September 16, 2019

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරාගත්තේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී වාසියක් ලබාගැනීමටද එසේත් නැතිනම් ඉකුත් ඔක්තෝබර් මාසයේ මෙන් යළිත් දේශපාලන කුමන්ත‍්‍රණයක් කිරීමට සූදානම්වන නිසාදැයි යන්න ගැන ගැටලුවක් ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඊයේ (11) පැවසීය.

ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධයෙන් තමා ප‍්‍රතිපත්තිමය වශයෙන් විරෝධය පළ කරන බව කී ජනමාධ්‍ය අමාත්‍යවරයා එතුමා මෙහි බරපතලබව තේරුම් ගෙන විසදුමක් දේ යැයි බලාපොරොත්තු වන බව ද සදහන් කළේය.

තමන් ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරිය වෙනුවට වෙනත් අයෙකු පත්කිරීමට උත්සාහ කළේ ඇය සමඟ ඇති අමනාපයක් නිසා නොව රූපවාහිනී සංස්ථාව ගොඩ ගැනීමේ අරමුණින් බව ද ඇමතිවරයා කීවේය.

මේ වන විටත් සේවක වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 450ක් ඉල්ලා ඇති රූපවාහිනී සංස්ථාව ජනතාවට බරක් බව කී රුවන් විජයවර්ධන මහතා එය එම තත්ත්වයෙන් මුදාගෙන යම් ප‍්‍රගතියක් අත්කරදීමට තමන්ට අවශ්‍ය වූ බව ද ප‍්‍රකාශ කළේය.

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආයතනයක් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට ගැනීම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මෙන්ම මාධ්‍ය නිදහසටත් ගැටලූවක් බව කී විජයවර්ධන මහතා තමන් ප‍්‍රතිපත්තමය වශයෙන් එයට විරුද්ධ බව ද කීවේය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඉකුත් පෙබරවාරි මාසයේ තමන් රාජකාරී ආරම්භ කළ පසු රූපවාහිනී සංස්ථාවේ විශාල කඩාවැටීමක් දුටු බවත්, එහි සේවකයින් ද ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කළ බවත් කී ඇමතිවරයා එහි සභාපතිතුමිය ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙනස් කළ යුතු බව තමා ජනාධිපතිවරයාටද දැනුම් දුන් බව සඳහන් කළේය.

ඒ අනුව සභාපතිධූරය සඳහා මාධ්‍ය ක්ෂේත‍්‍රය ගැන අවබෝධයක් ද ඇති, නීතීඥවරයෙක්ද වන සුදර්ශන ගුණවර්ධන, මාධ්‍යවේදියෙකු වන ශාන් විජේතුංග, පරිපාලනය සම්බන්ධ දැනුමක් ඇති හා රූපවාහිනී සංස්ථාවේ ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයකු වන සංජීව විජේගුණරත්න යන අයගේ නම් ඉදිරිපත් කළ බවත් ඒ නම් සියල්ල අදාළ කමිටුවෙන් ප‍්‍රතික්ෂේප වූ පසුව ස්වාධීන රූපවාහිනී සේවයේ ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයකු ද වන කැලූම් පාලිත මහීරත්න මහතා එයට පත්කළේ ගැසට් පත‍්‍රය මගින් තමන්ට ඇති බලතල අනුව බවත් ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.

සෙසු නාලිකා හා බලන විට ජාතික රූපවාහිනිය මේ වන විට තිබෙන්නේ 6 වැනි ස්ථානයේ වීමෙන්ම එහි කඩාවැටීම පෙනෙන බව  ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයාට  ඕනෑම ආයතනයක් පවරාගැනීමේ බලය ඇති නමුත් රජයේ මාධ්‍ය ආයතනයක් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට ගැනීම අනුමත කළ නොහැකි බව කී ඇමතිවරයා ජනාධිපතිවරයෙක් විසින් රජයේ මාධ්‍ය ආයතනයක් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරාගත්තේ ලංකා ඉතිහාසයේ පළමුවරට බව ද පැවසීය.

තම විෂය පථයට අයත්ව තිබූ ජාතික රූපවාහිනිය තමන්ව දැනුවත් කිරිමකින් තොරව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව කනගාටුවට පත්වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ අතිශය දරුණු යුද්ධයක් පැවැති කාලසීමාවකදී පවා ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර නොගත් බව පෙන්වා දෙන රුවන් විජයවර්ධන මහතා ජනපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් මෙම ක්‍රියාමාර්ගය මාධ්‍ය නිදහස තර්ජනයට ලක්වීමක් ලෙස අර්ථ දැක්වීම වැළැක්වීමට නොහැකි බවද පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ මල්වාන ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කිසිදිනක එක්සත් ජාතික පක්ෂය අත්හැර නොයන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණනය ඇත්තේ අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එකතු වුණ හොත් පමණක් බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය.

අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපතිවරයා වූව හොත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය විය යුතු බවයි.
 

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්වන්නේ නම් තමන් ඔහුට සම්පූර්ණයෙන් සහය දක්වන බව කැබිනට් නොවන ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

කුරුණෑගල පැවති රැළියට සහභාගී නොවුණේ ඇයිද යන්න මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් රුවන් විජේවර්ධන මහතා පැවසුවේ පැවති රාජකාරී නිසා රැළියට සම්බන්ධ වීමට අවස්ථාවක් නොලැබුණු බවයි. 

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා පමණක් නොව කරු ජයසූරිය මහතා හෝ රනිල් වික්‍රමසිංහ මහතා හෝ අපේක්ෂකත්වයට ඉදිරිපත් වුවහොත් ඔවුන් ඕනෑම කෙනෙකුටද සම්පූර්ණයෙන් සහය දක්වන බව අමාත්‍යවරයා කියාසිටියේය. 

පුද්ගලයා පිළිබඳව නොව පක්ෂය ලෙස ඉදිරපත් කරන ඕනෑම කෙනෙක් ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බව හෙතෙම අවධාරණය කළේය. 

එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය සාමාන්‍ය තත්ත්වයක් බව රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ ඕනෑම මැතිවරණයකට ප්‍රථම එක්සත් ජාතික පක්ෂය තුළ මෙවැනි අර්බුද ඇති වන බවයි.

බියගම ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

නුදුරු දිනකදීම පක්ෂයේ අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා අභියෝගයක් වුවද ඒ සඳහා පක්ෂයක් ලෙස මුහුණ දීමට කටයුතු කරන බවත් ඒ සඳහා සුදුසු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර කිසිදු විරසකයක් නොමැති බවත් ඉතා ඉක්මනින් එක්සත් ජාතින පක්ෂ අපේක්ෂකයා නම් කළ හැකි වනු ඇති බවත් රුවන් විජේවර්ධන මහතා කියා සිටියේය.

ජනාධිපති අපේක්ෂකයා ලෙස පක්ෂය නම් කරන පුද්ගලයෙකුට සිය සහාය ලබාදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

කෘතියාධිකාරී මණ්ඩලයට පමණක් මෙම තීරණය ගත නොහැකි බව පැවසු ඒ මහතා, මන්ත්‍රී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම යන සියලු දෙනා එක්ව මේ ගැන කථා කර තීරණයක් ගත යුතුයැයි පැවසීය‍.

පක්ෂය ගන්නා ඕනෑම තීරණයකට තමා එකඟ වන බව ද ඔහු සඳහන් කළේය. 

සජිත් ප්‍රේමදාස මහතා ද කථානයකවරයා ද එසේත් නොමැති නම් අගමැතිවරයා ද ඕනෑම අයෙක්ට සහය පළ කිරීමට කිසිදු ගැටළුවක් නොමැති බව රුවන් විජේවර්ධන මහතා පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රුවන් විජේවර්ධන මහතා ඉදිරිපත් වීමට කැමැත්තක් නැද්ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, තමාට වඩා පරිනත පුද්ගලයින් පක්ෂය තුළ ඇති බවත්, ඉදිරියේ දී ජනතාවට අවශ්‍ය නම් තමා වැනි අය ඉදිරිපත් වීමට ජනතා හඬ වෙනුවෙන් එවැනි තීරණයක් ගන්නා බවයි.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යධූරය හිමි වුවත් තමාට ආරක්ෂාවට අදාළව කිසිදු දැනුමක් නොතිබුණු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

අද(06) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙහිදී කමිටු සමාජික ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රශ්න කර සිටියේ රුවන් විජේවර්ධන මහතාට එම අමාත්‍යධූරය පිරි නැමීමට තිබු දැනුම කුමක් ද යන්නයි.

එම තනතුරේ කටයුතු කිරීමේ දී ආරක්ෂාව ගැන දැනුමක් තිබුණා නම් හොඳයි ද යන්නුවෙන්ද මෙහිදී සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ, නිසැකයෙන්ම දැනුමක් තිබුණේ නම් හොඳයි, නමුත් තමාට ලබා දුන් රාජකාරී කටයුතු නිසි ලෙස කටයුතු කළ බව ද පැවසීය.

ෆොන්සේකා මහතා කියා සිටියේ ජනාධිපතිවරයා රටේ නොමැති අවස්ථාවක ඔහු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිසැකයෙන්ම ආරක්ෂාව පිළිබඳ දැනුමක් තිබීම අත්‍යාවශ්‍ය බවයි.

වසර 4 හමාරක් අමාත්‍යාංශයේ සිටීමෙන් තමා ආරක්ෂාව ගැන යම් අවබෝධයක් ඇති බවද පවසා සිටි රුවන් විජේවර්ධන මහතා පවසන විට සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ, ඉගෙන ගැනීමට එම කාලය ගත වු බවයි.

ආරක්ෂක අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකා මහතා බාර ගනු ඇතැයි රජය බලාපොරොත්තු වු බවද මෙහිදී රුවන් විජේවර්ධන මහතා පැවසීය.

කෙසේ වෙතත් සහරාන් පිළිබඳ තමා අවබෝධයෙන් සිටියේ, 2017 කාත්තාන්කුඩි ප්‍රශ්නයේ දී හඳුනා ගත් නමුත් ඔහු ත්‍රස්තවාදියෙක් බවට හඳුනා නොගත් බවත් රුවන් විජේවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.

ආරක්ෂක කවුන්සලය විසින් සහරාන් ගැන විරුද්ධව ගත යුතු පියවරක් ගැන නියෝගයක් ලැබුණේ ද යන්න පිළිබඳ මෙහිදී සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කිරීමේ දී රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ එයට අවශ්‍ය පියවර ගන්නා ලෙස පැවසු බවයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද පස්වරු 6.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදිමට නියමිතව තිබේ.

ඔහුට අමතරව නීතිය හා සාමය හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද අද දිනයේදී සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද පස්වරු 1.00ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වීමට නියමිතව තිබේ.

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා වෙනත් රටවල බුද්ධි අංශයන්ගේ සහයෝගය අවශ්‍ය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අමෙරිකානු එෆ්.බී.අයි ඔත්තු සේවාවේ නිලධාරින් මෙරටට පැමිණ ඇත්තේ අදාල ත්‍රස්තවාදී කටයුතු මැඩපැවැත්වීම සඳහා සහයෝගය පල කිරිමට බවයි.

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරිමේ යෝජනාව සම්බන්ධයෙන් ඊයේ පැවැති විවාදයේදී අදහස් දක්වමින් රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරිමේ යෝජනාව ඊයේ දිනයේදී වැඩි ඡන්ද 40කින් සම්මත වූ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 42ක් සහ විපක්ෂව ඡන්ද 02ක් හිමි වුණි.

අදාල යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා චෝදනාවක් ඉදිරිපත් කළේය.

Page 1 of 2