February 29, 2020

අමාත්‍ය ධුරයෙන් ඉවත් වු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නැවත් අමාත්‍ය ධුරය ලබා ගැනීම සඳහා සුදානමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ (03) දුෂණ විමර්ෂණ කොමිසන් සභාව වෙත ඊයේ (03) මන්ත්‍රී උදය ගම්මන්පිල කැදවා තිබුණා.

එම අවස්තාවේදි මාධ්‍යවේදින  නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට සහ පවුලේ පිරිසට මන්නාරමේ  අක්කර 3000කට අධික දෙපල ඇති බවට තමන් ලඟ සාක්ෂි ඇති බවට දුෂණ සොයන කොමිසමට ලැබි ඇති තොරතුරු අනුව තමන් අද කොමිසම වෙත කැදවු බව ගම්මන්පිල මන්ත්‍රවරයා පැවසීය.

තමා ලඟ ඇති තොරතුරු අනුව එම දෙපල රිෂාඩ් මන්ත්‍රීවරයාට සහ ඔහුගේ පවුලේ සමාජිකයන් අතර බෙදි ඇති ආකාරය සම්බන්ධයෙන් කොමිසමට පැහැදි කළ බවද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති වු ගැටුම්කාරි අවස්තාවන්හිදි තමන්ට කිසිදු බල කිරීමක් සිදු නොකල බව යුද හමුදාපිතිවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු තෙරිම් කාරක සභාව ඉදිරියේ දී ප්‍රකාශ කලද ඊට පෙර මාධ්‍ය ඉදිරියෙ හමුදාපතිවරයා කළ ප්‍රකාශ අනුව එය එසේ නොව බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

එයින් ඇඟවෙන්නේ  හමුදාපතිත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට බිය වී ඇති බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.

මෙවැනි තත්ත්වයක් යටතේ  නැවතත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අමාත්‍යධුරය ලබා ගත්තොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලට බලපෑම් එල්ල විය හැකි බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව යටතේ ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇදහීමටත් ඕනෑම ජාතියක පුද්ගලයෙකු සමඟ විවාහ වීමටත් අයිතිය සලසා දී ඇති බවත් නමුත් වර්තමානයේ මේ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයත් උද්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කිසිදු අගමකට අනුව රටේ ව්‍යවස්තාව වෙනස් කළ නොහැකි බවත් පවතින ව්‍යවස්තාවට අනුව ආගම් හැඩගස්වා ගැනීම පමනක් කළ හැකි බවත් මන්ත්‍රීවරයා පවසයි.

වහබ් අන්තවාදය නිසා වැඩි වශයෙන්ම පිඩාවට පත් වී සිටින්නේ මුස්ලිම් ජාතිකයන්ම බවත්  මුස්ලිම් කාන්තාවන් වැඩි වශයෙන් එයින් පිඩා විදින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහිදි මාධ්‍යවේදින් නැගු පැනයකට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂ ලේකමවරයා අත්අඩංගුවට ගැනීමෙන් පමනක් ප්‍රහාර සම්බන්ධ ගැටළුව විසදිය නොහැකි බැවින් ප්‍රහාර එල්ල වන බව දැන දැන එය ජනතාවගෙන් වසන් කරගෙන සිටි සියලු දෙනාට දඬුවම් කළ යුතු බවය.

පොලිස්පතිවරයා තොරාපත් කර ගැනීම සිදු කළ කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු ව්‍යවස්ථාධායක සභාව අතිශයෙන් ඔවුන්ගේ තීරණ ගැන ලැජ්ජා විය යුතු බවද එසේම ඉල්ලා අස් විය යුතු බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තමන්ට ඇමති ධූරය භාර ගන්නැයි අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයා ද ඉල්ලීම් කළ බව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

තමන් කිසිදු වරදක් නොකළ බව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මුළු රටම දන්නා බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඇමැති ධූරය භාර ගැනීම සඳහා තමන්ට එතරම් හදිස්සියක් නැති බවද ඔහු පැවසීය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ලැබුනු දුරකථන ඇමතුම පිළිබඳ යුද හමුදාපතිවරයා පරස්පර ප්‍රකාශ සිදු කළේ ඇයි දැයි ප්‍රශ්නයක් මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයා හමුදාපතිවරයාට කිසිවකුගේ හෝ බලපෑමක් එල්ල වූවා දැයි සොයා බැලිය යුතු බව

මේ අතර වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් එල්ලවන චෝදනා විමර්ෂණය කිරීම සඳහා ප්‍රසිද්ධියේ සාක්ෂි විමසිය හැකි ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි පිවිතුරු හෙළ උරුමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහාය නොදැක්වීම ගැටළු සහගත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

අනුරාධපුරයේදී පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳව අදහස් පල කළේය.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය බාර දීමෙන් පසු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඒ සඳහා විරුද්ධත්වය පල කර සිටින බවත් එය ප්‍රශ්නකාරී දෙයක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

සිදුවු මනුෂ්‍ය ඝාතනයන්ට වග කිව යුත්තේ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පමණක් නොවන බැවින් ඔහු ඇතුළු සමස්ථ ආණ්ඩුවම පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේය.
 

‘අන්‍යාගමිකයන් මරන්න කියලවත්, මරාගෙන මැරෙන්න කියලවත්, මෙහෙම කාලකන්නි වැඩ කරන්න ඉස්ලාම් දහමේ කියලා නෑ. මෙයාලා ඉස්ලාම් කියලා පිළිගන්න බෑ. මම අයිඑස් පිළිගන්නේ නෑ. මේ අයිඑස් කාලකන්නි මේ රටෙන් තුරන් කරන්න වැඩ කටයුතු කළ යුතු බව මම කියනවා ‘‘ යැයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරගය ගැන සොයන තේරීම් කාරක සභාව හමුවේ සාක්කි ලබා දෙමිනි.  එම සාක්කි විභාගය මේ වනවිට පැවැත්වෙයි.
 
ප්‍රශ්නය - සතොස වාහන ත්‍රස්තවාදී වැඩවලට භාවිත කළා කියා චෝදනා තිබෙනවා?

පිළිතුර -  පසුගිය ඔක්තෝබර් මාසයේ හදපු ආණ්ඩුට මට එන්න කියා නිතරම කිව්වත් මම නොගියපු නිසා එක මන්ත්‍රීවරයෙක් මට මේ චෝදනාව කළා. තවත් මන්ත්‍රීවරයෙක් මේක කිව්වා.  මම බලං හිටියා මේ බරපතල චෝදනා ගැන ඔවුන් පොලිසියට පැමිණිලි කරයි කියලා. නමුත් කළේ නෑ. මම පොලිසියට ගිහින් එතුමන්ලාට විරුද්ධව පැමිණිලි කළා.  

 ප්‍රශ්නය - පාස්කු ප්‍රහාරයේ  පරීක්ෂණ කටයුතුවලට බාධා කළා කියා චෝදනා තිබෙනවා? මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ උපදේශකයකුගේ දරුවකු සම්බන්ධයෙන් ඔබ යුද හමුදාපතිට කතා කළාද? 

පිළිතුර - ඔහු රාජ්‍ය පරිපාලන පළමු වැනි ශ්‍රේණියේ නිලධාරියෙක්. මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමතිවරයකු ලෙස සිටියදී ඔහුගේ අමාත්‍යංශයක අතිරේක ලේකම්වරයකු ලෙසත් ඔහු කටයුතු කර තිබෙනවා.  1990 දී මුස්ලිම් වැසියන්ව එල්ටීටීයෙන් පන්නලා කඳවුරුවලට ආවට පස්සේ පුනරුත්තාපන අධ්‍යක්ෂ ලෙස හිටියේ ඔහු. ඔහු පොලිසියට පැමිණිලි කරලා තියෙනවා නොදන්නා පිරිසක් පුතාව අරගෙන තියෙනවා කියලා. පොලිසිය කිව්වලු අපි ගාව නෑ කියලා. එස්ටීඑෆ් එකෙනුත් කිව්වලු ගත්තේ නෑ කියලා. ඔහු මගේ ගෙදරට ඇවිත් අඬ අඬා කිව්වා පුතා කොහෙද කියලා බලලා කියන්න කියලා. දෙහිවල පොලිස් ස්ථානාධිපතිගෙන් ඇහුවාම ඔහු කිව්වා අපි හොයනවා කියලා. දෙහිවල භාර ඩීඅයිජී වික්‍රමසිංහ මහතාට ගත්තම කිව්වා අපි ගත්තේ නෑ කියලා. මම හමුදාපතිට ගත්තම කිව්වා බලලා කියන්නම් කියලා. තාත්තා දිගින් දිගටම අහන නිසා තවත් වරක් ගත්තා. ඔහු කිව්වා බලලා කියන්නම් කියන්නම් කියලා. ඉන් පස්සේ 28 වැනිදා ආයෙත් කතා කළාම කිව්වා අපි අරං ඉන්නවා පොලිසියට බාර දෙන්න ඉන්නේ කියලා. ඉන් පස්සේ මම ගත්තේ නෑ. මම බලාපොරොත්තු වුණේ මොකද වුණේ කියලා බලාගන්න විතරයි.  ඒ තාත්තට ඕන වෙලා තිබ්බෙත් ඔහු ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියලා බලා ගන්නයි. හමුදා බාරයේ සිටින බව දැනගත් පසු මම ආයේ  කතා කළේ නෑ.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (28) යළි රැස්වෙයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (28) දහවල් රැස්වීමට නියමිතයි. 

අද දිනයේත් තේරීම් කාරක සභාව හමුවේ පළමු සාක්ෂිකරු ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැඳවීමට නියමිතව ඇත.

හිටපු අමාත්‍යවරයා පසුගිය 26 වනදා කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතව තිබුණ ද කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු එම අවස්ථාවේ නොසිටීම නිසා ඔහු අද දින කැඳවීමට තීරණය කෙරුණි. 

පාස්කු ප්‍රහාරය ගැන හොයන පාර්ලිමේන්තු තේරීම් කාරක  සභාව හමුවට සාක්කි ලබා ගැනීම සඳහා අද කැඳවා තිබූ කර්මාන්ත හා වාණිජ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට වෙනත් දිනයක් ලබා දීමට එම කාරක සභාව තීන්දු කළේය.
 
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් සාක්කි ලබා ගැනීමෙන් පසු  පස්වරු 4.55ට හිටපු ඇමැතිවරයා කාරක සභාව හමුවට කැඳවනු ලැබීය.
 
‘අපිට ඔබෙන් ප්‍රශ්න අහන්න වැඩිපුර වෙලාව අවශ්‍යයි. තවත් වැදගත් රැස්වීමක් තිබෙනවා. කාරක සභාවේ සාමාජිකයන් තිදෙනකු නැහැ. ඒ නිසා 28 වෙනිදා ඔබව යළි කැඳවනවා ‘ යැයි කාරක සභාව හිටපු ඇමැතිවරයාට දැනුම් දුන්නේය. 
 
ඒ අනුව සාක්කි ලබා ගැනීම සඳහා 28 වැනි දා සිකුරාදා සවස දෙකට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස  රිෂාඩ් බදියුදීන් මහතාට දැනුම් දුන්නේය.

දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකර ගත්තේ තම මවගේ සහෝදරයාගේ දියණියක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා කළ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ තම මවට සහෝදරයන් නොමැති බවයි.

ඒ අනුව විමල් වීරවංශ මහතා කරන චෝදනාව ඔහු ඔප්පුකර පෙන්නුවහොත් තමන් පාර්ලිමේන්තුවෙන් හා දේශපාලනයෙන් සමුගන්නා  බවත් එය අසත්‍ය නම් මන්ත්‍රීවරයා දේශපාලනයෙන් සමුගන්නවාදැයි රිෂාඩ් මහතා පැවැසීය.

දිගටම බොරු කියන විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ මොළේ පරීක්ෂා කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසයි.

හිටපු අමාත්‍ය බදියුදීන් එම අදහස් පළ කළේ ඊයේ (18) පාර්ලිමේන්තුවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

“මගේ මවගේ සහෝදරයෙක්ගේ දියණිය දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බ සිද්ධියට සම්බන්ධ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබෙනවා. මගේ මවට සහෝදරයෙක් නෑ. විමල් වීරවංශ මන්ත්‍රීතුමා දිගින් දිගටම මේ උත්තරීතර සභාවේ අසත්‍ය ප්‍රකාශ කරනවා. සහරාන්ගේ සිද්ධිය වූ දිනයේ සිටම බොරු කියලා ජනතාව රවට්ටලා, ජාතීන් අතර වෛරයක් ඇති කරලා ලොකු වැරැදි වැඩ දිගටම කරගෙන ආවා. එයා කියපු දේවල් ඔක්කොම බොරු කියලා දැන් ඔප්පු වෙලා තියෙනවා. එතුමා මට විරුද්ධව මේ වන තෙක් පොලිසියට කිසිම පැමිණිල්ලක් කරලා නැහැ. මාධ්‍යයට බොරු ප්‍රකාශ දෙනවා. එතුමා කරපු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයි. මගේ මවට කිසිම සහෝදරයෙක් නැහැ. ඒ සිද්ධියට කිසිම සම්බන්දයක්නැහැ. මාධ්‍ය මගිනුත් මේ සම්බන්දයෙන් ඇත්ත තත්ත්වය එළි කරන්න කියලා ඉල්ලා සිටිනවා. දිගටම බොරු කියන විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ මොළේ පරීක්ෂා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.“

සතොසේ කීර්තිනාමයට හානියක් සිදුව ඇති බව සඳහන් කරමින් තමන්ට එරෙහිව නඩු පැවරීමට සූදානම් වන බවත්, සතොසේ වාහන අන්තවාදීන්ගේ අතට පත්වූ ආකාරය සාක්‍ෂි සහිතව අධිකරණයේදී හෙළි කිරීමට සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා එම පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (12) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී පැවසීය.

රිෂාඞ් බදුර්දීන් සතොස භාර ඇමැතිවරයා වීමට පෙර සතොසේ මත්ද්‍රව්‍ය හමු නොවූ බවත්, පසුගිය කාලයේ සතොසේ තිබී කුඩු හමු වූ අවස්ථාවේදී ඔහුට එරෙහිව නඩු නොදැමූ පිරිස් සතොසේ වාහන අන්තවාදීන් භාවිත කළ බවට ප‍්‍රකාශ නිකුත් කරන විට නඩු පැවරීමට සූදානම්ව සිටින බවත් විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

සතොසේ වාහන අන්තවාදීන්ගේ අතට පත් වූ ආකාරය සාක්‍ෂි සහිතව අධිකරණයේදී හෙළිකිරීමට සූදානම් බවත්, සතොසේ වාහන පිළිබඳව පමණක් නොව තවත් බොහෝ තොරතුරු සාක්‍ෂි සහිතව අධිකරණයේදී හෙළිදරව් කිරීමට සූදානම් බවත් විමල් වීරවංශ මහතා කීවේය.

වහාබ්වාදී ඉස්ලාම් ත‍්‍රස්තවාදයත්, මත්ද්‍රව්‍ය ජාවාරමත් දෙකක් නොවන බවත්, මේ දෙකම එකට එක්ව ගමන් කරන ව්‍යාපෘති බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.

සතොසේ වාහන කොළඹ, මන්නාරම, සයින්දමරුදු දක්වා ගමන් ගත් ආකාරය දැක්වෙන ජීපීඑස් වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබෙන බවත්, රජයේ අනුදැනුම මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රිෂාඞ් ඇමැතිවරයාව ආරක්‍ෂා කරන බවත් හෙතෙම කීවේය.

වනාතවිල්ලූව පුහුණු කඳවුර පවත්වාගෙන ගියේත්, මවුවරුන් වඳභාවයට පත් කළ වෛiවරයාත් රිෂාඞ්ගේ ගෝලයන් බවත්, අන්තවාදීන් පිටුපස සිටින දේශපාලන ගුරුවරයා රිෂාඞ් බදුර්දීන් බවත්, සිරිකොත නඩත්තු කළේත් ඔවුන් විසින් බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Page 4 of 6