February 17, 2020

කාන්තා පරපුරට, යෞවන පරපුරට සේම නුපන් දරුවාගේ සිට වැඩිහිටි පරපුර දක්වා දැවැන්ත ආර්ථික සංවර්ධන ව්‍යායාමයක් දියත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා යැයි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

පුත්තලම නගරයේ පැවැති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,

“පුත්තලම ජනතාවට මම දැඩි ලෙස ආදරය කරනවා. දැවැන්ත හිතෛෂිභාවයක් පුත්තලම දිස්ත්‍රික් ජනතාව සමග මට තියෙනවා. මේ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්න වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා දෙන්නේ පුත්තලම ආසනයෙනුයි. එදා පුත්තලම දිනවලා දුන්න නිසා තමයි මා අදත් ඇමතිවරයෙකු ලෙස සිටින්නේ. ඒ නිසා පුත්තලම ජනතාව මුහුණ දෙන කුණු ප්‍රශ්නයේදි එක එක කොමිටි දාලා එක එක්කෙනාට බෝලේ පාස් කරන්නේ නැතුව, පුත්තලම ජනතාව කුණු ගොඩට තල්ලු කරන්නේ නැතුව, කසල ප්‍රශ්නය මගේ අතට අරන් මම විසඳනවා. ඒ යුතුකම මම ඉටු කරනවා. දැනට මාසයකට පෙර කුණු ප්‍රශ්නය ගැන මා සාකච්ඡා කළා. ප්‍රදේශයේ ජනතාවගේ අදහසක් තියෙනවා, අපද්‍රව්‍ය නිර්මාණය වන කුණු ගේන්නේ මේ ප්‍රදේශයට කියලා. සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ගෙනාවා. ගල් අගුරු බලාගාරයක් ගෙනාවා. 16 දා සජිත් ප්‍රේමදාසට බලය ලබා දුන්නම තුන්වන පන්තියේ සැලකිල්ල පැත්තකට විසි කරලා සුපිරි පන්තියේ සැලකිල්ල පුත්තලම ජනතාවට ලබා දෙනවා. කුණු ප්‍රශ්නය  මගේ අතට අරන් මම විසඳනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. සංචාරක කර්මාන්තය නිසා තමයි මේ ප්‍රදේශයේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්නේ. ඒ නිසා සංචාරක ක්ෂේත්‍රය ගොඩනගන්න දියුණු කරන්න මම අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ජනාධිපති කාර්ය සාධක බලකායක් හදලා ඒ හරහා සංචාරක කර්මාන්තයේ ගැටලුවලට විසඳුම් ලබාදීලා දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ සුරපුරයක් කරන්න 16 දායින් පස්සේ පියවර ගන්නවා. ඕනම දෙයක් තහනම් කරන්න කලින් ජනතාව ජිවත් වෙන්නේ කොහොමද කියලා සොයා බලනවා. එපමණක් නොව මිනිස්සුන්ගේ ජිවිකාවට විසඳුමක් දිලා තමයි අනෙක් කටයුතු කරන්නේ. ආණ්ඩුවේ ප්‍රධාන වගකිම රටේ ජනතාව ජිවත් කරවිමයි. ඒ වගකිම රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස භාර ගන්නවා."

ඒ වගේම මේ ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය ක්‍රියාත්මක වෙනවා. විවිධ වගාවන් ක්‍රියාත්මක වෙනවා. මේ රටේ කෘෂි කර්මාන්තයට වෙනත් කිසිම ආණ්ඩුවක් නොදුන් හයියක් අපි ලබා දෙනවා. පොල් වගාව රබර් වගාව තේ වගාව සුළු අපනයන බෝග වගාව වී වගාව එළවළු පළතුරු වගාව හේන් ගොවිතැන කරන හැම ගොවියාටම නොමිලේ පොහොර ලබා දෙනවා. රටේ ජාතික ආරක්ෂාව අපි ශක්තිමත් කරනවා. රටේ ජාතික ආරක්ෂාව යුද්ධය දිනපු වැඩකාරයට අපි භාර දෙනවා. ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙනුයි වසර තිහක කුරිරු යුද්ධය අපි ජයග්‍රහණය කළේ. කොටි ත්‍රස්තවාදීන්  විනාශ කරලා අපි රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත්තා. ජාතික ආරක්ෂාව තහවුරු කිරිම සඳහා ත්‍රිවිද හමුදාව සන්නද්ධ කරනවා. නවීන  යුද උපකරණ ලබා දෙනවා. අලුත් පුහුණුව ලබා දෙනවා. බුද්ධි අංශයත් ආරක්ෂක අංශයත් නිර්දේශපාලනීකරණය කරලා දේශපාලන බලපැම්වලින් තොරව ජාතික ආරක්ෂාව තහවුරු කරමින් රටේ නීතිය හා සාමය ස්ථාපිත කරන්න අපි කටයුතු කරනවා. මේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගත හැකි හැම පියවරක්ම ගන්නවා. දක්ෂයන්ට තනතුරු වගකිම් බාර දිලා හැකියාව තියෙන අයට උපරිමයෙන්ම  ශක්තිය දීලා දේශපාලනීකරණයකින් තොරව ජාතික ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් ලෝකයේ සෙසු රටවල් වල බුද්ධි අංශ සමග සම්බන්ධතා පවත්වා ගෙන යන්න ඕනේ. හොඳ ජාත්‍යන්තර සඳබතාවයක් හැම රටක් සමගම පවත්වාගෙන යන්නට ඕනේ. ජාතීන් අතර සංහිඳියාව ජාතින් අතර එකමුතුභාවය ඇති කළ යුතුයි. කිසිම ජාතියක් කිසිම ආගමක් ජනසමාජයෙන් වෙන් කරන්නේ නැතුව බුද්ධාගමට මුල්තැන ලබාදෙමින් අනෙකුත් ජාතින් ආගම් ආරක්ෂා කරමින් මුළු රටම එක්සේසත් කරන නව යුගයක් අපි ස්ථාපිත කරනවා” යැයි ඔහු වැඩිදුරටත් මෙහිදි සඳහන් කළේය.

නිර්මල බුදු දහම සම්බන්ධයෙන් පවතින විවිධ මතවාද නිරවුල් කිරීම සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ධර්ම සංඝායනාවක් පැවත්වීමට තමන් කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ පස්වරුවේ මහරගම පැවති මහා සඟ සමුළුව අමතමින් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදුදහමට ලබාදී තිබෙන සුවිශේෂී ස්ථානය ව්‍යවස්ථාවට පමණක් සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු බවයි.

මනුදම් රකින රටක් - දැය රකින රජයක් යන මැයෙන් සංවිධාන කළ මහා සඟ සමුළුව අද පස්වරුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන්.

මෙහිදී මහා සංඝරත්නය විසින් පිළියෙළ කළ දසවැදෑරුම් යෝජනාවලියක් සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.

අනතුරුව එම යෝජනාවලිය සජිත් ප්‍රේමදාස මහතා වෙත භාරදෙනු ලැබුවේය.

එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදු දහමට ලබා දී ඇති සුවිශේෂි ස්ථාවරය තවදුරටත් රැක ගනිමින් එම සුවිශේෂි ශක්තිය ව්‍යවස්ථාවට පමණක් සීමා නොකොට ප්‍රායෝගික ආගමික ක්‍රියාදාමයන් තුළින් ක්‍රියාවට නැංවීමට සැදී පැහැදී සිටින බවයි.

එසේම ධර්මධර විනයධර උගත් භික්ෂුන් වහන්සේලා මූලික කරගනිමින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ධර්මසංගායනාවක් පැවැත්වීමට කටයුතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයක් රට තුළ ස්ථාපිත කර අප රට බෞද්ධ ශිෂ්ඨාචාරයේ නව කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නට කටයුතු කරන බවත් රටේ ඇති සියලුම පුරා විද්‍යා ස්මාරකයන් ස්ථිරසාරව සුරැකීමේ ජාතික වැඩසටහනක් කඩිනමින්ම ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

ප්‍රායෝගික බෞද්ධයෙක් ලෙස තම පියා බුද්ධ ශාසනයට සිදු කළ සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් සම්බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුගය නිර්මාණය කිරීමට තමන් කටයතු කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන මංගල රැළිය අද ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම රැළියට සහභාගී වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසුවේය.

එළැඹෙන ජනපතිවරණය වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සිය මැතිවරණ ව්‍යාපාරය කොළඹින් ආරම්භ කරන බවත් එහි ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ එළැඹෙන 9 දා අනුරාධපුරයේදී තම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන බවයි.

නාම යෝජනා භාර දීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔවුහු මේ බව සඳහන් කළෝය.

තමා ජනාධිපතිවරයා බවට පත් වූ පසු ජනාධිපති මන්දිර තාක්ෂණික විශ්වවිද්‍යාල බවට පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (02) පැවසීය.

ජනතා සේවයේ නියැළෙන ජනාධිපතිවරයෙකුට මන්දිර අවශ්‍ය නොවන බවත්, එවැනි ස්ථාන පවත්වාගෙන යෑමෙන් රටේ සංවර්ධනයට යෙදවිය හැකි මහජන මුදල් අපතේ යන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

තමා ජනාධිපතිවරයා වශයෙන් වැටුප්, දීමනා හා නිල නිවාස ලබා නොගන්නා බවත්, ජනාධිපතිවරයාට මාසිකව වෙන්වන වැටුප රටේ දුප්පත්කම තුරන් කිරීමට යොදවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

දැනට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමතිවරයා වශයෙන් කටයුතු කරන තමන් වැටුප්, දීමනා හෝ නිල නිවාස ලබා නොගන්නා බවද හෙතෙම කීය.

රාජ්‍ය දේපළ සුරක්ෂා කරන ස්ථාවරයේ සිට පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ප්‍රාග්ධන ශක්තිය ඇති ආයතන සමග ඒකාබද්ධව සංවර්ධන කිරීම සඳහා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට කරුණු ඇතුළත් කරන බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු වන ආතාවුද සෙනවිරත්න සහ ඩබ්ලිව්.පී. ඒකනායක යන මහත්වරුන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කළහ.

ඒ, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකු වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් TNL රූපවාහිනි සේවය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණී වියන්ගොඩ විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීම දැඩි ලෙස විවේචනයට ලක් කොට තිබේ. 

බලයට පත් කිසිදු රාජ්‍ය නායකයෙකුට අවසන් කිරීමට නොහැකි වූ තිස් වසරක සාපරාධී යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ රජයේ ආරක්ෂාව භාරව සිටි ප්‍රබල චරිතය අන් කිසිවෙකු නොව රණකාමී විරවරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා බව එම නාලිකාවේ විකාශය විය.

කෘතගුණ දත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු එය අමතක නොකරන බවද එහි සඳහන් වේ.

චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ උසාවි ගොස්  ඇත්තේ එවන් උදාරතර රණ කාමියෙකුට විරුද්ධව බවද එහිදී ප්‍රකාශ විය.

ඉදිරිදි ජනාධිපතිවරණයේදී ජනතාව විශ්වාස කල යුත්තේ උපන් බිම රකින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුරද, එසේ නැත්තනම් මුදල් වලට යටපත් වී උපන් බිමට හතුරු වූ රාජ්‍ය නොවන සංවිධාන මුල් කර ගත් කඳවුර දැයි තීරණය කළ යුතු යැයි එහිදී සඳහන් කෙරිණි.

මෙම කරුණු TNL රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය අතරතුර වැඩසටහනකදී විකාශය කළේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති වරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂය, JVP (ජනතා විමුක්ති පෙරමුණ) සහ පොදු ජන පෙරමුණේ නායකයින් කොළඹ පොදු වේදිකාවක් කරා යාමට සූදානම් වන අතර, ශ්‍රී ලංකා ජනාධිපති ධුරයට තේරී පත්වුවහොත් ඉදිරි පස් වසර තුළ ජාතිය හැඩගැස්වීමේදී ඔවුන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන පිලිබඳ ප්‍රසිද්ධ විවාදයක් මෙහෙදී සිදු කරනු ඇත.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ජනතාව වෙත ඉදිරිපත් කරනු ඇත.

මෙම උත්සවය ඔක්තෝම්බර් මස 5 වන දින සවස 3 සිට 5 දක්වා සුගතාදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතන හතක සජීවීව විකාශය කෙරේ.

වෙනමම සජීවී විකාශනයක් ද ෆේස්බුක් හරහා විකාශනය කිරීමට කටයුතු සුදානම් කර ඇත.

එක් එක් අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දෙමළ භාෂාවට පරිවර්තනය කෙරෙන අතර සංඥ භාෂාවෙන් ද අර්ථ නිරූපණය කිරීමට කටයුතු යොදා ඇත.

මෙම අවස්ථාවට “මාර්තු 12 කණ්ඩායම” සහ “AFRIEL” (මිත්‍රත්වය හා ආදරය සඳහා වූ සංගමය) විසින් පහසුකම් සපයයි.

ඒකාබද්ධ සිදුවීම් තේමාව වන ‘ජනාධිපතිවරණය 2019 – මහජන වේදිකාව’ ඉහළ අපේක්ෂකයින් එක් වේදිකාවක් වෙත ගෙන ඒමට අදහස් කරන්නේ ඔවුන් කලින් තෝරාගත් ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කිරීමයි.

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය මත පදනම්ව “2019 – මහජන වේදිකාව” යනු ශ්‍රී ලංකාවේ මෙවැනි ආකාරයේ වැඩසටහනක් සිදුකරන පළමු අවස්ථාවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන නියෝමාල් පෙරේරා ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඊයේ (30) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර එම අවස්ථාවේදී නියෝමාල් පෙරේරා මහතා සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන්නේය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාද එක්විය.

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර තිබෙන සජිත් ප්‍රේමදාස මහතාගේ නාම යෝජනා පත්‍රයේ ගැටළු ඇති කිරීමට කිසියම් සැලැස්මක් තිබෙන බවට තොරතුරු අනාවරණය වේ.

මේ නිසා සිය නාම යෝජනා පත්‍රය පිළිබඳව කටයුතු කිරීමට වෙනමම කණ්ඩායමක් පත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා නාම යෝජනා ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින හංසයා ලකුණ අයත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඔහුට අපේක්ෂකත්වය ලබා දීමට විරුද්ධ වූ රවී කරුණානායක අමාත්‍යවරයාට ඉතා හිතවත් පිරිසක් අත තිබීම ඊට හේතු වී තිබේ.

එම පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වය සනාථ කිරීම සඳහා එහි ලේකම්වරයා විසින් අත්සන් තැබිය යුතු අතර එම ධූරය දරන්නේ කරුණානායක අමාත්‍යවරයාගේ ඉතා දිගු කාලීන කිට්ටු මිතුරියෙකු වූ නීතිඥ ශර්මිලා පෙරේරා මහත්මියයි. 

ශර්මිලා පෙරේරා මහත්මිය මෙන්ම රවී කරුණානායක මහතා, අභාවප්‍රාප්ත ලලිත් ඇතුලත් මුදලි සහ ගාමිණි දිසානායක යන මහත්වරුන් සමඟ එක්ව සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය සඳහා සක්‍රියව දායක වූ අය වේ. දෝෂාභියෝගයේ අවශ්‍ය ලියකියවිලි යතුරු ලියනය කිරීමෙන් අනතුරුව එහි කාබන් පිටපත වත්තල හැමිල්ටන් ඇලට විසි කරන ලද්දේද අද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වටා සිටින පිරිස්ය.

Page 1 of 6