February 29, 2020

ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත්  ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් කිරීමට  ගන්නා ඕනෑම තීරණයකට මුස්ලිම් දේශපාලනඥයින්ගේ පූර්ණ සහය ලබා දෙන බව  කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මන්නාරමේදී පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මන්නාරම රදගුරු නිවසේදී මන්නාරම රදගුරු එමානුවල් ප්‍රනාන්දු හිමිපාණෝ හමු වූ අවස්ථාවේදීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කිතුණු බැතිමතුන් විශාල පිරිසක් මියයාම පිළිබදවද අමාත්‍යවරයා මේ අවස්ථාවේදී සිය සංවේගය සියලු කිතුණු පවුල් වෙත පුද කරණ බව රදගුරු හිමිපාණන් සමග කියා සිටියේය.

මුස්ලිම් දේශපාලනඥයින් සියලු දෙනාම එකතු වී රජය අපහසුතාවයට පත් වන අන්දමට කටයුතු කරණ බවට විවිධ ජනමාධ්‍ය ඔස්සේ යම් යම් මත පල වූවත් ඒ සියල්ලම අසත්‍ය ඒවා බව මෙහිදී අවධාරණය කල රිෂාර්ඩ් බදුයුදීන් අමාත්‍යවරයා මුස්ලිම් අමාත්‍යවරු ඉල්ලා අස්වූයේ බෝම්බ ප්‍රහාරවලට මුස්ලිම්  අමාත්‍යවරු සම්බන්ධ බවට පැතිර ගිය ප්‍රචාරය නිසාත් එම පරීක්ෂණ කටයුතු වලට බාධාවන් සිදුවිය හැකි නිසාත් බවද පැවසීය.

මේ වන විට සියලුම මුස්ලිම් අමාත්‍යවරු හා සෙසු මුස්ලිම් දේශපාලනඥයින් සියලු දෙනාම ඒ චෝදනා වලින් නිදහස් බැවින් යළි අමාත්‍ය ධූර ලබා ගත් බවද අමාත්‍යවරයා මේ අවස්ථාවේදී සදහන් කළේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තේ මුස්ලිම් අන්තවාදී කොටස් බව සදහන් කළ අමාත්‍යවරයා ඔවුන් සමග මුස්ලිම් අමාත්‍යවරු කිසිදු සම්බන්ධයක් නොමැති බවද වැඩිදුරටත් මේ සාකච්ඡාවේදී පැවසීය.

(දිනසේන රතුගමගේ)

රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධුරයක් ලබා දීමට එරෙහිව විරෝධය දැක්වීම සඳහා උන්වහන්සේ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. 

එහිදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

“රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සහරාන් ඇතුළු ත්‍රස්තවාදී කල්ලියට උදව් කිරීම සම්බන්ධව අපි සාක්ෂි රාශියක් ලබා දී තිබෙනවා. ඒ පරීක්ෂණ මෛත්‍රි - රනිල් ආණ්ඩුව මාසයකින් ඉවර කරලා ඔහුට අද ඇමතිකම දීලා තිබෙනවා. ඔවුන් මේ පහරදුන්නේ මේ රටේ හෘද සාක්ෂියට. ඔවුන් මේ පහරදුන්නේ මේ රටේ ජනතාවට, ඔවුන් මේ පහර දුන්නේ ඔවුන් බලයට පත්කරපු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලට. ඒ නිසා තීන්දුව ගන්නේ මහ ජනතාව සමග. දැන් සටනක් තිබෙනවා මොකක්ද මේ සටන මෛත්‍රී - රනිල් ආණ්ඩුවේ බලලෝභී දේශපාලනයට ඉඩ දෙනවද? මේ රට රැක ගැනීම සඳහා එක හඬින් එක බලයක් වෙලා නැගී සිටිනවාද? කියලා. මේ ආණ්ඩුව දින 7ක් තුළ වහාම ගෙද යන්න ඕන. ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත ජනතාවට අපි ආරාධනා කරනවා මෙයත් සමග එකතුවෙන්න කියලා.”

ඇමැතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් ඉතිරි හත්දෙනා ද අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුන් කලින් දැරූ කැබිනට් අමාත්‍ය , රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය ඇමැතිධූරවල දිවුරුම් දෙති.

ඒ අනුව රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මන්ත්‍රීවරුන් දෙදෙනා කැබිනට් ඇමැතිවරුන් ලෙසද ෆයිසාල් කාසීම්, එච්.එම්.එම් ෆාරිස්, අමීර් අලි සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් සිව්දෙනා රාජ්‍ය ඇමැතිවරුන් ලෙසද අබ්දුල් මහරුෆ් මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙසද දිවුරුම් දීමට නියමිතය.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳව කෙරෙන පරීක්ෂණවලට සහය පළ කිරීමක් ලෙස පවසමින් ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරු නව දෙනෙක් ඉකුත් ජූනි මස 3 වැනිදා සිය ධූරවලින් ඉල්ලා අස්වූහ.

ඉන් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්ත්‍රීවරු දෙදෙනා ඉකුත් මස 9 වැනිදා ඔවුන් කලින් දැරූ කැබිනට් ඇමැතිධූරවල දිවුරුම් දුන්හ.

ඉතිරි මුස්ලිම් මන්ත්‍රීවරු 7 දෙනාට ඇමැති ධූර ලබා දෙන්නැයි නිර්දේශ කරමින් ඔවුන්ගේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පෙරේදා (24) යවනු ලැබීය.

ඒ අනුව ඔවුන් හත් දෙනා අද (26) ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.

(ලංකාදීප)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට යළිත්  අමාත්‍යධූරයක් ලබා දීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විරෝධය පල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ  මහතා පුවත්පතකට පවසා ඇත.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන්  රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී තිබියදී යළිත් ඔහුට අමාත්‍යධූරයක් ලබාදීම අනුමත කළ නොහැකි බවත්  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් වන සියලු චෝදනා විභාග කර අවසන් වනතෙක් ඔහුට අමාත්‍යධූරයක් ලබානොදෙන ලෙසට රජයේ ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවැසීය.

එල්ල වී ඇති චෝදනා සියල්ලටම නිවැරදිකරු වුවහොත් පමණක් රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධූරයක් ලබාදීමේදී ගැටලුවක් නැතැයිද හේෂා විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා අතර උණුසුම් වාග් සංග්‍රාමයක් පාර්ලිමේන්තුවේදී ඇතිවිය.

ඒ රිෂාඩ් බද්යුදීන් මහතාට ඉඩම් අක්කර 11000ක් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා චෝදනා කිරිමත් සමග මෙම උණුසුම් සංවාදය ඇතිවිය.

මෙහිදී රිෂාඩ් බද්යුදීන් මහතා ප්‍රකාශ කළේ තමන්ට ඉඩම් අක්කර 11000ක් ඇති බවට ඔප්පුකර පෙන්නුවහොත් තමන් දේශපාලනයෙන් ඉවත්වන බවයි.

එසේ ඔප්පු කිරීමට නොහැකිවුවහොත් එස්.බී. දිසානායක මහතා දේශපාලනයෙන් ඉවත්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

අනතුරුව අදහස් දැක්වූ එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ රිෂාඩ් බද්යුදීන් මහතාගේ පවුලේ අයගේ නමට මෙම ඉඩම් අක්කර 11000 ඇති බවත් ඒ පිළිබඳව ඔප්පු තමන් සතුව ඇති බවත්ය.

අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ සියලුම මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළිත් අමාත්‍යධූර ලබාගැනීමට ඊයේ (11) රාත‍්‍රී පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා පුවත්පතකට පවසා ඇත.

පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එල්ල වූ චෝදනා මාසයක් ඇතුළත ඔප්පු කරන මෙන් පවසමින් සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වූ බවත් කී මන්ත‍්‍රීවරයා මේ වනවිට එම කාලය ඉක්ම ගොස් ඇති බවත් අදාළ චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකිවූ බවත් පවසා ඇත.

එමෙන්ම පාස්කු ඉරුදින ප‍්‍රහාරයට බදියුදීන් මන්ත‍්‍රීවරයාගේ කිසිඳු සම්බන්ධයක් නැති බවට පොලිසිය පවා වාර්තා කර තිබෙන බැවින් රටට සේවයක් කිරීමට නැවත ඇමති ධූර ලබා ගැනීමට තීරණය කළ බවද ඔහු පවසා ඇත.

මෙම තීරණය පිළිබඳව තමන් මේ වනවිට අගමැතිවරයාට දැනුම් දී බවත් එංගලන්තයේ සංචාරයක නිරත ජනාධිපතිවරයා මෙරටට පැමිණි වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අගමැතිවරයා කී බවද ඒ.එච්.එම් ෆවුසි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.   

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.

විශ්වාසභංගයේ සඳහන් කරුණු සත්‍ය වුවත් තමන්ට ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් තම හෘද සාක්ෂියට විරුද්ධව කටයුතු කිරීමට සිදුව ඇති බවත් ඔහු පැවැසීය.

මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

පාස්කු දා බෝම්බ ප්‍රහාරය සිද්ධියෙන් පසුව ඇමැති , රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූරවලින් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවී ඇති අතර බෝම්බ සිද්ධීන් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන මුස්ලිම් ජාතිකයින් සම්බන්ධයෙන් ඔවුහු ජනාධිපතිවරයාට කරුණු කියා තිබේ.

සිද්ධීන් වලට කිසිසේත් සම්බන්ධ නැති මුස්ලිම් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවේ පසුවන බවද ඔවුන් සිදුවීම්වලට සම්බන්ධ නැතිබව තහවුරු කර හැකි ඉක්මනින් නිදහස් කරන්නැයිද එහිදී මුස්ලිම් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දැක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා පුවත්පතකට පවසා ඇත.

නැවත ඇමැතිධූර බාරගැනීම සම්බන්ධයෙන්ද එහිදී ජනාධිපතිවරයා විමසීමක් කළ බවද මුස්ලිම් මන්ත්‍රීවරුන් එක්ව සාකච්ඡා කර නුදුරු දිනකදී තීරණය දැනුම් දෙන බව ජනාධිපතිවරයාට දැන්වූ බවද අමීර් අලී මහතා කීය.

රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඒ.එම්.එච් ෆවුසි , ෆයිසාල් කාසීම්. අලී සහීඩ් මව්ලානා , එම් මන්සූර් යන මන්ත්‍රීවරු එලෙස ජනාධිපතිවරයා හමුවී තිබේ.

ඇමති ධූරයන්ට වඩා රටේ ස්ථාවරභාවය වැදගත් බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කළේය.

මේ මොහොතේ අවශ්‍ය වන්නේ සාමය,සහජීවනය බව ඔහු සඳහන් කළේය. 

හදිසි නීතිය ක්‍රියාත්මක වන අතර එය කඩාකප්පල් කිරීමේ උත්සාහයන්ද දැකගත හැකි බවයි හිටපු අමාත්‍යවරයා පැවසුවේ. 

කෙසේවෙතත් නීතිය සෑම දෙනාටම එක ලෙස ක්‍රියාත්මක විය යුතු බව ඔහු කියාසිටියේය. 

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් දියයුතුවන අතර අහිංසක මිනිසුන්ට හිරිහැර කිරීම නතර විය යුතු බවද බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

ඔහු මෙම අදහස් පළකළේ ඊයේ (08) රාත්‍රියේ කොළඹදීය. 

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ වන කිදේර් මොහොමඩ් සහබ්දීන් අයීෂා මහත්මියට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට සැක කටයුතු ලෙස රුපියල් මිලියන 55ක අධික මුදලක් බැරවීම පිළිබඳ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ පිළිබඳව එම කොට්ඨාසයෙ පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කළේය.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඔවුන් සඳහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට අයත් බැංකු ගිණුම් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.

කොළඹ 07,බෞද්ධාලෝක මාවතේ පදිංචි කිදේර් මොහොමඩ් සහබ්දීන් අයීෂා යන අයගේ පෞද්ගලික ගිණුම් වලට, පෞද්ගලික මූල්‍ය ආයතනයක් විසින් නිකුත් කරන ලද චෙක් පත් මඟින් රුපියල් මිලියන 55කට අධික මුදලක් බැර කර ඇති බවත්, එම මුදල අවස්ථා කිහිපයකදී සැකකටයුතු ලෙස හුවමාරු වී ඇති බවත්, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එම කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ හිටපු අමාත්‍යවරයාගේ බිරිද ඉදිකිරීම් සමාගම් 3ක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන බවයි. 

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ  ඇය අධ්‍යක්ෂ ධුරය දරණ සමාගම් මඟින් කොළඹ කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කර ඇත්දැයි සවිස්තර වාර්තාවක් කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසයි. 

ඒ අනුව එලෙස කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කර ඇත්නම් එම මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලබා දෙන ලෙස මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාට නියෝග කළාය. 

Page 3 of 6