April 06, 2020

පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ද නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි. 

හොරණ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී විදුර වික්‍රමනායක මහතා මෙම අදහස් පල කළේය.

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත රත්නසිරි වික්‍රමනායක මහතා ජීවත්ව සිටියදී භාවිත කළ හොරණ ප්‍රදේශයේ පිහිටි නිවස කොරෝනා ආසාදිතයින් නිරෝදායනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමානායක මහතා අද (23) ප්‍රකාශ කළේය.

මේ අතර කරවනැල්ල වැන්දල ශ්‍රී සුගත විශුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපති කෝරල තුන පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හාලිආලේ අරියංවශ හිමිගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පුද්ගලයින් 1500කට පමණ නවාතැන් ගැනීම සඳහා ඉදිකළ ගොඩනැගිල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා රජයට ලබාදීමට තමන් වහන්සේ සූදානම් බව එම හිමියන් අද පැවසුවේය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව එකිනෙකා කෙරෙහි ගෞරවයක් , සුහදත්වයක් නැති මහජනතාවගේ ගැටලු ගැන අවබෝධයක් නැති ස්ථානයක් බවට පත්ව ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙම අදහස් පළ කළේ, හොරණ ශ්‍රීමේධංකර මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ සිසුන් සඳහා ලාංජන පැළඳවීමේ උත්සවයට සහභාගී වෙමිනි.

ඔහු සඳහන් කරන්නේ, පාර්ලිමේන්තුව පවත්වන දිනකදී රුපියල් ලක්ෂ 92 ක් ද, නොපවත්වන දිනකදී රුපියල් ලක්ෂ 87 ක් ද වියදම් කරන බවයි.

නමුත් දිනකට රුපියල් ලක්ෂ 92 ක් වියදම් කළත් එහි ප්‍රතිපල තවමත් ලැබී නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර පසුගිය වසර 04 තුළ පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් වාහන ගෙන්වා ගත් බවත් එය ජනතා මුදල් නාස්ති කිරීමක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

එමෙන්ම විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, වසර 3ක් යනතෙක් වාහන ගෙන්වීම අනවශ්‍ය බවයි.

රට ගොඩ නැගීමට නම් සියලු දෙනා එක්විය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

අද වන විට රටේ දරුවන් මත්ද්‍රව්‍ය හේතුවෙන්  අනාරක්ෂිත බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

කළුතර ඉංගිරිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන්. 

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සුල මුල සෙවු විට ඒ සඳහා දේශපාලකයින්, රජයේ නිලධාරීන්, නිතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සම්බන්ධ බවත් ඒ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

"වැටත් නියරත් ගොයම් කානම් කාටද කියන්නේ?  ඊට ඉදුරාම පටහැනිව ජන ජීවිතය විනාශ කරන, සමාජය වල පල්ලට ඇඳලා දාන වැඩ කටයුතු කොච්චර මේ රටේ සිද්ධ වෙනවාද? දවස් දෙකක් රුපියල් ලක්ෂ 92 ගානේ වියදම් කළා පාර්ලිමේන්තුව තඹ දොයිතුවක වැදගත්කමක් නැති කතන්දර අහන්න. මේවා නෙවේ ද අපරාධ? මේවත් අපරාධ. ජනතාව පාර්ලිමේන්තුවට නියෝජිතයින් පත් කරලා යවන්නේ ජනතාවගේ අයිතිවාසිකම් වරප්‍රසාද අලුතෙන් දිනලා දෙන්නටත් තියෙන වරප්‍රසාද අයිතිවාසිකම් තහවුරු කරන්නටත්."

විදේශ රටවලින් කුමන බලපෑම් පැමිණියත් වෙනත් රටක ව්‍යවස්ථාවක පිටපතක් නොවන ව්‍යවස්ථාවක් නිර්මාණය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ හොරණ මදුරාවල ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ පැවසීය.

“අපේ රටේ තිබෙන්නා වූ ව්‍යවස්ථාව හැල්ලූවෙච්ච, බාල්දු වෙච්ච, දියාරු වෙච්ච ව්‍යවස්ථාවක්. දැන්වත් අපි සියලුදෙනාම එකට එකතුවෙලා අලුත් ව්‍යවස්ථාවක් මේ රටට හදන්නට ඕනේ. හැබැයි මේ අලුත් ව්‍යවස්ථාව හදනකොට කල්ලි කණ්ඩායම්වලට අවශ්‍ය ආකරයට දොලපිදේනි දෙන ව්‍යවස්ථාවක් නොවිය යුතුයි. ජාතීන් වෙන්නට පුළුවන්, ආගම් වෙන්නට පුළුවන්, අපි පිළිගන්නට වෙනවා අපේ රටේ කාලයක් තිස්සේම මුල්බැසගත්ත දේවල් සිංහලකම වේවා, බෞද්ධකම වේවා, ඒවාට ගෞරවයක් දෙමින් ඒවාගේ අනේකුත් ජාතීන් සහ ආගම් පාගන්නේ නැති හෙළාදකිනේ නැති, කොන් කරන්නේ නැති, වැඩපිළිවලකට අපි යන්නට ඕනේ. එකතුවක් තුළ පමණයි අලුත් රටක් ගොඩනගන්නට පුළුවන් වෙන්නේ. මේ ව්‍යවස්ථාව වෙනත් රටක ව්‍යවස්ථාවක අනුපිටපතක් නොවිය යුතුයි.“

සංශෝධන සිදුකිරීමෙන් පමණක් ව්‍යවස්ථාවක කඩතොළු වැසිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

හොරණ මොරගහහේන ප්‍රදේශයේ ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, සංශෝධන කිරීමෙන් පමණක් ව්‍යවස්ථාවේ ඇති කඩතොළු මැකිය නොහැකි බවයි.

එබැවින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව රටට දැනෙන බවත් පැවසු අමාත්‍යවරයා, රටේ උරුමයන්ට ප්‍රමුඛස්ථානය දෙමින් රටේ ජනතාවගේ සිතුම් පැතුම් කේන්‍ද්‍ර කර ගත් අනාගතයට වලංගු ව්‍යවස්ථාවක් අවශ්‍යව ඇතැයි ද පැවසීය.

21 වන සංශෝධනය ගැන එක් අතකින් සතුටු වුවත් විශේෂයෙන් තම ඡන්ද දායකයාට කිට්ටු වු මැතිවරණ ක්‍රමයක් ඇති කළ යුතු බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා මිශ්‍ර ක්‍රමයක අවශ්‍යතාවය පවතින බවත් කියා සිටියේය.

සාමාන්‍ය ජනතාව තවදුරටත් පොරොන්දු දේශපාලනය මත නොරැඳෙන බව මෙවර ජනාධිපතිවරණයෙන් මැනවින් පෙන්නුම් කළේ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ පැවති රුක් රෝපණ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් පළ කරමින්.

ජනතාව තවදුරටත් පොරොන්දු දේශපාලනය මත නොරැඳෙන බවත් ප්‍රතිපත්තිමය දේශපාලනයක ජනාතව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

භෞතික සම්පත් ලබා දුන්න ද ජනතාවගේ හදවත් දිනා ගැනීමට වැඩපිළිවෙලක් පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ නොතිබුණු බවත් ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනා යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ගතානුගතික පාරම්පරික දේශපාලනයෙක් මිඳී රට නව විප්ලවයක් කරා ගෙන යා යුතු බවත් විඳුර වික්‍රමනායක මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අන්තවාදීන්ට සහ දූෂිතයන්ට සහය දෙන්නන් සඳහා ඉදිරි මැතිවරණයේදී  පාර්ලිමේන්තුව සහ ජනාධිපති ධුරය යොදාගැනීමට තවදුරටත් ඉඩ නොදිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එපා කියලා තනතුරු දාලා ගිය පිරිස නැවත වතාවක් දිවුරුම් දීමේ සුදානම් පවතින බව ද සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, ඔවුන්ට ඇමතිකම් නැතුව නින්ද නොයන බවද පැවසීය.

වැසිකිලියට යෑම සඳහාත් එම පිරිසට ඇමති ධූරය අවශ්‍ය බව පැවසු මන්ත්‍රීවරයා, මොන තරම් පහළ තත්ත්වයකට අපේ රටේ මිනිසුන් වැටී ඇත්දැයි ප්‍රශ්න කර සිටියේය.

අන්තවාදයට පාවඩ එළීමට ආණ්ඩුව නැවත වතාවක් සුදානම් වන බවද පැවසු මන්ත්‍රීවරයා, ඡන්ද ගැනීමේ අරමුණින් මේ බව සිදු කරන බවද පැවසීය.

2015 ජනවාරී 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉන්නේ හොරු බව පවසමින් වෙනසක් ඇති කළ බවද පැවසු මන්ත්‍රීවරයා, පෙබරවාරී 28 වන දින වෙන විට මහ බැංකුව බිඳ දමා හිටිය හොරු වෙනුවට පට්ට හොරු ටිකක් පැමිණි බවද කියා සිටියේය.

කෙසේ වෙතත් නැවතවතාවක් හොරුන්ට පැමිණීමට ඉඩ දිය නොහැකි බවද පැවසු මන්ත්‍රීවරයා, අන්තවාදීන්ට පාවඩ එලන්න, උඩුවියන් බැදීමට නැවත ඉඩක් නැති බවද සඳහන් කළේය.

ඒ සඳහා පාර්ලිමේන්තුව භාවිතා නොකරන ලෙසත් පැවසු විදුර වික්‍රමනායක මහතා, ලබන මැතිවරණයෙන් කවුරු කොහොම කිව්වත් මහින්ද රාජපක්ෂ මහතාගේ පිල ජයග්‍රහණය කරන බවද පැවසීය.