April 06, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍යෙය් දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය අර්ථාන්විත කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  හිටපු මහලේකම්  මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ 17ක් එකතුව පුළුල් සංධානයක් ගොඩනගාගෙන ඇති බවත් ඒ අනුව ඉදිරි මැතිවරණයෙදි පුටුව ලකුණෙන් ඉදිරිපත් වීමට කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් මැතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය ලකුණට වඩා වැදගත්වන තවත් කරුණු රැසක් තිබේන බවත් එම කරුණු සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

හාරිස්පත්තුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව සදහන් කළේය.

රටට ආදරය කරන සියළුම බලවේගයන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දිය යුතු බවද ඒ මහතා පැවසිය.

මේ රටේ තරුණයන්ට සාධාරණ සමාජයක් ඇති කළ යුතු බවත් සෑම සිසුවේකටම උපාධායක් ලබා ගත හැකි මට්ටමට රට දියුණු කල යුතු බවත් ලෝකයේ දයුණු වී ඇත සෑම රටක්ම ක්‍රියා කරන්නේ එලෙස බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

වත්මන් පාලනයම ඉදිරියට ගෙන ගායතොත් ඉදිරියේදි තරුණයන් මෙම දේශපාලනයට සාප කරණු ඇති බවත් එම තත්ත්වය වැලැක්වීය යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

රැකියා ලබා ගැනීම සඳහා දේශපාලකයා පසු පස යන ක්‍රමවේදය නැති කළ යුතුබවත් ඒ මහතා පැවසිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්වන්නේ මෙම තත්ත්වය මුලිනුපටා දැමීම සඳහා බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර බව පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

මෙම පත්කිරීම ජනාධිපතිවරණය අවසන් වනතුරු වලංගු වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කරයි.

 

ජනාධිපතිවරණය නාමයෝජනා කැඳවීමට තවත් මාස දෙකකටත් වැඩි කාලයක් තිබෙන බැවින් ජනාධිපතිවරණය ගැන හදිසිවිය යුතු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

මේ අවස්ථාවේ කාර්යභාරය වන්නේ පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියේදී එන අභියෝග වලට මුහුණදීම යැයි ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී  පැවැත්විණි. පක්ෂයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේ දී සංශෝධනය කෙරුණු නිලධාරී මණ්ඩලය අනුමත කර ගැනීම ද එහිදී සිදුවිය.

ඒ අනුව පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස ලසන්ත අලගියවන්න මහතා ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද පත් කරන්නට විධායක සභාවේ අනුමැතිය හිමිවිය.

මේ අතර, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සඳහා නියෝජ්‍ය මහලේකම් ලෙස නව තනතුරක් පිහිටුවා ඇති අතර ඒ සඳහා උතුරුමැද ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පත්කිරිමට විධායක සභාවේ අනුමැතිය ලැබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත්කර ඇත.

කොළඹ , ජනාධිපති නිල නිවසේදී ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී එම තීරණය ගෙන තිබේ.

පස්වරු 07.00ට පමණ රැස්වීම ආරම්භ වූ අතර පැය දෙකක පමණ කාලයක් එම රැස්වීම පවත්වා තිබේ.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේ පක්ෂය පූර්ණ ප්‍රති සංවිධානය කිරීමට මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බවය.

ඒ අනුව හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා  ඉවත් වී නව ලේකම්වරයෙකුට අවස්ථාව ලබා දුන් අතර සියලු දෙනාගේම කැමත්ත මත දයාසිරි ජයසේකර මහතා එම ධූරයට තාවකාලිකව පත්කෙරුණු බව නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසිය.

ජනපති යටතේ සිව්වන වන මහ ලේකම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූ පසු පුද්ගලයින් සිව් දෙනෙක් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළහ.

ඒ, අනුර ප්‍රියදර්ශන යාපා , දුමින්ද දිසානායක, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හා දයාසිරි ජයසේකර යන මහත්වරුන් පසුගිය වසර හතර තුල  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය හෙබවූ අයය.

පක්ෂයේ මහ ලේකම් ධුරයට ජනපතිගේ නවතම තේරීම වන දයාසිරි  සිය දේශපාලන දිවිය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂයෙන්ය.

පක්ෂ අභ්‍යන්තර අර්බුදය

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම කණ්ඩායමක් ජනපතිගේ මතයට විරුද්ධව සංවිධානය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙසින්.

එම සංවිධානය ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කලේ  ජනපතිගේ මතයට විරුද්ධව එක් ආණ්ඩුකාරවරයෙක්, නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 21 දෙනාගෙන් 18ක්, ආසන සංවිධායකවරු 24ක් සිටින බවය.