June 19, 2019

සජිත් ප්‍රේමදාස මහතා නායකයෙකු වෙයි කියා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවක් ඇති බවත්, එම නිසා ඔහුට ජනතාව බලාපොරොත්තුයෙන් සිටින එම අවස්ථාව ලබා දෙයි කියා අපෙත් බලාපොරොත්තුවක් ඇති බව විශේෂ ප්‍රාදේශි සංවර්ධන අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.

මාධ්‍යවේදීන් හමුවේ ඊයේ (11) අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.

එහෙදී තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.

“මේ රටේ නායකයන් බිහිවී නැතියි කියලා අපිට කියන්න බැහැ. මේ රට නායකයන් කීප දෙනෙකු පාලනය කරලා තියෙනවා. රට පාලනය කරපු ඒ සියළුම නායකයන් කටයුතු කරන්නේ තමන්ගේ පක්ෂය බලලයි. අද ගත්තනම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයායි. වර්තමාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයායි. ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්නවා. දෙමළ හා මුස්ලිම් පක්ෂවලත් නායකවරු ඉන්නවා. නමුත් ඒ හැමෝම කටයුතු කරලා තියෙන්නේ දේශපාලනය කරන්න තමයි.රට ගැන හිතලා, අනාගතය ගැන හිතලා කොහොමද රට ගෙනියන්න ඕනෑ කියලා වැඩ කරන නායකයෙක් අපිට අද වෙනකල් නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේ නායකයෙකු අපිට අවශ්‍යයි. අපිට කියන්න පුළුවන් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජනතාවගේ දුක පිළිබඳව හොදට හොයලා, ඒ දුක හදුනගෙන ඒ මිනිස්සුන්ට වැඩ කරන්න කටයුතු කරපු ජනාධිපති කෙනෙක් කියලා. ඒ වගේ ජනාධිපතිවරයෙකු මේ රටට එන්න ඕනෑ යයි අපේ බලාපොරොත්තුව. එතුමා ඒ කාලේ හොද වැඩ ගොඩක් සිදුකරා. සමහර වෙලාවට එයා නරක වැඩ කරා කියලා සමහර අය බැන්නා. නමුත් එතුමා හොද වැඩ රාශියක් සිදු කලා කියලා අපි පිළිගන්න ඕනෑ.”

“අනිවාර්යෙන්ම තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේ ඉදිරියට ගෙනියන්න ඕනැ. පාර්ලිමේන්තුව තමයි මේ රටේ උත්තරීතර ආයතනය වන්නේ. ඇත්ත කියන්න, ඇත්ත දැන ගන්න මේ තේරීම් කාරක සභාවෙන් අවස්ථාව දෙන්න ඕනෑ. ජනාධිපතිතුමා දැන් මේක ගැන කලකිරීමෙන් ඉන්නවා වගේ අපි දන්නවා. නමුත් මේකෙන් අවස්ථාව දීලා මේකේ මොනවද වෙන්නේ කිලයා එතුමාත් දැන ගත යුතුයි. රටේ ජනතාවත් දැන ගත යුතුයි. මේක ජනතාවට දැන ගන්න විදිහට මාධ්‍යයට අවස්ථාව දීලා තියෙනවා. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු මාධ්‍යායට දෙන්න එපා කියලා කතාවක් යනවා. ඒ වගේ දේවල්වල රහස්‍ය භාවය රැකලා අනෙකුත් කරුණු ජනතාවට දැන ගන්නඉඩ දිය යුතු යයිද” ඒ මහතා කීය. 

(ක්‍රිෂාන්තන්)

නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

කැබිනට් නොවන අමාත්‍යවරු

රවින්ද්‍ර සමරවීර මහතා – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය

වී. රාධක්‍රිෂ්නන් මහතා – විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍ය

අබ්දුල්ලා මහරුෆ් මහතා – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබූ අමාත්‍ය ධූරයේ සංශෝධනයක් සිදුව තිබේ. ඒ අනුව ඔහුට හිමිව ඇති නව අමාත්‍ය ධූරය වන්නේ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධූරයයි.