February 29, 2020

ගම්පහ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී රවුෆ් හකීම්, මංගල සමරවීර, රවී කරුණානායක, රිෂාඩ් බදියුදීන් , තලතා අතුකෝරල යන ඇමතිවරුන් ඇතුළු සමස්ත ආණ්ඩුවටම බිම වැටෙන්නට ප්‍රහාරයක් එල්ල කරන ලදී. 

ලන්සා මන්ත්‍රීවරයා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ දැඩි බාධා කිරීම් වලට හා ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් විනාඩි 45ක පමණ වෙලාවක් කළ කතාවෙන් ආණ්ඩුව දැඩි අපහසුතාවයට පත් විය.

රවුෆ් හකීම් අමාත්‍යවරයා අප්‍රේල් 21 පාස්කු ඉරු දින ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හෂීම් සමඟ පැවැත්වූ සම්බන්ධතාවයත් ඔවුන්ගේ සහය මත නැගෙනහිරින් ලබා ගත් ජන්ද පිළිබඳවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සම්බන්ධයෙන් සහරාන් හෂීම්ට කළ බලපෑම් පිළිබඳවත් ලන්සා මන්ත්‍රීවරයා කරුණු හෙළිදරව් කරන ලදී. එම කරුණ ඔහු දෙමළ බසින් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. 

රවුෆ් හකීම් අමාත්‍යවරයා සහරාන් සහ ඔහුගේ සොහොයුරා යන ත්‍රස්තවාදීන් දෙදෙනා සමඟ පැවැත්වූ සබඳතාවයන් මත පාස්කු ප්‍රහාරය පිලිබඳ කරුණු සොයා බැලීමට කථානායකවරයා පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට රවුෆ් හකීම් මහතාට සදාචාරාත්මක අයිතියක් නැති බවද ලන්සා මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දෙන ලදී. 

ලන්සා මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කලේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිලිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව සභාගත කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ විවාදයට එක්වෙමිණි.

රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන්ට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් ඇමතීමෙන් වැලකී සිටින ලෙස මැතිවරණ සංවිධායක කමිටු ඉල්ලීමක් කර තිබේ.

එම අමාත්‍යවරුන් දෙදෙනාට තමන්ගේ දේශපාලන බල කඳවුරු වල පමණක් එනම් රවුෆ් හකීම් මහතාට නැගෙනහිර පළාතෙත්, රිෂාඩ් බදියුදීන් මහතාට පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් රැස්වීම් අමතන ලෙස සංවිධායක කමිටුව ඉල්ලීමක් කර තිබේ. 

රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන් දෙපළටම ඉස්ලාම් අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් සමඟ සබඳකම් පැවැත්වීම පිලිබඳ බරපතල චෝදනා එල්ල වීම සංවිධායකවරුන්ගේ මෙම තීරණයට හේතු වී තිබේ. 

අන්තවාදයට, බෙදුම්වාදයට සහ ත්‍රස්‌තවාදයට සම්බන්ධකම් ඇති බව පවසමින් දේශපාලකයන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කළත් ඒවා සැකයෙන් තොරව ඔප්පුකර නොමැති නිසා ඔවුන් තවදුරටත් නිවැරදිකරුවන් බවත් ඔවුන් සමඟ දේශපාලන ගමනක්‌ යැමට එක්‌සත් ජාතික පෙරමුණට අභියෝගයක්‌ නොවන බවත් හිටපු ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා පුවත්පතකට ප්‍රකාශ කර ඇත.
 
රිෂාඩ් බදියුදීන්, ඒ. එම්. එල්. හිස්‌බුල්ලා, මුජිබුර් රහුමාන්, හලීම්, අසාද් සාලි වැනි දේශපාලනඥයන්ට නොයෙක්‌ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවුවත් ජනාධිපති කොමිෂන් සභා, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා, බුද්ධි අංශ වාර්තා සහ පොලිස්‌ වාර්තා මගින්ද ඔවුනට එරෙහිව කිසිදු චෝදනාවක්‌ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නැතැයි ද හෙතෙම සඳහන් කළේය.
 
චෝදනා සම්බන්ධයෙන් කතා කරන්නේ නම් ජනාධිපති අපේක්‌ෂක ගෝඨාභය රාජපක්‌ෂ මෙන්ම, හිටපු ජනාධිපති විපක්‌ෂ නායක මහින්ද රාජපක්‍ෂ ද අමතක කළ නොහැකි බව ද කී රංගේ බණ්‌ඩාර මහතා චෝදනා තිබූ පමණින්ම කිසිදු පුද්ගලයකු වැරදිකරුවකු වන්නේ නැති බව ද කියා සිටියේය.
 
ඉදිරි ජනාධිපතිවරණයේදී සියලු ජාතීන් නියෝජනය කරන දේශපාලන නායකයන් සමග පිරිසිදු ගමනක්‌ යමින් තම පෙරමුණේ අපේක්‌ෂකයා ජයග්‍රහණය කරවීමට ක්‍රියාකිරීමට ක්‍රියා කරන බව ද හිටපු ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා වැඩිදුරටත් කීවේය.

මෙරට සිටින සියලු ජනතාවට සාමයෙන්, සහජීවනයෙන් ජිවත්වෙන්න පුළුවන් තත්වයක් ඇති කරන කෙනාට අපේ සහයෝගය ලබාදෙන බව කර්මන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

වව්නියාව පට්ටාන්ච්චිචූර් ප්‍රදේශයේ පැවැත්වු ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා එලෙස පැවසුවේය.

තමා ත්‍රස්තවාදයට විරුද්ධ බවත් ත්‍රිවිධ හමුදාව විසින් රැක දුන් සාමය අප සියලු දෙනා විසින් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළයුතු බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහාන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අපේ පක්ෂය අනෙකුත් සුළු පක්ෂ නායකයින් සමඟ මේ වන විට ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ජා කරමින් සිටින අතර, ඉතා ඉක්මනින් අපේ තීරණය සම්බන්ධයෙන් අපි දැනුම් දෙන බවයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස පත්කිරීමට සම්පුර්ණ සහයෝගය දක්වන බව අමාත්‍යවරු 05 දෙනෙකු පාර්ලිමේන්තු කණ්ඩායමට සඳහන් කළ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.

ඒ තම ටුවිටර් ගිණුමේ සටහනක් තබමින්ය.

ඒ අනුව ඇමති පාඨලී චම්පික, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ දිගම්බරන් සහයෝගය දැක්වීමට කැමැත්ත පල කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයින් නාමයෝජනා භාරදුන් පසු තම පක්ෂයේ සහය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කරන බව සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති වැඩසටහනකින් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විටත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද පැවසු ඒ මහතා සියලු තීරණයන් ගනු ලබන්නේ පක්ෂය විසින් බවත් කියා සිටියේය.

නාමයෝජනා කැඳවීමක් හෝ ඡන්දය පැවැත්වෙන දිනයක් සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නොමැති අතර, පක්ෂ දෙකක අපේක්ෂකයින් පමණක් නම් කර ඇතැයි ද පැවසු බදියුදීන් මහතා, සියලු දෙනාම අපේක්ෂකයා නම් කිරීමෙන් අනතුරුව රටට, ආර්ථිකයට හොඳ කවුද කියලා බලලා තීරණයක් ගන්නා බවද පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා දෙමළ ජාතික සන්ධානය සමඟ මේ වන විට සාකච්ඡා කර ඇති බවත් බදියුදීන් මහතා සමඟ සාකච්ජා කළේ ද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

මේ වන තෙක් එවැනි සාක්ච්ඡාවක් සිදු නොකල බව පැවසු අමාත්‍යවරයා, සහයෝගය දෙන්නේ කාට ද යන්න පිළිබඳව මේ මොහොතේ පැවසිය නොහැකි බවත්, වේලාව බලලා තීරණයක් ගන්නා බවත් පැවසීය.

අපට තියෙන්නේ ලෝකය සමඟ තරගයක්. ලංකාව ඇතුලේ නෙමෙයි අපිට තරගය තියෙන්නේ. අද ලෝකයේ විවිධ නව සොයා ගැනීම් කරනවා. ඒ තුලින් ලෝකයේ තාක්‍ෂණය දියුණු වෙමින් පවතිනවා. අපි ලංකිකයන් විදියට ඒ සදහා දැනුමෙන් පරිපූර්ණවු තරුණ තරුණියන් පිරිසක් නිර්මාණය කළ යුතු යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බිදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ, ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වෘත්තීය පුහුණු අධිකාරියට අයත් පුහුණු ආයතනවල පාඨමාලා සාර්ථකව හැදෑරූ පුහුණු ලාභීන් 625 දෙනෙකු සඳහා පසුගිය (22) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරයා,

''මම සතුටු වෙනවා විෂය භාර අමාත්‍යවරයා ලෙස අද ඔබ මෙලෙස ඇමතීමට හැකිවීම ගැන. අද විශ්ව විද්‍යාල සඳහා වසරකට 30,000 ක් පමණ පිරිසක් ඇතුළු වෙනවා. වෘත්තීය පුහුණුව සඳහා ලක්ෂයක පමණ පිරිසක් ඇතුළත් වෙනවා. තවත් ලක්ෂයකට අධික පිරිසක් කිසිවක් නැතුව සිටිනවා.  මීට කලින් වෘත්තීය පුහුණුව සඳහා ඇතුළුවීමට මුදලක් අය කළත් අපගේ රජය වෘත්තීය පුහුණුව නොමිලයේ ලබා දෙන්න තීරණය කළා. හැම එකම නිකන් ලැබෙන කොට ඒවයෙ වටිනාකමක් දැනෙන්නෙ නෑ.  අද අපගේ රජය වෘත්තීය පුහුණුව සඳහා සැලකිය යුතු මුදලක් වෙන් කරලා තියනවා. එසේම අද වෙන තුරු මෙම අමාත්‍යාංශයේ හිටිය මැති ඇමතිවරු ඒ අයට හැකි පමණින් මහන්සිවෙලා වැඩ කරලා තියනවා. අපිට තියන තරගය ලෝකය සමඟ තියන තරගයක්. අපේ තරගය මාතරටයි, ගාල්ලටයි, හම්බන්තොටයි , මන්නාරමයි  අතර තියන තරගයක් නෙවෙයි.  ලංකාව ඇතුළෙ නෙවෙයි අපට තරගය තියෙන්නෙ. අපට තියෙන්නෙ ලෝකය සමඟ තරගයක්. අපි හිතන්න ඕන මම බෞද්ධ, මම හින්දු, මම කතෝලික, මම අම්පාර කියලා නෙවෙයි. අපි හිතන්න ඕන ශ්‍රී ලාංකිකයො හැටියට. අපි මේ රට දියුණු කරන්න ඕන.''

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති නීතීඥ රවී ජයවර්ධන මහතා, අමාත්‍යාංශ හා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නිලධාරීන් ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ. 

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ගේ සහාය ලැබෙන කෙනා මෙවර පරාජයට පත්වෙන බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා  පවසයි.

ඒ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා ගේ සහාය ලැබෙන කෙනා මෙවර පරාජයට පත්වෙනවා. මොකද එතුමත් එක්ක මේ රටේ ජනතාව ඉන්නේ පුදුම වෛරයකින් සහ කළකිරීමකින්. ඒ නිසා රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයාගේ සහය මෙදා පාර ප්‍රාර්ථනා කරන්නේ පරාජය රසවිඳීමට කැමති අය විතරයි. එතුමා සහය දුන් අපේක්ෂකයා ඡන්ද තුනකදී ජයග්‍රහණය කළ බව ඇත්තයි. නමුත් අටලෝ දහමින් කියවෙනවානේ සැපක් ලැබුණොත් දුකක් ලැබෙන බව. ජයග්‍රහණයක් ලදහොත් පරාජයක් ලබන්නට සිදුවන බව. රිෂාඩ් බදියුඩීන් අමාත්‍යතුමනි ඔබගේ ජයග්‍රාහී යුගය අවසන්. දැන් උදාවන්නේ ඔබ පරදින යුගයයි. මේ ත්‍ර්සතවාදය පරදින යුගයයි, අන්තවාදය පරදින යුගයයි, පරිසර විනාශකයන් පරදින යුගයයි, කියන එක මම නොවෙයි මේ රටේ ජනතාව නොවැම්බර් මාසයේ ඔප්පු කරලා පෙන්නාවි."

කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇතිව තිබෙන ගැටලුව සාමකාමීව විසඳා ගැනිම වෙනුවෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මැදිහත්ව ඇති බව එම පක්ෂය නිවේදනය කරයි.

ඒ අනුව කල්මුණේ මුස්ලිම් ජනතාව ඊයේ (05දා) කොළඹදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හා සාකච්ඡාවක් පවත්වා තිබේ.

මේ සඳහා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස් මහතාද එක්ව තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කර ඇත්තේ කල්මුණේ ඇතිව තිබෙන ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදීද මැදිහත්ව කටයුතු කරන බවයි.

තමන් වරදක් කර නොමැති බවත් තමන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙනවානම් එයට  මුහුණදීමට සූදානම් බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.

වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

“විශ්වාසභංග යෝජනාවක් ගේනවානම් අපි මොනවා හරි වැරැද්දක් කරලා තියෙන්න ඕන. මම කිසිම වැරැද්දක් කරලා නෑ කියලා පොලීසියෙන් කිව්වා. පොලිස්පති කිව්වා මම ගැන මොකක් හරි චෝදනාවක් තිබෙනවානම් පැමිණිලි කරන්න කියලා. කල් දුන්නා. පරීක්ෂා කළ කිසි දෙයක් නෑ කියලා කිව්වා. කථානායකතුමාට ඒ ගැන දැනුම් දුන්නා. ආපහු කියනවානම් මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේනවා නම් ඒක දේශපාලන වැඩක්. ඒකට මුහුණ දෙන්න අපි සූදානම් ”

ඉදිරි මැතිවරණවලදි තම පක්ෂය කුමන පාර්ශ්වයකට සහාය දක්වනවාද යන්න පිළිබඳව හෙට (03) පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණයක් ගන්නා බවද ඔහු පැවැසීය.

Page 2 of 6