February 29, 2020

මින් ඉදිරියට සිය දේශපාලන සහය ලැබෙනා කඳවුරක් නිර්මාණය කරනා කිසිඳු රජයකට අන්තවාදී මුස්ලිම් දේශපාලකයන් සහභාගී කර ගැනීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරයි.

ජාතික නිදහස් පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍යහමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

රාජ්‍ය බලය ලබා ගෙන අන්තවාදය පෝෂණය කරනා දේශපාලකයන්ට නැවතත් රාජ්‍ය බලය ලබා දීම සියතින් ගෙල සිඳ ගැනීමට සමාන බවද වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේය.

අතීතයේ සිටම අන්තවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි සටනක තමන් නියැලුනු බවත්, තමන්ගේ මතවාදී අරගලයේ වෙනසක් සිදු නොවුනු බවත් ඒ බව ජවිපෙ කේ ඩි ලාල්කාන්ත පවා පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබූ බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සිය ධුරවලින් ඉල්ලා අස් වු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු මේ වන විට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිල නිවසට ගොස් ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇත.

රිෂාඩ් බදියුර්දීන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට පසුගිය ජූනි 03 දින තීරණය කර තිබුණි.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික , රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නවදෙනෙක් ඊට ඇතුළත් විය.

මුස්ලිම් අමාත්‍යවරුන් අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාල ලිපි මේ දක්වාත් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලැබී නොමැති බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසයි.

ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් කැබිනට් අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වු බව පසුගිය සදුදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයට පත් කළේය.

ධුරවලින් ඉවත් වූ ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ පසු පෙළ අසුන්වල අසුන් ගන්නා බවට ප්‍රකාශ කළත් ඉල්ලා අස්වීම්වලට අදාල ගැසට් නිවේදනය පාර්ලිමේන්තුව වෙත නොලැබීම හේතුවෙන් ඔවුන්ට ඊයේ (05) දිනයේදීත් පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුන් පනවා තිබුණි.

එම ඉවත් වීම් ගැසට් කිරීමට අදාලව ජනාධිපති කාර්යාලය මඟින් ලැබිය යුතු ලිපිය මේ දක්වා තමන් වෙත ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සඳහන් කර ඇත.

ජනාධිපති ලේකම්වරයා සදහන් කළේ අමාත්‍යවරුන් එම ධුරයෙන් ඉවත් වීමට අදාල ලිපි අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් තමන් වෙත ලැබිය යුතු බවයි.

කෙසේවෙතත් එම ලිපි මේ දක්වාත් ලැබී නොමැති බව ජනාධිපති ලේකම්වරයා කියා සිටියේය.

මේ අතර අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පැවසුවේ ව්‍යවස්ථානුකූලව අමාත්‍ය ධුරවලින් ඉවත් වූ පසු ඊට අදාල ලිපි භාර දිය යුත්තේ ජනාධිපතිවරයා වෙත බවයි.

කෙසේවෙතත් තමා ඇතුළු මුස්ලිම් අමාත්‍යවරුන් ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත භාර දුන් බව හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

ඇමැති ධූරවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන් ගන්නා බව කී මුස්ලිම් නියෝජිතයන් අද  (4) දිනයේත් අසුන් ගත්තේ ඔවුන් පෙර සිටි අසුන්වලමය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ද පාර්ලිමේන්තුවට පැමිණ ඔහුට හිමිව තිබූ ඉදිරි පෙළ අසුනෙහි අසුන් ගත්තේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ රිෂාඩ් බදියුදීන් මහතා පක්ෂ නායකයකු නිසා එම අසුනේ සිටිය හැකි බවයි.

එසේ වුවත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ මුස්ලිම් නියෝජිතයින් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වී ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් කර නොමැති බවත් එසේ දැනුම් දුන් පසු ආසන වෙනස් කරන බවත්ය.

(ලංකාදීප)

රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන අය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඊට අද(04) සිට ලබන 12 වනදා දක්වා ජනතාවට ලිඛිතව පැමිණිලි ලබාදිය හැකි බවයි.

පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා අදාළ කමිටුවට පැමිණිලි ලබාදිය හැකියි.

බදියුදීන් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම නුසුදුසු බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි. 

අප්‍රේල් 21 ත්‍රස්ථ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු වලට රිසාඩ් බදියුදීන් අමාත්‍යවරයා බලපෑම් සිදුකළ බවට චෝදනා එල්ලවන බවත්, එවන් අවස්ථාවක දී ඔහු අමාත්‍යධූරයෙන් ඉවත් කළ යුතු දැයි මාධ්‍ය වේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් සේනානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ, පාර්ලිමේන්තුව තුළින් ඔහුව ඉවත් කිරීමට පහසු නොවන බවයි.

රිෂාඩ් බද්දියුදීන් අමාත්‍යවරයා බලපෑම් සිද්ධ කළා කියලා හමුදාපතිවරයා වරින්වර කියලා තිබ්බා මාධ්‍ය ඔස්සේ ,එතකොට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනූව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පියවර ගන්න ඕනි මන්ත්‍රීදධූරය අහෝසි කරන්න විශ්වාසභංගවලට කළින්, ඒ සම්බන්ධව මොකක්ද කියන්න තියෙන්නේ?

“පාර්ලිමේන්තුවෙන් අයින් කරනවා කියන්නේ ලොකු පියවරක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හෘද සාක්ෂියෙන් තමයි අහන්න ඕනි මේ මිනිහා ගැන විශ්වාසයක් අපිට තියනවාද නැද්ද. මටනම් විශ්වාසය තියෙන්නේ හමුදාපතිගැන. පාර්ලිමේන්තු කමිටුවක් දාලා විහිලුවක් කරන එක නෙමෙයි, කමිටු අපි දාලා දාලා මිනිස්සුන්ටත් ඔය කමිටුගැන විශ්වාසයක් නැහැ. රිෂාඩ් බද්දියුදීන්ද හමුදාපතිතුමාද ඇත්ත කියන්නේ කියලා මගේ හෘද සාක්ෂියේ හැටියට හමුදාපති තුමා තමයි ඇත්ත කියන්නේ කියලා හිතනවා මෙතන. මම ඒ අනූව තමයි මට ඡන්දේ දෙන්න වෙන්නේ. මම හිතන්නේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්න එක එයාට නුසුදුසුයි.” වසන්ත සේනානායක – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

විශ්වාසභංග යෝජනාවෙන් එල්ල කර ඇති චෝදනා පිළිබඳව ආරක්ෂක අංශවලට විමර්ශනය කිරීමට ඉඩදීම සඳහා රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැසීය.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා සියල්ල බරපතළ අපරාධ ගණයට වැටෙන බැවින් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ වාද විවාද කිරීමෙන් පලක් නැතැයි කී ඇමතිවරයා ඒවා විමර්ශනය කළ යුත්තේ පොලිසිය සහ බුද්ධි අංශ විසින් යැයිද කීය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනා දෙකෙන් ප්‍රථමයෙන් ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගත යුතු යැයිද ඇමැතිවරයා කීය.

බත්තරමුල්ල පන්නිපිටිය පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මෙම කරුණු ප්‍රකාශ කර සිටියේය.

සිලාවතුර ප්‍රදේශයේ  වනය හෙළි කිරීම් කළේ ආරක්ෂක අංශ බවත් පසුව එහි මුල් පදිංචිකරුවන් සිය ඔප්පු පෙන්වා පදිංචි වූ බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එම ප්‍රදේශවල කිසිම තැනක පිටස්තර පුද්ගලයන් පදිංචි කර නොමැති බවත්, විල්පත්තුවේ වනය හෙළි කිරීම ගැන විගනකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාව තමන් පිළි නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

විල්පත්තු වන විනාශයක් යැයි කියමින් මේ වන විට පවතින කතිකාවත පසුපස වැල්ලවත්තේ දේශපාලඥයෙක් මෙන්ම තව ව්‍යාපාරිකයෙක්ද සිටින බව ඔහු සඳහන් කළේය.

ඒ හරහා මුස්ලිම් හා සිංහල ගැටුමක් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. තමන් වනය ආරක්ෂා කිරීම වෙනුවෙන් උපරිම සහාය දෙන බවද ප්‍රකාශ කළේය.

ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කළත් විල්පත්තු බොරුවට විරුද්ධව ඔවුන්ගේ සටන ගෙන යන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

කල්මුනේ නගරයේ පැවති උත්සවයදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විසිහතරවෙනි වරටත් සංවිධානය කර තිබූ නැගෙනහිර පළාත් ජනමාධ්‍යෙව්දී සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් අමාත්‍ය වරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව පැවසීය.

“වසර ගණනාවක් තිස්සේ යුද්ධයෙන් බැටකෑව මේ නැගෙනහිර පළාතේ මිනිස්සු ත්‍රස්ථවාදීන් විසින් ඔවුන්ගේ උපන් භූමිවලින් එළෙව්වා. ඔවුන් අනාථකදවුරුවල ගොඩාක් දුක් වින්දා. එහෙම දුක් වින්ද ජනතාව නැවත ඔවුන්ගේ නිජභූමිවලට ගිහින් පදිංචිවෙන එක දකුනේ ඇතැම් භික්ෂූන්වහන්සේලා හා ඊනියා සංවිධාන දකින්නෙ වැරදි විදියට. ඔවුන් මේ ප්‍රශ්නයේදී මුලු රටක්ම ගිනිතියන්න හදන්නේ.එදා මේ ජනතාව හමුදාවට විරුද්ද වෙලා ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගත්තනම් මේ රට අද මේ තරම් සාමකාමී නොවෙන්න තිබ්බා. අද මේ විල්පත්තුව ප්‍රශ්නයක් බොරුවට අල්ලගෙන ජාතිවාදය අවුස්සන්න හදන පිරිසගෙන් මම අහන්නනේ  මේ රටේ ජනතාව සාමකාමීව ඉන්නවා දකින්න අකමැති ඇයි කියලා."

"දැන් විල්පත්තුව සුරකින්න කියලා මටයි මගේ ජනතාවටයි විරුද්ධව ලක්ෂ දහයක අත්සන් ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරල තියෙනවා. විල්පත්තුව හොඳට තියෙනවා ඒක සුරකින එක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අදාළ ආයතන විසින් සිදු කරනවා.ඒකට මේ වගේ ජාතිවාදී වැඩ අවශ්‍ය නැහැ. මම කියන්න කැමතියි ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කලත් විල්පත්තු බොරුවට විරුද්ධව අපේ සටන ගෙනියනවා. අද මෙතන ඉන්න මාධ්‍ය සගයන්ගෙන් මම ඉල්ලනවා ඔයාලා විල්පත්තුවට යන්න එහේ ජනතාව මුණ ගැසෙන්න, කථා බහ කරන්න, එතකොට ඔයාලටම තේරුම් ගන්න පුලුවන් මේ ජාතිවාදී කල්ලි විලාප දෙන්නෙ බොරුවට කියලා.“යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
 

පුත්තලමේ අරුවක්කාලු කසළ ගැටලුව යටපත් කරමින් විල්පත්තුව පිළිබඳව සමාජ කථිකාවතක් නිර්මාණය කර ඒ තුළින් ජාතිවාදය ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

කොළඹ අල් හික්මා විද්‍යාලයේ ඊයේ(20) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙලෙසද පැවසීය.

“පුත්තලමට කොළඹ කුණු ගෙන එන එකට පුත්තලමේ මිනිස්සු විරුද්ධ වෙන එක සාධාරණයි. අපි කවුරුවත් කැමති නැහැ වෙන කාගෙවත් කුණු ගන්න.

මේ කසල ගැටළුව ගැන පුත්තලමේ  ජනතාව කියන්න පුළුවන් හැමෝටම කිවුවා.උත්තරයක් නැතිම තැන තමයි ඔවුන් කොළඹට ඇවිත් උද්ඝෝෂණයක් කළේ.

පසුගිය වසරේ (2018) අවසාන මාස කිහිපයේ රටතුළ පැවැති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියේදී අපි ගත්තෙ හරි පැත්ත.ඒක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය.

එදා ඒ සත්‍ය වෙනුවෙන් පෙනී සිටි අප අද පුත්තලමේ අරුවක්කාලු කසල ගැටලුව වෙලාවෙදිත් පුත්තලමේ අහිංසක ජනතාවගේ පැත්ත ගන්නවා.

පුත්තලමේ ජනතාවගේ කසල ගැටලුව ගැන පෙනී ඉන්න නිසා මට විල්පත්තුව කපනවා කියල චෝදනා කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය රැල්ලක් ක්‍රියාත්මක වෙනවා.මේවා හසුරවන යම් යම් අදිසි හස්ත ක්‍රියාත්මක වන බව අපට පේනවා.රජය ඇතුලෙ අමාත්‍යවරයකු ලෙස සිටියත් ජනතාවට අසාධාරණයක් වෙනවානම් අපි එයට දැඩි ලෙස විරුද්ධ වෙනවා.

මේ විදියට සමාජ මාධ්‍ය හරහා වැරදි පූර්වාදර්ශ සපයපු නිසා තමයි පසුගිය කාලයේ නුවර තෙල්දෙනිය , ගිංතොට වගේ ප්‍රදේශවල ගැටුම් ඇතිවුනේ.

මේ විදියට විල්පත්තුව ප්‍රශ්නයක් කරලියට ගෙනවිත් මුස්ලිම් ජනතාව හා සිංහල ජනතාව බිදවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලයි අපිට දැනෙන්නේ.

මම ඉතා ඕනෑකමින් මේ ජාතිවාදය අවුලවන්න හදන පිරිසගෙන් ඉල්ලන්නේ දේශපාලනික වශයෙන් තරහක් තියෙනවානම් මගෙන් පලිගන්න,මේ රටේ අතීතයේ ඉදලා සහජීවනයෙන් කටයුතු කරපු සිංහල මුස්ලිම් ජනයාට නිදහසේ ඉන්න ඉඩදෙන්න.“

Page 5 of 6