත්කිරීමට සම්පුර්ණ සහයෝගය දක්වන බව අමාත්‍යවරු 05 දෙනෙකු පාර්ලිමේන්තු කණ්ඩායමට සඳහන් කළ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.

ඒ තම ටුවිටර් ගිණුමේ සටහනක් තබමින්ය.

ඒ අනුව ඇමති පාඨලී චම්පික, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ දිගම්බරන් සහයෝගය දැක්වීමට කැමැත්ත පල කර ඇති බව වාර්තා වෙයි.

පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය කිහිපදෙනෙකුම ඉල්ලා ඇති නමුදු ඉහළින්ම සිටින්නේ පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්න කිහිපයකට පිලිතුරු ලබා දෙමින්.

එක්සක් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයකට එළඹිමට අද (20) දිනය වන විට හැකියාවක් ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අද සහ හෙට යන දිනයන්හි පක්ෂකයේ නායකත්වය ප්‍රමුඛව සාකච්ඡාවට කිහිපයක්ම තිබෙන බැවින් එහිදි අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරන බව ඒ මහතා පැවසීය.

එහිදි මාධ්‍යවේදියෙකු විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් සම්බන්ධයෙන් සාකච්චා කළද යනුවෙන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

එහිදි ඔහු පැවසුවේ ඒ සම්බන්දයෙන් කිසිදු සාකච්ඡාවකට තමන් සහභාගී නොවු බවයි.

රටට සේවය කිරීමේ දැඩි කෑදරකමක් තමා සතුව ඇති බව කිරීමබව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රජා ජනාවාස කමිටු පිහිටුවීමේ කළුතර දිස්ත්‍රික් සම්මේලනය අමතමින්.

රටක් පාලනය කරනවා යනු සෑම ජන කොට්ඨාශයකට සේවය කිරීමක් බව පැවසු අමාත්‍යවරයා, ඔවුන් සියලු දෙනාටම තෘප්තිමත් තැබීම බවත් සඳහන් කළේය.

නායකයෙකුට මුහුණ දිහා බැලීමේ දී තෘප්තිමත් ජීවිතයක් ගත කරන බව පෙනී යා යුතු බවත් පැවසු අමාත්‍යවරයා, මලානික මුහුණ දුටු විගස කොතැනක හෝ හරි නැති බව තේරුම් ගත යුතු බවත් පැවසීය.

තමන්ගේ හිතේ ලොකු කෑදරකමක් ඇති බවත් පැවසු අමාත්‍යවරයා, ඒ වෙන දෙයක් නොව රටට සේවය කිරීමේ කෑදරකම යනුවෙන් ද කියා සිටියේය.

තමාට මන්දිරවලට යන්න ආසවක් නොමැති බවත් පැවසු අමාත්‍යවරයා, තමා බොහෝ දුක්විඳ ජනතාවට වැඩ කිරීමට කැමති අයෙක් බවත් පැවසීය.

උදේ 4ට නැගිටින බවත් රාත්‍රී 11ට පමණ නිදා ගන්නා බවත් පැවසු අමාත්‍යවරයා මුළු ජීවිතයම ජනතාව වෙනුවෙන් කැප කර ඇති බවත් කියා සිටියේය.

තමා ශෝබන දේශපාලඥයෙක් නොවන බවත් පැවසු අමාත්‍යවරයා තමාට අවශ්‍යව ඇත්තේ ප්‍රතිඵල බවත් පැවසීය.

සියලු දෙනා එක්ව රටේ යුග පෙරළියක් ඇති කරමු යන යෝජනාව තමා කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරියේදී බිහිවන ජනාධිපතිවරුන් ගණනාවකට ප්‍රමාණවත් වෙඩි නොවදින වාහන මේ වන විටත් රට තුළ පවතින බැවින්, ජනතා මුදල් වැයකර වෙඩි නොවදින වාහන ගෙන්වීමට තමන් කිසිවිටක කටයුතු නොකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ දිස්ත්‍රික්කයේ, හෝමාගම ඉදිකළ මවුන්ට් ක්ලිෆර්ඩ් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (17) දින සහභාගී වෙමිනි.

මනුෂ්‍යත්වයට මුල්තැන ලබා දෙමින් සියලු ජනතාවට සෙත සැළසෙන නූතන විප්ලවීය සංවර්ධන යුගයක් ඉදිරියේදී රටතුළ නිර්මාණය කරන බවද අමාත්‍යවරයා පැවැසීය.

රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන විටත්, සංවර්ධන වැඩපිළිවෙල නිර්මාණය කරන විටත් පොදු අරමුණක සිට සියලු ජනතාවගේ සුභසිද්ධිය උදෙසා තීන්දු තීරණ ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ වියදම් කළමනාකරණයට ඕනෑ තරම් ඉඩ ප්‍රස්ථා පවතින බවත්, ජනතාව විසින් ගෙවනු ලබන බදු මුදල් ජනතාවගේ සුභසිද්ධිය සඳහා පමණක් වැය කිරීමට තමන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට තම සහාය ලබාදිය හැකි බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉක්මනින් නම් කරන ලෙස ඉල්ලා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ලිඛිතව දැනුම් දුන් බව එජාප නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
 
ජනාධිපති අපේක්ෂකවරයා නම් කිරීම තවදුරටත් ප්‍රමාද කළ නොහැකි බවත්, එම ප්‍රමාදය රටට හා පක්ෂයට සිදු කරන හානියක් සේම,  ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. 
  
සෑමවිටම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන තමන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් නම් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම කඩිනමින් රැස්කර ඔවුන්ගෙන් විමසා තීරණය කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

කුමන ගැටළු පැමිණියත් එ.ජා.ප ය ජයග්‍රහණය කරවීමේ මෙහෙයුමට තමන් නායකත්වය ලබා දීමට සුදානම් බවත්, ඉතාම ඉක්මනින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් අප ඊට සුදානම් විය යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විසින් අසභ්‍ය වචනයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයන්ට බැන වදින හඬ පටයක් මේ දිනවල සමාජජාල හරහා පැතිර යමින් තිබේ.

ඒ සමඟම ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳයෙන් එ.ජා.ප ඉහළ තනතුරු අතර තිබෙන අර්බුදය යළිත් වරක් තහවුරුව තිබෙන බව දේශපාලන අරාංචි මාර්ග සඳහන් කරයි.

මෙම හඬ පටයත් සමඟ ජනාධිපතිවරයාගේ ඉතා කිට්ටු සමීපතයෙකු වන එ.ජා.ප නියෝජ්‍ය නායක සජීත් ප්‍රේමදාස මහතාට එ.ජා.පයෙන් ජනපති අපේ්ක්ෂකත්වය ලබා ගැනීමේ අවස්ථාව සම්පුර්ණයෙන් අහිමි වන බව එම ආරංචි මාර්ග පේනවා දෙයි.

"එ.ජා.ප යට හා පාක්ෂිකයන්ට පරුෂ වචනයෙන් බැන වදින පුද්ගලයෙකු සජීත් ප්‍රේමදාස මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට ඉදිරිපත් වන්නේ කෙසේද" යැයි එ.ජා.ප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ප්‍රශ්න කරයි.

මෙම හඬ පටයත් සමඟ ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්ව ව්‍යාපාරය යටපත් වී කරූ ජයසූරිය මහතාගේ අපේක්ෂකත්ව අවස්ථාවට ප්‍රමුඛතාවය හිමිවී තිබේ.

ජනාධිපතිවරයා මෙසේ බැන වැදී තිබෙන්නේ තමන් යටතේ ම තිබෙන පොලීස් දෙපාර්තුමේන්තුව එ.ජා.ප යත් සමඟ සහයෝගයෙන් කළ කටයුත්තක් පදනම් කරගෙනය.

මෙම හඬ පටය සත්‍ය එකක් බැව් ජනාධිපතිවරයාට වඩාත් කිට්ටුවෙන් සිටින්නන් විසින් තහවුරු කර තිබේ.

කවුරු කුමක් කීවත්, කුමන බාධා දැම්මත් තමන් මෙවර ජනාධිපතිවරයට අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

“සජිත්ට දෙන්නේ නැහැ” යනුවෙන් අද ඇතැමුන් භුමිතෙල් ගෑවුණු ගැරඩියන් සේ දඟලන බව කී අමාත්‍යවරයා ජාති, ආගම්, කුල, මළ, පක්ෂ, පාට භේදයෙන් තොරව සියලු දෙනාගේ ආශිර්වාදයෙන් තමන් අපේක්ෂකත්වය ලබා ගන්නවා පමණක් නොව ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ජය ගන්නා බවත්, මේ එළැඹ තිබෙන්නේ සජිත් ප්‍රේමදාස යුගය බවත් පැවසීය.    

පොහොට්ටුවේ ලොකු ඇත්තන්ද “සජිත්ට අපේක්ෂකත්වය ජීවිතයට දෙන්නේ නැහැ” යනුවෙන් රටේ වටේම ප්‍රකාශ කරමින් යන බවත් ඔවුන් එලෙස ප්‍රකාශ කිරීම පුදුම සහගත කාරණාවක් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.  

ඇතැමුන් තමන් එනවාට බිය වී ඇති අතර අද ඔවුන්ට “සජිත් ප්‍රේමදාස භීතිය” නමින් චිත්‍රපටියක් වුවත් නිර්මාණය කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉදිරියේදී රටතුළ නිර්මාණය විය යුත්තේ පහළම තලයේ ජනතාවගේ අදහස් වලින් පෝෂිතවූ  වැඩපිළිවෙළක් බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සසුණට අරුණ  ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර ජුම්මා මුස්ලිම් මහා පල්ලියේ නව දහම් පාසල් ගොඩනැඟිල්ලට මුල් ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රටේ ඇති ගම්මාන හතලිස් දෙදාහෙන් බහුතරයක් ජනතාව ජීවත් වෙන්නේ දුෂ්කර පරිසරයක බවත් යටිතල පහසුකම් පවතින්නේ ඉතාම අවම වශයෙන් බවත් ඒ මහතා පවසයි.

රටේ දේශපාලන න්‍යාය පත්‍ර, සංවර්ධන න්‍යාය පත්‍ර නිර්මාණය වන විට ආණ්ඩු හෝ පක්ෂ කුමක් හෝ වේවා ජනතාවගේ කැක්කුම හා හදගැස්ම රටේ තීන්දු තීරණ ගන්නා පිරිසට වැටහේද යන්න ගැටලුවක් බවත් ඒ මහතා පවසයි.

පහළම තලයේ ජනතාවගේ අදහස්වලින් පෝෂිත වූ රට ගොඩනඟන වැඩපිළිවෙල තමන් සතුව තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

Page 1 of 13