January 29, 2020

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ඉතා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර තිබෙන්නේ වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස චීනයේ ඉගෙනුම ලබන විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පුත්‍රයා වන විභූති විශ්වජිත් වීරවංශ නිසා බවට තොරතුරු ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

විභූති විශ්වජිත් වීරවංශ ඉගෙනුම ලබන්නේ  චීනයේ සිචු ආන් ප්‍රාන්තයේ ය.

කොරෝනා වෛරසයට තදින්ම බලපා තිබෙන ප්‍රාන්තය වන වුහාන්හි සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට වඩා රජය උනන්දු වී තිබෙන්නේ විරවංශ මහතාගේ පුත්‍රයා සිටින සිචු ආන් ප්‍රාන්තයේ සිටින සිසුන් ගෙන්වා ගැනීමට බවට තොරතුරු හෙළිදරව් වෙමින් පවතී.

වුහාන් ප්‍රාන්තයට සම්බන්ධ වීම වළක්වාලමින් එම ප්‍රාන්තය වසා දමා තිබූ නිසා එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් 50 කට පමණ දැඩි ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුව තිබේ.

සිචුවාන් ප්‍රාන්තය පිහිටා තිබෙන්නේ වුහාන් ප්‍රාන්තයට කිලෝමීටර් දහසක් පමණ එපිටින්ය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප අමාත්‍ය විමල් වීරවංශ මහතා  ඔහුගේ ජංගම හා අමාත්‍යාංශය දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඊට ප්‍රතිචාර නොලැබිණි.

ජාතීවාදී දේශපාලන නායකයින් සතුටු කිරීම වෙනුවට වත්මන් ආණ්ඩුව කැපවන්නේ සියලු ජාතීන්ට අයත් ජනතාවට සේවය කිරීමට බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මන්නාරමේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

උතුර - නැගෙනහිර පළාත් වල දැනට පවත්වාගෙන යන සහ වැසී ගොස්  ඇති රජයට අයත් කර්මාන්ත ශාලා පිළිබදව කරුණු සොයා බැලීම සදහා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා එම පළාත්හි සිව්දින සංචාරයක නිරතව සිටියි.

ඒ අතරතුර මන්නාරම,සෙල්වාරි ප්‍රදේශයේ ඉදිකළ තල් සංවර්ධන මණ්ඩලයට අයත් නව තල් කෙඳි නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කිරීමටද අමාත්‍යවරයා ඊයේ එක්වුණි.‍

ස්ථාවර රටක් ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් ආණ්ඩු පක්ෂය විසින් ලබාගත යුතු බව විමල් වීරවංශ අමාත්‍යවරයා පවසයි. 

ඔහු පවසන්නේ ඒ මගින් රටට අවශ්‍ය නව ව්‍යවස්ථා සංශෝධනයක් ද සිදු කළ හැකි බවයි. 

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව පැවසීය.

පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීමට එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කළහොත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායමට තීන්දුවක් ගැනීමට සිදුවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) මහනුවරදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

මාර්තු මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකළ විට මැතිවරණය අප්‍රේල් 26 වැනි දිනකට යෙදෙනෙ හෙයින් ඒ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ජාව මතුවන නිසා පාර්ලිමේන්තු මැතිවරණයට ඊට පෙර පවත්වා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ සාකච්ජාවක් වෙමින් පවතින් බවයි වීරවංශ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් එවැනි ඉල්ලීමක් ලද හොත් ඔවුන්ගේ ඉල්ලීම අනුව විසුරුවා හරිනවාද? නැත්නම් මාර්තු මසම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවාද ? යන්න තීරණයක් ගත යුතු  බව හෙතෙම කියා සිටියේය. 

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම දේශපාලන පළිගැනීමක් නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඔහුට එරෙහිව ඇති චෝදනා හා සාක්ෂි පදනම් කර ගනිමින් රටේ නීතියට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව ඇමතිවරයා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ කිසිසේත් අධිකරණයට හෝ නීතියට අයුතු බලපෑම් සිදු නොවන බවත්, ‍පසුගිය රජය සමයේ සිදුකළ දේශපාලන පළිගැනීම් වත්මන් රජය යටතේ සිදු නොවන බවත් වීරවංශ මහතා අවධාරණය කරයි. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට එම කටයුතු නිදහසේ, අපක්ෂපාතීව සිදු කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය සකස් කර ඇති බව ද ඔහු සඳහන් කරයි.

යහපාලන රජය විසින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දේශපාලන පළිගැනීම් සිදු කරද්දී, අසාධාරණ ලෙස අත්අඩංගුවට ගනිද්දී ඒ පිළිබඳව විරෝධය නොදැක්වූ ජනතා විමුක්ති පෙරමුණ එජාප මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගනිද්දී ඊට විරෝධය පළ කිරීමෙන් ඔවුන් අතර ඇති එකඟතාවය පැහැදිලි වන බව ද අමාත්‍යවරයා පවසයි. 

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

එම කමිටුවට පත් කර ඇති පුද්ගලයන් නිසා ඒ ගැන විශ්වාසය තැබිය හැකි බව ද ඇමැතිවරයා පවසයි.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් තමන් පෙරදැරු මතයේම සිටින බවත් ඒ ආකාරයේ ගිවිසුමක් නව රජය විසින් අත්සන් නොකරනු ඇති බවත් ඔහු කියා සිටියේය.

එම ගිවිසුමට අත්සන් තැබුවහොත් තමන් ආණ්ඩුවේ නොසිටින බව ද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පානදුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

රටට නිවැරදි නායකත්වයක් ලැබෙන විට රටේ ජනතාවද කාර්යක්ෂමව කටයුතු කරන බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

ඊයේ (06) කොළඹ පැවැති ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ගම්මිරිස් වැනි දේ මෙරටට ගෙනැවිත් ප්‍රතිඅපනයනය කරන බවයි.

ඒ නිසාවෙන් දේශීය ගම්මිරිස් ගොවීන්ගේ මිල ගණන් පහළ ගිය බවද පැවසු ඒ මහතා, ඊයේ දිනයේ දී පිටරටින් ගම්මිරිස් ගෙන්වීම නතර කිරීමට තීන්දු කළා පමණයි රුපියල් 40 0ට පමණ තිබු ගම්මිරිස් මිල අද දිනයේ දී රුපියල් 800 දක්වා වැඩි වී ඇතැයි ද කියා සිටියේය.

නායකත්වය නිසි ලෙස ලැබෙන්නේ නම් ලංකාව නැඟිටීමට සුදානම් රටක් බව මෙයින් පෙනී යන බවද විමල් වීරවංශ මහතා මෙහිදී පැවසීය.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම තුළින් කෝප් කමිටුවේ වෝහාරික වාර්තාව අහෝසි වන බවට ජනතා විමුක්ති පෙරමුණ සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මීගමුව ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

"සියයට තුනේ පෙරමුණ නාහයෙන් අඬනවා, කෝප් එක රැස් වෙන්න තිබුණාය, පාර්ලිමේන්තුව කල් දාපු එකෙන් කෝප් එක රැස් වෙන්න බැරි වුණාය, ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ වෝහාරික වාර්තාව එළිදක්වන්න බැරි වුණාය කියලා. කවුරුත් කලින් කියලා තිබ්බේ නෑ කෝප් එක කලිං රැස් වෙනවාය, ඔය කියන වාර්තාව එදාට දානවාය කියලා. පාර්ලිමේන්තුව කල් දානකල් ඉලදා සියයට තුනේ පෙරමුණ නහයෙන් අඬනවා. අලුත් ජනාධිපතිවරයෙක් රැස් වුණාම සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුව කල් දානවා තමයි. අලුත් සැසි වාරයක් ආරම්භ කරලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතනවා. සියයට තුනේ පෙරමුණ නොදන්නවා වුණාට ඒක සම්ප්‍රදාය. ඒකෙන් ඔය කියන වෝහාරික වාර්තාව අවලංගු වෙන්නේ නෑ. අපි ජනවාරි 3 රැස් වුණ ගමන්ම මුලින්ම කරන්නේ කෝප් කාරක සභාව පත් කරලා ඔය කියන වෝහාරික වාර්තාව රටට ප්‍රසිද්ධ කරන එක."

ස්ථාවර පාර්ලිමේන්තුවක් සැදීමටනම් ඉදිරි මහ මැතිවරණයේදී සියල්ලන් එක්වූ පොදු සන්ධානයකින් තරග කිරීම ඉතා වැදගත් බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන,කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. 

අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේ ඊයේ මහනුවරදී මාධ්‍ය අමතමින්ය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන,කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (02) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා සම්දුන් වැද පුදා ගත්ගතේය. 

ඉන් අනතුරුවයි මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැදැකීමට පැමිණියේය.

තම ආණ්ඩුව යටතේ, අමෙරිකාව සමග MCC ගිවිසුම අත්සන් නොකරන බව අමාත්‍ය විමල් වීරවංශ කියයි.

Page 1 of 4