March 31, 2020

උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ පක්ෂය වූ දෙමළ ජනතා ජාතික සන්ධානය නොහොත් ටී.එම්.ටී.කේ පක්ෂය විසින් තවත් පක්ෂ තුනක් සමග සන්ධානගතව යාපනය දිස්ත්‍රීක්කය වෙනුවෙන් නාමයෝජනා භාරදෙනු ලැබීය.

මේ අනුව ටී.එම්.ටී.කේ. පක්ෂය සමග සුරේස් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඊ.පී.ආර්.එල්.එෆ. පක්ෂය, ආනන්දි ශෂිධරන්ගේ දෙමළ ජාතික ස්වාධීන පක්ෂය, හා එන්.ශ්‍රීකාන්තාගේ දෙමළ ජාතික පක්ෂය මෙසේ සන්ධානගතව සී.වී.විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් නාමයෝජනා භාරදීම සිදු විය.

ඒ අනුව යාපනය දිස්ත්‍රීක්කය වෙනුවෙන්  නාමයෝජනා භාර දී ඇත්තේ ,

01 සී.වී.විග්නේශ්වරන් (කණ්ඩායම් නායක)

02 සුරේස් ප්‍රේමචන්ද්‍රන්

03 ආනන්දි ශෂිධරන්

04 එන්.ශ්‍රීකාන්තා

05 කේ.අරුන්තවබාලන්

06 එම්.කේ. සිවාලිංගම්

07 මීරා අරුලානන්දන්

08 සිර්බරන් තවචෙල්වම්

09 කන්දයියාරත්නකුමාර්

10 සිංහබාහුසිවකුමාර්

යන අයයි..

(වන්නි රොමේෂ් මධුෂංඛ)

ඉදිරියේදී පැවත්වෙන මහමැතිවරනයේදී උතුරු හා නැගෙනහිර පලාත් දෙක සඳහාම උතුරු පලාත් හිටපු මහඇමති සී.වී.විග්නේශවරනගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානය තරඟ කිරීමට පියවර ගෙන ඇත.

එම පක්ෂය විසින් දැනුම් දී ඇත්තේ මහමැතිවරනය වෙනුවෙන් උතුරු නැගෙනහිර පලාත් දෙකටම දෙමළ ජනතා සන්ධානය විසින් තරඟ කරන බවටත් මේ වන විට එම පලාත්හි මැතිවරනය වෙනුවෙන් ඉදිරිපත් කරන අපෙක්ෂකයින් තෝරාපත් කිරීමේ කටයුතු අවසන් වී නොමැති බැවින් ඉදිරි දින කිහිපය තුලදී එම කටයුතු අවසන් කිරීමට පියවර ගන්නා බවටය.

එමෙන්ම උතුරු නැගෙනහිර පලාත් වෙනුවෙන් ජනතාව අතර සිටිනා දක්ෂ අපෙක්ෂකයින් ඉදිරිපත් කරන බවටත් එහිදී කාන්තා නියෝජනය වෙනුවෙන්ද තම පක්ෂය අවධානය යොමුකරන අතර මේ වන විටත් යාපනය හා කිලිනොච්චිය දිස්ත්‍රීක් වෙනුවෙන් ආනන්දී ශෂිධරන් හිටපු පලාත් සභා මන්ත්‍රීවරිය නායකත්වය දරමින් මැතිවරණ කටයුතු සිදු කරන අතර එලසින් වන්නි මැතිවරන බල ප්‍රදේශය සඳහාද නැගෙන හිර පලාත් වෙනුවෙන්ද කාන්තා නියෝජනය ලබා දීමට දෙමළ ජනතා සන්ධානය පියවර ගෙන ඇත.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

මධ්‍යම රජය විසින් උතුරු පළාත් සභාව වෙත එවූ ප්‍රතිපාදන වලින් සතයක් හෝ නැවත හරවා නොයැවූ බවත් හරවා යැවීමට හෝ ප්‍රමාණය වීමට තරම් වත් මුදල් පළාත් සභාව වෙත නොලැබුණු බවත් උතුරු හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි. 

උතුරු පළාත වෙනුවෙන් මධ්‍යම රජය එවූ මුදල් මා නැවත හරවා යැවූ බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ දී ප්‍රකාශ කළ බවත් නිසි අවබෝධයකින් තොරව අගමැතිවරයා එවන් ප්‍රකාශයක් සිදුකර තිබෙන බවත් විග්නේෂ්වරන් මහතා කීය.

උතුරු පළාතට රජය වෙන්කර යැවූ මුදල් ප්‍රයෝජනයට නොගෙන ආපසු මහා භාණ්ඩාගාරයටම හරවා යැවූ බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර සිටි.

එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉන්දියාවට ගිහිං අපේ අඩුපාඩු කියලා තමන් හොද නම දිනා ගන්න හදනවාද ? ඔහු සැබැවින්ම ඒ ප්‍රකාශය නොදැන සිදුකලාද දැන දැනම සිදුකළාද කියලා දන්නෙ නැහැ.

මා මහ ඇමැති ධූරය දැරූ පස් වසරක කාලය තුළ පළාත් සභාවට ලැබුණු මුදල්වලින් සතයක්වත් මධ්‍යම රජයට ආපසු හරවා යැව්වෙ නැහැ.ප්‍රථමයෙන්ම 2012 වසරේදී  මිලියන් 12,000ක් ඉල්ලුවා. නමුත් මිලියන් 1650 ක් විතරයි ලබාදුන්නේ.එහෙම තියෙන තත්වයක නැවත මුදල් හරවා යවන්න සල්ලි තියෙන්නේ.පසුව පැමිණි වර්ෂයන් වලදී මිලියන් 3000ස් ගණනක් දෙනවයි කියල වරින් වරයි මුදල් ලබා දීම් සිද්ධ කලේ.අපි බලයෙන් නික්ම ගිය පසුවත් ඒ කියන්නේ පසුගිය 2019 වසරේ දී  පවා මුදල් විශාල ප්‍රමාණයක් මධ්‍යම රජය විසින් උතුරු පළාතට ලැබී නැහැ.

මෙනිසා අපට අවශ්‍ය පරිදි මුදල් මධ්‍යම රජය විසින් ලබා නොදී එවූ මුදල් අප නැවත හරවා යැවූ බවට අගමැති මහින්ද රාජපක්ෂ  මහතා ඉන්දියාවේදී ප්‍රකාශ කිරීම පුදුම සහගතයි. දෙවන කාරණය අප මිලියන් 12000ක මුදලක් ඉල්ලුවම 10න් 1ක පංගුවක් අපට ලබා දීල ඉතිරි මුදල් සියල්ලම මධ්‍යම රජයේ අමාත්‍යවරුන්ට ලබා දුන්නා. එයාල ඒ මුදල් උතුරු පලාත වෙනුවෙන් වියදම් කරනවා කියල මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් සිදුකලේ මොනවද ? උතුරු නැගෙනහිර පළාත්වලට ඒ සියළු මුදල් යැව්වද ? දිසාපතිවරුන්ටයි ඒ මුදල් යැව්වේ.එයාල ඒ මුදල් නැවත හරවා යැව්වද කියන එක ප්‍රශ්නයක්. එලෙස මුදල් නැවත හරවා යැව්වේ නම් දිසාපතිවරුන් ඒ ගැන අපව දැනුවත් කරන්න ඕන.

අගමැතිවරයා විදේශ රටවල් සමගින් කතා කිරීමේදී සත්‍ය අවබෝධයකින් යුතුව කතා කරන්න ඕනැ. රට තුළ දේශපාලන වේදිකාවේ කතා කරනවා වගේ කතා නොකළ යුතුයි.අග්‍රාමාත්‍යවරයාට 1992/58 අංක දරණ නීතිය දන්නවාද කියල මම දන්නෙ නැහැ.13 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා සඳහා ලබාදී ඇති සීමිත බලතලවලින් මධ්‍යම රජය තමන් වෙනුවෙන්ම එක් බලතල විමධ්‍යගත කිරීමක් සිදුකරගෙන තිබෙනවා. ඒ කියන්නේ පිරිනමා ඇති බලතල වලින් අඩකට වඩා ඉහත පනතට අනුව මධ්‍යම රජය විසින් උදුරාගෙන තිබෙනවා. දිසා ලේකම්, ප්‍රාදේශීය ලේකම්,ග්‍රාම නිලධාරීන් යන නිලයන් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභා බලතල යටතේයි සිටිය යුත්තේ. නමුත් 1992 /58 පනත ප්‍රකාරව ඔවුන් මධ්‍යම රජයේ පාලනය යටතට ගෙන තිබෙනවා.මෙනිසා උතුරු නැගෙනහිර පළාත් සදහා එවූ මුදල් මෙම නිලදාරින් විසින් නැවත හරවා යවා ඇතැයි සිතනවා.

ඒ කියන්නේ මධ්‍යම රජයේ නිලධාරීන් අපට උදව් කරනවා වගේ පෙන්වලා අප වෙනුවෙන් වැය කළ යුතු මුදල් මධ්‍යම රජයට නැවත හරවා යවන්න ඕන.මේ ගැන අගමැතිවරයා සොයා බැලිය යුතුයි. අප වෙත වරද පැටවීම නතර කර ගන්න ඕන.අගමැතිවරයාගේ අවබෝධය පිණිස එක් දෙයක් කියන්න කැමතියි. 2016 වසරේ ශ්‍රී ලංකාවේ 850ක අධිකව ඇති දෙපාර්තුමේන්තු සහ අමාත්‍යංශ අතරින් විශේෂ මුදල් පරිපාලනය ගැන ප්‍රථම ස්ථානය දිනා ගත්තේ මාගේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යංශයයි.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම,  සිරබාරයේ සිටින  සියලූම දෙමළ සිරකරුවන් නිදහස් කිරීම,  උතුරු, නැගෙනහිර පළාත්වල ඉඩම් යළි දෙමළ ජනතාවට ලබාදීම ඇතුළු ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ කොන්දේසි මාලාව මෙවර මහමැතිවරණයේ තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වරන් මහතා පැවසීය.

දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර ඇති තම ප‍්‍රතිපතත්ති සමඟ එකඟ වන පාර්ශව හා සන්ධානගතව ඉදිරි මහමැතිවරණයට තරග කිරිමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය. 

දෙමළ මහජන පෙරමුණ, ඉලංගයි තමිල් අරසුකච්චි, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ඊ.පී. ආර්. එල්. එෆ් පක්ෂය ඇතුළු පක්ෂ පහක් එක්ව මෙම කොන්දේසි මාලාව ඉදිරිපත් කර ඇති බවත් විග්නේෂ්වරන් මහතා පැවසීය.

එම ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානයේ පාර්ශව සමඟ ඉදිරි මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන්  සාකච්ඡා කරන බවත්  විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට තමන් විසින් සිදුකළ ප්‍රකාශය ඉතිහාස මූලාශ්‍ර හා ඉතිහාසඥයින්ගේ මතයන් මත සිදුකළ නිවැරදි ප්‍රකාශයක් යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී.විග්නේෂ්වරන් මහතා ඊයේ (18)පැවසීය.
 
ශ්‍රී ලංකාවට බුදු දහම පැමිණීමට පෙර මෙරට දමිළ ජාතිකයින් විසූ බව ඉතිහාස මූලාශ්‍රවල සදහන්ව තිබෙන බවත් මෙරට බෞද්ධාගම වැළදගත් මුල්ම ජනකොට්ඨාසයද දමිළ ජාතිකයින් බවත් හෙතෙම සදහන් කළේය‍.
 
දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙන ශ්‍ රීලංකාව බෞද්ධ රටක් නොවන බවට විග්නේෂ්වරන් මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් විග්නේෂ්වරන් මහතා මේ අදහස් පළකර සිටියේය.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේෂ්වරන් මහතා මෙසේද කීය.
 
"ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට පෙන්වා දුන් තම ප්‍රකාශය ගැන මාධ්‍ය මගින් බෞද්ධ සමාජීය හා ආගමික නායකයින්ගේ විවේචන එල්ල වෙනවා.කෙසේ නමුත් මම කළේ නිවැරදි ප්‍රකාශයක්.මම කියනවා මගේ ප්‍රකාශය විවේචනය කරන පාර්ශව වලට මුලින්ම ඒ පැරණි ඉතිහාසය ගැන අවබෝධ කරගෙන කතා කරන්න කියලා. ශ්‍රී ලංකාවට බෞද්ධාගම පැමිණීමට පෙර මෙරට තුළ දෙමළ ජාතින් ජීවත් වී තිබෙන බව ඉතිහාස මූලාශ වල සදහන් වෙලා තියෙනවා. ඉතිහාසඥයින් මෙන්ම ඉතිහාස මහාචාර්යර්යවරුන්ගේද මතය ඒකයි.ඒ ප්‍රකාශය මා ආවට ගියාට කරපු ප්‍රකාශයක් හෝ බෞද්ධාගම නිගා කිරීමට කරන ලද ප්‍රකාශයක් නොවෙයි.මම ඒ කී දේ ඇත්ත. මගේ කතාව වැරදියි නම් පුරණ මූලාශ්‍රවලට අනුව ඒ කතාව වැරදියි කියල මට කියල දෙන්න.එවිට මා සූදානම් ඒ වරද්ද පිළිගන්න මට මංවත් නොදන්න ඇත්ත කියල දෙන්න කියල මම ඉල්ලනවා. මම පිළිගන්න යැයිද විග්නේෂ්වරන් මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් යැයි කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමල ජනතාව බැවින් එදා සිටියේ දෙමල බෞද්ධයින් බවත්, මහා වංශය වැනි ග්‍රන්ථ පාලි භාෂාවෙන් ලියා ඇති ප්‍රබන්ධ බැවින් ශ්‍රී ලංකාව සිංහලයන්ගේ නිජ බිම ලෙස හැඳින්වීමට නොහැකි බවට උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී.විග්නේශ්වරන් මහතා විසින් නිවේදනයක් මඟින් කර තිබෙන ප්‍රකාශයට ඌව පළාත් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඉතිහාසය පිලිබඳ මතක් කරමින් ප්‍රභල පිළිතුරක් දී තිබේ.

අවශ්‍ය නම් විග්නේශ්වරන්ට දෙමල භාෂාවෙන්ම තමාට පිළිතුරු දිය හැකි බවද ගුණරත්න මහතා සඳහන් කරයි.

හිටපු ආණ්ඩුකාරයාගේ මුහුණු පොතේ තබා තිබු සටහන පහතින්, 

විග්නේෂ්වරන්ගේ ජාතිවාදී උමතුව යළිත් වරක් තප්පුලයි. 

ලෝකයේ මහා ශිෂ්ඨාචාර දෙකකි. ඉන් එකක් චීනයයි. අනෙක ශ්‍රී ලංකාවයි. චීන ශිෂ්ඨාචාරය ගොඩනැගෙන්නේ කොන්ෆියුසස්ගේ බුදුදහම පදනම කරගෙනය. අප රටේ ශිෂ්ඨාචාරය ගොඩනැගෙන්නේ හා ගොඩනගන්නේ ගෞතම බුදුන් වහන්සේගේ බෞද්ධ දර්ශනය පදනම් කරගෙනය. වසර 2600ක බෞද්ධ ආගමික සභ්‍යත්ව ශිෂ්ඨාචාරයක උරුමය අප විසින් ආරක්ෂා කරගත්තා මෙන්ම එය පෝෂණය ද කලේ මෙරට සිංහල ජනතාවය . කිසිදු රාජ්‍යකට එවන් දිගු ඉතිහාසයකට හිමිකාරිත්වය ක් නොමැත. මෙරටට මිහිදු මාහිමියන් බුදු දහම ගෙන එන ලද්දේ වසර 2200 කට පෙරාතුවය. එනම් දේවානම්පියතිස්ස රජ දවසය. එදා පටන් සමාජ ,ආර්ථික , දේශපාලනික හා සංස්කෘතික හැඩගැස්මේ අඩිතාලම බුදුදහමය. උපතේ සිට මරණය දක්වාම අපේ ජීවිත හා අත්‍යන්තව බද්ධ වුනේද බුදු දහමයි. දුරාතීතයේ පටන් මෙරට අනගිභවනීය විශිෂ්ටතම කලා නිර්මානයන් පෝෂණය වූයේද බුදුදහම නිසාවෙනි.

බුදුදහමට හිමි ස්ථානය අපේ රටේ වෙනත් කිසිදු ආගම් දහමකට ලබාගත නොහැකිය. එය එසේවන්නේ මෙරට ස්වදේශිකයන් වූ සිංහල අපේ සමාජ හර පද්ධතිය , ඇවතුම් පැවතුම් හා සියලු මානවීය සබදතා රැදිපවතින්නේ බුදුදහම මතය.
විග්නේෂ්වරන් පාරම් බාන ගජබින්න වලට නොබියව පිලිතුරක් දිය යුතුවා සේම එම මතයද ලත් තැනම ලොප්කල යුතුය. ඒ ඔවුන් සහ ඔවුන් මෙහෙයවන විජාතික අන්‍යාගමික කුමන්ත්‍රණ කරුවා විග්නේෂ්වරන් ය.

උතුරු නැගෙනහිර දෙමළ ජනාවාසකරණය සිදුවන්නේ ලන්දේසි පාලන සමයේදීය. ඒ යාපනය ප්‍රදේශවල දුම්කොල වගාව සදහා දකුණු ඉන්දීය දෙමල සේවකයන්ගේ පැමිණීමෙන් අනතුරුවය. විශේෂයෙන්ම දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් විටින් විට අපේ රට ආක්‍රමණය කලේය. ඒ සියලු ආක්‍රමණිකයන් පලමුව කලේ පන්සල් හා වෙහෙර විහාර විනාශ කිරිමේ ක්‍රියාන්විතයි. එසේ කිරීමට හේතුව වූයේම මේ රටේ බෞද්ධ සභ්‍යත්ව රාජ්‍යය විනාශ කරලීමයි. අද විග්නේෂ්වරන් ඇතුලු ඊනියා ද්‍රවිඩ නායකයින් කරන්නේද ඒ දේමය. ඔවුන්ට නොමැති ඉතිහාසයක් හුවා දක්වමින් විග්නේෂ්වරන් ඉටුකරන්නේ ජාතීවාදී උගුලක අප සියල්ල හිරකිරීමේ කාර්‍යභාරයයි .

මෙය අප නිවැරැදි ව තේරුම් බේරුම් කරගතයුතුය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගැනිමේ සටනට එදා පොන්නම්බලම් රාමනාදන් , අරුණාචලම් වැනි දේශපාලන නායකයන් නායකත්වය දුන්නේ රටක් විධියට ලාංකීය ජාතියක් විධියට සිතාය. ඔවුනට අවශ්‍ය වූයේ නිදහස් ස්වෛරී රටක් ය. නොබෙදුනු ඒකීය ශ්‍රි ලංකාවකි. එහෙත් වත්මන් අපේ විග්නේෂ්වරන් ඇතුලු නඩයගේ කීමට බොහෝ රටට හිතැති දේශමාමක දෙමල ජනතාව අකමැතිය.

13 වන සංශෝධනයෙන් දෙමළ ජනයාගේ  දීර්ඝකාලීන දේශපාලන ගැටළුවලට විසඳුම් නොලැබෙන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙරට දෙමළ ජනතා පෙරටත් වඩා අසීරූ ගැටළුවලට මුහුණපාමින් සිටින බව ඉන්දියාව තේරුම්ගත යුතුව ඇතැයිද හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සිය නිවේදනයෙන් ප්‍රකාශ කරයි.

එම ගැටළුවලට විසඳුම් ලෙස උතුරු- නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් ලබාදීම සඳහා ඉන්දියාව මැදිහත් වී කටයුතු කළ යුතු බවයි විග්නේෂ්වරන් මහතා පවසා අති බවයි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ඒකීය රාජ්‍ය යන සංකල්පය භාෂා තුනට පරස්පර අර්ථදැක්වීම් දැක්වෙන හෙයින් එය සැක සහිත යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.

Unity යන වචනය ඒකීය භාවය නම් එක්සත් ජාතික පක්ෂයද ඒකීය ජාතික පක්ෂය විය යුතු බවත් එය එසේ නොවී මෙය මෙසේ විය යුත්ත ඇයිදැයි තමාටත් දැඩි ප්‍රශ්නයක් බවත් විග්නේෂ්වරන් මහතා අවධාරණය කරයි.

උතුරේ මාධ්‍ය විසින් සතියකට වරක් යොමු කරන සතියේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විග්නේෂ්වරන් මහතා මේ බව අවධාරණය කර තිබේ.

"2015 ජනාධිපතිවරණයේදී  ප්‍රසිද්ධියේ කිසි සහතිකයකින් තොරව එවක පොදු  අපේක්ෂකයාට ඡන්දය දීල රැවටුණා.මේ වගේ දිගින් දිගටම සිදුවුනොත් දෙමළ ජනතාව තව තවත් රටේ සුළු ජාතිය බවට පත්වෙනවා.තවත් වතාවක් මේ වගේ අප්‍රසිද්ධත්වයකින් යුත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තුළින් සිදුවන්නේ දෙමළ ජනතාව නැවතත්  රුවටීම විතරයි. දකුණේ කිසිදු සිංහල ජනපති අපේක්ෂකයෙකු අපේ ඉල්ලීම් 13 පිළිගත්තෙ නැහැ.අපේ පක්ෂ පහ එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න ඉදිරිපත් වුණෙත් නැහැ. නමුත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන විතරක් එයාල ඉදිරිපත් කළා. පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභයගේ මැතිවරණ ප්‍රකාශනයෙන් ආර්ථික කාරණා ගැන ප්‍රකාශ කරල තියෙනවා.නමුත් ඒ ප්‍රකාශනයේ ජාතික ගැටළුවට  විසදුම් ගෙන ඒම ගැන කිසිම සඳහනක් නැහැ. නමුත් සජිත් ප්‍රේමදාසගේ සිය ප්‍රකාශනයෙන්  නොබෙදුන් බෙදිය නොහැකි ශ්‍රීලංකාවක් තුළ උපරිම බලතල විමධ්‍යගත කිරීමක් සහිත විසදුමක් ලබාදෙන බවට ප්‍රතිඥ්ඥා දී තිබෙනවා."

"ඊට කලින් 16 වන පිටුවේ මෙසේ සඳහන් වෙලා තියෙනවා. අපගේ මව්බිමේ ඒකීයත්වයත් භෞමික අඛණ්ඩතාවත් ස්වෛරීභාවය සහ දේශපාලන ස්වාධීනත්වය ආරක්ෂා කරන ශ්‍රීලංකාවක් තුළ උපරිම බලය බෙදාහරින බවට සිංහල ප්‍රකාශනයේ 16 වන පිටුවේ සඳහන් වෙලා තියෙනවා. ඉංග්‍රීසි බසින් UNITY යන වචනය සිංහල බසින් ඒකීය වශයෙන් භාවිතා කරනවා.එහි නියම ඒකීය භාවය නොව එක්සත් භාවය යන්නයි.ඒ නිසා තමයි යූ.ඇන්.පී ය ඒකීය ජාතික පක්ෂය කියල හඳුන්වන්නෙ නැත්තෙත්.ඒ පක්ශයට කවුරුත් ඒකීය දේශීය පක්ෂය කියල කියන්නෙ නැහැනේ. නමුත් ඉංග්‍රිසි හා දෙමළ භාෂා ප්‍රකාශන වලින් UNITY කියන එක්සත් බව කියන්නෙ නැතිව ඒකීය භාවය කියන වචනය ඇයි භාවිතා කරන්නේ. ඒ නිසා සජිත්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උතුරු නැගෙනහිර ජනතාවගේ දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ද කියල තියෙනවා. නමුත් දෙමළ ජනතාවගේ මූලික ගැටළුව වන උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම,ජාතික ස්වෛරීභාවය සහ ෆෙඩරල් විසදුම ගැන ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිවක් සඳහන්ව නැහැ. ඒකීයභාවය කියන වචනය විතරක් අරන්.එහි අර්ථය අපි දේශපාලන වශයෙන් කුමන  බලපෑමක්,  ඊට කිසිම තැනක් නැහැ කියන එකයි‘‘ යැයිද විග්නේෂ්වරන් මහතා පැවසීය.

ජනාධිපතිවරණයට තරගවදින ප්‍රධාන පෙළේ කිසිදු අපේක්ෂකයෙකුට සහාය දිය නොහැකි බවත් දෙමළ ජනතාව ස්ව කැමැත්තෙන් තමන්ට  සිතෙන අපේක්ෂකයෙකු හට ඡන්දය දියයුතු බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂකයින් හට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් 13ක යෝජනාවලිය ප්‍රධාන පක්ෂවල ජනපති අපේක්ෂකයින් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් තමාට කිසිදු අපේක්ෂකයෙකු හට සහාය විය නොහැකි බවද විග්නේෂ්වරන් මහතා අවධාරණය කර සිටියි.

ඉහත ඉල්ලීම් 13ට අත්සන් තැබූ දේශපාලන පක්ෂ පහෙහි නියෝජනයක් දරන තමිල් මක්කල් පේරවෙයි පක්ෂයේ ( දෙමළ ජනතා සභාව) සිය ස්ථාවරය පිළිබඳ පැහැදිලි කරමින් ඊයේ (29) සවස නිකුත් කළ නිවේදනයෙන් මේ බවා අවධාරණය කර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

‘‘මට ඇගිල්ල දික්කරල මේ අපේක්ෂකයට ඡන්දය දෙන්න කියල ජනතාව ඉදිරියේ කියන්නට බැහැ.ප්‍රධාන පක්ෂවලින් තරග කරන අපේක්ෂකයින් අතරින් කිසිවෙකු අපි දේශපාලන පක්ෂ 5 ක් විසින් ඉල්ලීම් 13 ක් ඇතුළත් යොජනාවලිය පිළිගත්තෙ නැහැ. 31 වැනිදා තැපැල් ඡන්ද විමසුම සිදුවෙනවා.අපේ ඉල්ලීම්13 මේ කිසිදු අපේක්ෂකයෙකු පිළිගත්තෙත් නැහැ.අපි නිල වශයෙන් ආරාධනා කළ සාකච්ඡාවට කිසිදු අපේක්ෂකයෙකු පැමිණියෙත් නැහැ.මේ ගැන අපි 28 වෙනිදා යාපනයේදී යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය එක්ක කරපු සාකච්ඡාවේදීත් කතා කළා.එහිදි ගිවිසුමට අත්සන් කරපු දේශපාලන පක්ෂ පහටම පොදු මතයකට එන්නත් බැරි වුණා."

මෙනිස තමිල් මක්කල් පේරවෙයි පක්ශය වශයෙන් තමාට කිසිදු සිංහල ජනපති අපේක්ෂකයෙකුට සහාය එන්න කියල කියන්න බැහැ යැයිද එහි සඳහන් කළේය.

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරය බෞද්ධයන්ට අයත්  සිද්ධස්ථානයක් නොවන බවත් එහි වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේ බලහත්කාරයෙන් එම ස්ථානය අල්ලා ගෙන සිටි බවත් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා 26 දා පැවසීය.

මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මේ බව කියා සිටි විග්නේස්වරන් මහතා  උන්වහන්සේගේ ආදාහනය සිදු කළ ආකාරය නීති විරෝධී බවද පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

''මේ විහාරය බෞද්ධ විහාරස්ථානයක් නෙමෙයි.හමුදාවේ අය බුදුන් වදින්න කියලා පිළිමයක් තියාගෙන වැදුම් පිදුම් කරලා ඒ අය එතන බුදු පිළිමය තියලා ගියාම ඒක බෞද්ධ විහාරයක් වෙන්නේ නැහැ.මෙතෙන්ට වුණෙත් ඒකමයි. ඊට පස්සේ කොහෙන්දෝ හාමුදුරු කෙනෙක් මෙතෙන්ට ඇවිත් පදිංචි වෙලා මේක බෞද්ධ විහාරයක් කියලා කිව්වා.එයා ආව ගම කළේ හමුදාවත් එක්ක එකතු වෙලා මේ බුදු පිළිමය ළග අවුරුදු ගාණක් තිබුණ ගණදෙවි කෝවිල වදින්න ගිය අයව එලවා ගත්ත එකයි. දැන් මේකේ අයිතිය තියෙන්නේ හින්දු ජනතාවට වගේම හින්දු ගණදෙවි කෝවිලටයි.ඒ අය මෙතන  පොංගල් කළ හැම වෙලාවෙම හාමුදුරුවෝ මොනවා හරි කලා ඒ වන්දනාමාන කටයුතු  කඩා කප්පල් කරන්න.ඒක වැරදියි.බුද්ධාගමේ කියලා නැනේ වෙන ආගම් වල අයට හිරිහැර කරන්න කියලා. මේ ස්ථානය  කොහොමත්ම අයිති නැති හාමුදුරු කෙනෙක් ඇවිත් ඒකේ අයිතිය කියන්න ගිය එකෙන් තමයි නැති ප්‍රශ්න ඇතිවෙලා මුලතිව් පළාතම මහා අවුල් ගොඩාක් බවට පත්වුණේ. ඇත්තෙන්ම තමන්ට අයිති නැති තැනක ඉන්න ආව නම් ඒ වටේ ඉන්න අය එක්ක  බොහොම හොද සහයෝගෙන් ඉන්න ඕනේ.ඒත් මේ හාමුදුරුවෝ ආව දවසේ ඉදලම කළේ වටේ ඉන්න අය එක්ක ආරවුල් හදා ගත්ත එකයි.එහෙම කිසිම කෙනෙක්ට ඉන්න බැහැනේ. හාමුදුරුවෝ මෙතෙන්ට කොහෙන්දෝ ඇවිත් මේක එයාගේ තැනක් බෞද්ධ තැනක් කියලා කෑ ගහලා මිනිස්සු බය කරගන්න හැදුවා.මිනිස්සුත් නඩු කිව්වා හාමුදුරුවොත් නඩු කිව්වා."

"දැන් අධිකරණය ඉල්ලා ඇත්තේ මේ ගුරුකන්ද විහාරය බෞද්ධ තැනක් බව කියවෙන පුරා විද්‍යා ආඥාපනත අධිකරණයට ඉදිරිපත්න කරන්න කියලයි.හාමුදුරුවෝ මැරෙනකල් ඒක කරන්න හාමුදුරුවන්ටවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටවත් බැරි වුණා. මේකෙන්ම පේනවා  මේ ස්ථානය අයිති වෙලා තියෙන්නේ නීරාවිඅඩි පිල්ලයාර් කෝවිලට බව.ඉතින් හාමුදුරුවෝ මැරුණම කොවිල් භූමියේ හාමුදුරුවන්ගේ මිනිය පුච්චන්න ඉඩ දෙන්න කෝවිල් භූමිය සොහොන් කනත්තක් නෙමෙයි නේ.ඒක නිසයි ඒ අය විරුද්ධ වුණේ. මේ ආරවුල නිසයි හින්දු අය පොලීසිය හරහා අධිකරණයට ගියේ.අධිකරණය කිව්වේ මේකේ අයිතිය තහවුරු වෙනකල් ආදාහනය කරන්න එපා පසුවදා මේ ගැන තීරණයක් ගන්න සියලු පාර්ශ්ව අධිකරණයට එන්න කියලයි. අවසානෙදි අධිකරණය තීරණය කළේ ආදාහනය මුලතිව් වෙරළ තීරයේ සිද්ධ කරන්න කියලයි. හේතුව මේ ස්ථානය බෞද්ධයින්ට අයත් නැති නිසයි. අවසානේදි මේකේ අයිතිය අධිකරණෙදි ඔප්පු කරගන්න බැරි වුණු කොළඹ ඉදලා ආව ඥාණසාර හිමියන් ඇතුළු පිරිසක් අධිකරණ නියෝගෙටත් පිටුපාලා හාමුදුරුවන්ගේ මිනිය පන්සල් භූමියේම පිච්චුවා.මේක වැරදියි කියලා කියන්න ගිය මුලතිව් නීතිඥවරුන්ටත් ඒ අය ගැහුවා.මේ නිසා තමයි මේ ලොකූ විනාශයක් ඇති වුණේ.කලබලයක් ඇති වුණේ. මේ හන්දා තමයි අපි කියන්නේ උතුරේ බෞද්ධයින් නැති පළාත් වල පන්සල් හදන්න එපා.බුදු පිළිම තියන්න එපා කියලා.ඒකෙන් වෙන්නේ සිංහල දෙමළ දෙපිරිස අතර නොයෙකුත් ආරවුල් ඇති වෙන එක විතරයි.’’

(දිනසේන රතුගමගේ)

Page 1 of 2