July 11, 2020

අන්තවාදී හා ත්‍රස්තවාදී කටයුතු වලට සෘජුවම සම්බන්ධ වූ බවටත්, ජාතික සම්පත් තුට්ටු දෙකට මිලදී ගත බවටත් පැහැදිලි ලෙසම චෝදනා එල්ල වන රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට නොගන්නේ වත්මන් ආණ්ඩුවේ කා සමඟ තිබෙන ඩීල් එකක් නිසා දැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රශ්න කරයි.

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව නැගුණු ඉහත සඳහන් චෝදනා එක්සත් ජාතික පෙරමුණු රජයේ බිඳ වැටීමට තදින්ම බලපෑ බවත් එය ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට දැඩි පිටුවහලක් වුණු බවද උන් වහන්සේ පෙන්වා දෙයි. 

රිෂාඩ් බදියුදීන් මහතා කවා පොවා ඇති දැඩි කර ලොකු මහත් කලේ හිටපු අමාත්‍යවරයෙකු වූ බැසිල් රාජපක්ෂ මහතා බව පෙන්වා දෙන රතන හිමියන් පැවති එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව තමන්ගේ පැවැත්ම සඳහා රිෂාඩ් බදියුදීන් මහතාව පෝෂණය කළ බවද රතන හිමියන් සඳහන් කරයි.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ කළ සාකච්ජාවකදීය.

මේ වන විට රිෂාඩ් බදියුදීන් මහතා තමාව අත්අඩංගුවට ගැනීමෙන් වැලකීම සඳහා අපේක්ෂිත ඇප අයැදුම්පතක් ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබේ.

අත්අඩංගුවට ගැනීම වැළැකීම සඳහා උසාවි නියෝගයක් ඉල්ලා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියූදීන් මහතා පසුගිය රජයේ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටි අවධියේ දී අක්කර 350කින් යුත් වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාව වසා දමා සේවකයන්ට වන්දි ලබා දී එම භූමිය නිවස සංකීර්ණයකට පැවරිමට කටයුතු කරන ලද බවට තොරතුරු වාර්තා වේ.

එසේ වසා දමා රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සුත්‍ර යකඩවලට විකිණීමට රිෂාඩ් බදියුදීන් මහතා කැබිනට් අනුමැතියක් ගෙන තිබේ.

1996 වන විට මෙරට කඩදාසි අවශ්‍යතාවයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාවට හැකි වු අතර ඒ වන විට එහි සේවකයන් 3500ක් සිටි අතර අද සිටින්නේ සේවකයන් 07 පමණයි.

වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ප්‍රතිසංස්කරණය කොට එහි නැවතත් කඩදාසි නිෂ්පදානය ඇරඹීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඉන් විදේශවලින් කඩදාසි අනායනයන කිරීමේ දී වාර්ෂිකව යන රුපියල් රුපියල් මිලින 99,000 විදේශ මුදල්වලින් සෑහෙන්න ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට රජය බලාපොරොත්තුවේ.

සුළු ජාතීන් වෙනුවෙන් වැඩ කරන අපේක්ෂකයෙක් තෝරගත යුතු බැවින් එළැඹෙන මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානයට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, එම පක්ෂයේ කාර්යාලයක් වවුනියාව ප්‍රදේශයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරත් අදහස් දැක්වු රිෂාඩ් බදියුදීන් මහතා,

"පාර්ලිමේන්තු මැතිවරණයක් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකෙදී සුළු ජාතික ජනතාව තමන් වෙනුවෙන් කථා කරන, වැඩ කරන අපේක්ෂකයෙක් තෝරගන්න ඕනේ. 

එහිදී සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සන්ධානය සමග එක්ව තරග කරන්න අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඒවගේම ඇතැම් ප්‍රදේශවල අපි තනිව තරග කරනවා. ඒ අනුව අන්තවාදී, ත්‍රස්තවාදී කල්ලි පරාජය කරන්නත් අපේ සන්ධානය එකමුතුව වැඩ කරනවා. 

ප්‍රශ්නය - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සම්මේලනයේදී රවුෆ් හකීම් කියනවා දෙමළ ජාතික සන්ධානය එක්ක එකතුවෙලා ඡන්දය ඉල්ලන එක හොඳයි කියලා. ඒ ගැන ඔබේ කැමැත්තක් තියෙනවාද?

මහ ජාතිය නියෝජනය කරන සමහරු වර්තමානයේ සුළු ජාතීන්ව කොන් කරන්න කටයුතු කරමින් ඉන්නවා. එයින් ඇතිවිය හැකි භයානක තත්ත්වයෙන් මිදෙන්න නම් සුළු ජාතික පක්ෂ සියල්ල එක්ව කටයුතු කිරීම රටට හොඳයි. 

යුද්ධය නිසා අපිට ගොඩක් දේවල් අහිමි වුණා. දැන් ඉන්න මහ ජාතිය නියෝජනය කරන දේශපාලඥයෝ ඒක පාඩමක් විදිහට අරගන්න ඕනේ. සුළු ජාතීන්ගේ හිත කඩලා එයාලව තරහගස්සන එක රටට හොඳ නැහැ."

තමන්ට ඇමෙරිකාවේ ගිණුමක් ඇති බවටත් එයට ඇමෙරිකානු ඩොලර් 100000ක මුදලක් තැන්පත් කර ඇති බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ චෝදනාව ඔප්පුකර පෙන්වන ලෙස අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා විමල් වීරවංශ මහතා අභියෝග කළේය.

අද (11) කොළඹ පිහිටි සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ඔප්පු කොපි සිය ගණනක් CID යට හම්බවුණා කියලා එතුමා තව බොරුවක් කියලා තියෙනවා. CID පරීක්ෂණයක් තිබෙනවානම් ඒක ඉවරවෙන්න කලින් මේවා කියන්න එතුමා පොලිස් ඇමතිවරයද? එහෙම නැත්නම් CID එක්ක හොර සබඳතාවක් තිබෙනවාද? මම එතුමාට අභියෝග කරනවා CID දාලා පරීක්ෂණ කරන්න මට එහෙම ඔප්පු දහස් ගණන් සිය ගණන් නෑ. ඡන්ද කාලේදී මට විරුද්ධව කථා කරන ඇමතිවරු ඉන්නවා. ඒ වගේ ඉඩම් තියෙනවානම් දූපතක් තියෙනවානම් ආණ්ඩුවට පවරා ගන්න කියලා මම කිව්වා. මේ වගේ චෝදනා කරද්දී හරියට බලාලා කියන්න ඕන. සතොස භාණ්ඩ ගනිද්දී ගුණාත්මක නොවන භාණ්ඩ ගත්තා කියලා චෝදනා කරනවා. මට ආයතන 42ක් තිබ්බා. මේ වගේ චෝදනාවක් ආවේ නෑ. මේ භාණ්ඩ ගන්නේ කමිටු පත්කරලා, ගුණාත්මක බව බලලා. එතුමා මම ගැන සිංහල ජනතාවට බොරු කියනවා. සතොස වාහන සහරාන්ට දුන්නා කිව්වා. මේවා ඔප්පුකරන්න පුළුවන්. දැන් ආණ්ඩුව ඇවිත් මාස තුනක් වෙනවා. මාව හිරේ දාන්න පුළුවන්නේ. එතුමා කියන චෝදනා සම්පූර්ණ අසත්‍යයි. මම නීතිඥවරු මාර්ගයෙන් කෝටි 100ක වන්දි ඉල්ලා එන්තරවාසි යොමුකර තිබෙනවා. සති දෙකක් එතුමාගේ උත්තර බලනවා. ඊට පස්සේ මම නඩු මගට යනවා.”

රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බද්යුදීන් නමැත්තා ලබන 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝග කළාය.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ගලයෙකුට අයත් රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනාකමකින් යුත් ඉඩම් අක්කර 40 ක් ව්‍යාජ ඔප්පු සකස් කර අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෆ්කාන් බදියුදීන් නැමැත්තා රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළහ.

සැකකාර රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයා මෙම අපරාධයට සම්බන්ධ බවට නිශ්චිත කරුණු කිසිවක් නොමැති හෙයින් ඔහු ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් රහස් පොලීසිය සඳහන් කර සිටියේ සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

සැකකරු විමර්ශන අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවේ සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බව ප්‍රකාශ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඒ අනුව සැකකරු ලබන 06 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළාය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නොතාරිස්වරයෙකු බව කියන පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට ද අධිකරණය විසින් අද නියෝග කර තිබුණි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රිෆ්ඛාන් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ ඔප්පු යොදාගනිමින් තලෙයිමන්නාරම ප්‍රදේශයේ ඉඩමක අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.  

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ආණ්ඩුවට එක්වීමට තමන් ඇතැම් දේශපාලකයන් හා රහසේ සාකච්ඡා පැවැත්වූ බවට වාර්තාව තොරතුරු අසත්‍ය බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

එසේම තමන් ඉදිරියටත් විපක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.

මන්නාරමේ නැවත පදිංචි කිරීම සඳහා තමනට උදව් කරන ලද්දේ රාජපක්ෂ ආණ්ඩුව විසින් බව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

ගස් කැපීම පවක් යයි තම ආගමෙන් සඳහන් කර ඇති බවද කී හිටපු ඇමතිවරයා තමන් විසින් විල්පත්තු වනය විනාශ කර ඇත්නම් දිය හැකි උපරිම දඬුවම දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවූ බවද පැවසීය.

වසර 15-16ක් තමන් ඇමතිධුර දරා ඇති බවත් ඒ සියලු කාලයන්හි තමන් රට වෙනුවෙන් කැප වූ බවත් කී ඔහු ‘පුලුවන්නම් මාව හිරේ දාපං’ යයි අභියෝගයක්ද කළේය.

ඔහු මෙම අදහස් පළකරන ලද්දේ මට්ටක්කුලියේ දී පැවති ජන හමුවක් අමතමිනි.

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කළ බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

පාස්කු ප්‍රහාරය සිදු වූ දිනට පසුව අමාත්‍යංශයට අයත් වාහනයක් සමඟ අමාත්‍යවරයාගේ සොයුරා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අමාත්‍යවරයා මෙසේ පැමිණි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

විල්පත්තු ජාතික වනෝද්‍යානය හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීම සම්බන්ධයෙන් අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

තමන්ව ඉලක්ක කරගනිමින් තමන් නොකරන ලද ක්‍රියා සම්බන්දයෙන් විවිධ විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ඔස්සේ සේම මහජනතාව අතරද පදනම් විරහිත අසත්‍ය චෝදනා ප්‍රචාරය කරමින් පටු දේශපාලනික අරමුණු ඉටු කර ගැනීමට හා ජාතිවාදය ඇවිලවීම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින මන්ත්‍රීවරයා එම ලිපියේ සඳහන් කර තිබේ.

එම ලිපිය මගින් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට සුබ පැතුම්ද එක් කර ඇත.

මන්ත්‍රීවරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වු කරුණු පහත සඳහන් වේ.,

" පසුගිය රජයේ අමාත්‍යධූරය හොබවමින් සිටියදීම මා ඉලක්ක කරගනිමින් චෝදනා එල්ල කිරීමට මෙම පිරිස් කටයුතු කළ අතර එම චෝදනා අතරින් විල්පත්තු රක්ෂිතය හෙලිකර මුස්ලිම් ජනයා පදිංචි කරවීම හා ත්‍රස්තවාදී සහරාන් සමග සම්බන්ධතා පැවැත්වීම යනාදිය මූලික වේ. 

එම චෝදනා වචනයට පමණක් සීමා වී කිසිදු සත්‍යතාවයකින් හෝ වලංගු භාවයකින් තොර හුදෙක් පටු වාසි ලබාගැනීමේ අරමුණින් කල චෝදනාවන් බව ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි.

තවද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මා සම්බන්ධ බවට එල්ල වූ චෝදනා සදහාද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් විමර්ෂණය කළ අතර පොලීසිය මගින් කල පරීක්ෂණ හමුවේද මා නිර්දෝශී බව පවසමින් එවකට සිටි වැඩබලන පොලිස්පතිවරයා විසින් ගරු කථානායකතුමා වෙත වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදි. 

එහෙත් මේ පිරිස් විසින් මෙම මාතෘකාවන් නැවත නැවතත් වැරදි ආකාරයකට කරළියට ගෙනවිත් මේ සිදුකරමින් පවතින මඩ ව්‍යාපාරයෙන් අපහසුතාවයට පත්වන්නේ මාගේ අසරණ සමාජය බව දැන්වීමට කැමැත්තෙමි. 

එකාමෙන් සමගියෙන්  ජීවත්වන අපගේ මේ මාතෘ භූමියේ ආගම්, ජාති, කුල, බේද ඇති කර රට අස්ථාවර කිරීමේ උත්සාහයක මේ පිරිස යෙදෙන බවද ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි. 

තවද විල්පත්තු රක්ෂිතය තුළ රජයේ ඉඩම් කිසිවක් මාගේ බලය අයථා ලෙස භාවිතා කරමින් විනාශ කර නොමැති බව ඔබතුමාගේ විශේෂ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමි.

 1990 වසරේ උතුරු ප්‍රදේශයෙන් අවතැන්වූ මුස්ලිම් ජනතාව හට 2009 වසරෙන් පසුව තම ගම්බිම් වල නැවත පදිංචි වීමේ අවස්ථාව උදාවූ අතර මෙම අවස්ථාව උදාකර දීම සදහා ඔබතුමා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ලබාදුන් සහයෝගය මා ඉතාමත් කෘතඥපූර්වකව මතක් කිරීමට කැමැත්තෙමි. 

වසර 30 ක පමණ කාලයක් මුළුල්ලේ අත්හැර දමා තිබූ මෙම ගම්බිම් වල් බිහිවී සුවිසල් වනයක් බවට පත්විය.

 එබැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය වන රක්ෂිතයක් වශයෙන් නම් කරන ලදි. නමුත් මෙහි යථාර්ථය අවබෝධ කරගත් එවකට සිටි අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් පත්කර එමගින් මෙම ජනතාවගේ ඉඩම් හදුනාගෙන ක්‍රමානුකූලව ඔවුන්ව නැවත පදිංචි කරවීම සදහා කටයුතු කරන ලදි. 

මෙම විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් විවිධ වූ සාකච්ඡා හා රැස්වීම් සමාලෝචන ආදිය පවත්වා මෙහි සත්‍ය අවබෝධ කළ අතර පරිසරවේදීන් විසින්ද එය පිළිගන්නා ලදි. 

කරණු මෙසේ තිබියදීත් දිගින් දිගටම මෙම සිද්ධිය පිළිබදව අසත්‍ය චෝදනා ඉදිරිපත් වෙමින් පවතින බැවින් එම චෝදනා වල සත්‍යතාවය රටට හෙලිකිරීම සදහාත් අප රටේ වටිනා ස්වභාවික සම්පතක් වු විල්පත්තු වනෝද්‍යානයට යම් හෙයකින් හෝ  හානියක් වී ඇත්නම් ඒ සදහා වගකිවයුත්තන් කවුරුන්දැයි සොයා බැලීම සදහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කර ඊට අදාල ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

තවද පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින මුලු මහත් ජනතාවම ශෝකයට පත්කරමින් සිදු වු ඒ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සිදුකල ත්‍රස්තවාදීන් සමග මා සම්බන්ද යැයි පවසමින් කරන අසත්‍ය චෝදනා සම්බන්දයෙන් දැනටමත් පරීක්ෂණ පවත්වා මා නිවරැදි බවට තහවුරු වී ඇතත් අවශ්‍යනම් නැවත ජනාධිපති කොමිසමක් පත්කර එම ප්‍රහාරය සම්බන්දව විශේෂ පරීක්ෂණයක් කරන මෙන්ද ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමි. "

Page 1 of 6